ලෝකේ පුරා අසන්නට දකින්නට ලැබෙන විශ්වාස කල නොහැකි අපූරූ සිදුවීම් බෙදාගන්න තමයි මේ ත්‍රෙඩ් එක පටන් ගන්නේ.ඔයාලත් එහෙම දේවල් දන්නවා නම් මෙතන දාන්න.අපි මුලින්ම පටන් ගන්නේ ලංකාවේ පුවතකින්...
මේ කතාව ඇහෙන්නේ ජපානෙන්.පහළ තියෙන රූපේ ඉන්නේ ජපානේ ජීවත් වෙන මැකාක් කියන වඳුරු විශේෂයේ පිරිමි සතෙක්.එතකොට අනෙක් සතා සිකා කියන මුව විශේෂයේ ගැහැණු සතෙක්..බැලූ බැල්මට පෙන්නේ වදුරා මුවාගේ මාර්ගයෙන් නොමිලේ ප්‍රවාහන සේවය ලබා ගන්නවා වගේද? නෑ.
මේ සිද්ධිය නිරීක්ෂණය කරපු පර්යේෂකයෝ කියන්නේ වදුරා තමන්ගේ උකුල් ප්‍රදේශය මුවාගේ පසුපස කොටසේ දිගින් දිගටම වද්දවමින් හිටියා කියලා.ඒ කියන්නේ වදුරා මේ මුවදෙන එක්ක ලිංගිකව එකතු වෙන්න උත්සාහයක් ගෙන තියෙනවා කියන එක.
සත්ව රාජධානියට නම් මේ දේවල් අලුත් දෙයක් නෙමෙයි කියලා පර්යේෂකයෝ කියන්නේ.විශේෂයෙන් වදුරෝ තමන්ගේ විශේෂයට හුගක් සමීප විශේෂ එක්ක මේ විදියේ හැසිරීම් පෙන්වනවලු.කොහොම වෙතත් මේ රූපයේ ඉන්න මැකාක් වඳුරා පිරිමි සත්තු පමණක් ඉන්න කණ්ඩායමකලු ජීවත් වුනේ.ඒ වගේම ඒක පහල සමාජ මට්ටමක්ලු.ඒ කියන්නේ මොවුන්ට් ගැහැනු සතෙක් සමග එක් වන්නට අනෙක් විවිධ බාධා මතුවෙනවලු අනෙක් පිරිමි සතුන්ගෙන්.
මේ සත්තු ජීවත් වෙන්නේ ජපානයේ යකුෂිමා දූපතේ.මැකාක් වඳුරන් හිම වඳුරන් විදියට තමයි ප්‍රසිද්ධ.ඔවුන්ගේ අසල්වැසියෝ තමයි සිකා කියන මුව විශේෂය.මේ මුවන් යැපෙන්නේ වඳුරෝ ගස්වලින් කඩලා දාන පළතුරු මත.මේ වඳුරෝ ගමන් බිමන් යන්න මුවන් පාවිච්චි කරනවා කියලා විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා.හරියට මිනිස්සු අශ්වයන් පාවිච්චි කරනවා වගේ.
කොහොම වුනත් වඳුරෙක් මුවෙක් එක්ක ලිංගිකව එක්වන්නට උත්සහා කරනවා නිරීක්ෂණය වුන ප්‍රථම වතාව මේක කියලා තමයි සඳහන් වෙන්නේ.මීට කලින් 2008 අවුරුද්දේ ඇන්ටාක්ටික් සීල් කියන ක්ෂීරපායි සතෙක් කින් පෙන්ගුවින් සතෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න උත්සාහ බව පර්යේෂකයින් නීරීක්ෂණය කරලා තියෙනවා.


