⭕ බිං කුණ්ඩන් සහ භෞතික විද්‍යාව...😮

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    ⭕ බිං කුණ්ඩන් සහ භෞතික විද්‍යාව...😮

    14F75E47-36FA-43E0-A533-D1343DA22ED8.jpeg
    A167477F-698C-4D1D-BEB7-837031C90E26.jpeg
    AD47A8D8-CCCE-4BF5-8DB8-6EF3CFE2D04D.jpeg
    5CA1437F-88CE-4BBE-AECF-427C53220F25.jpeg


    " බිංකුණ්ඩෝ බොල බිංකණුඩෝ උඹත් නටාපිය මාත් නටන්නම්..."

    කියලා අල්ලේ තියලා පොඩි කාලේ නටවපු බිංකුණ්ඩා කියන්නේ භෞතික විද්‍යාවේ එක තැනක භාවිතයක් දශ⁣මයට පුහුණු කරපු සතෙක් කියලා ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. ඒ වගේම තමයි මේ බිංකූණ්ඩා කියන්නේ ගොඩ දෙනෙක් හරියටම සම්පූර්ණ ජීවිත කථාව නොදන්න අපූරැ සත්වයෙක්.

    මුලින්ම බිංකූන්ඩන් ගේ විස්තර ගත්තොත් මේගොල්ලෝ අයත්වෙන්නේ Myrmeleontidae කුලයට. මේකට විශේෂ 2000කට ආසන්න ගණනාවක් අයත්වෙන නිසා පොදුවේ බිංකුණ්ඩෝ කියල විස්තරේ ගෙනියන්නම්. ඇත්තටම ගත්තොත් අපි මේ බිංකුණ්ඩො කියන්නේ මේ කුලයට අයත් කෘමීන්ගේ කීට අවස්ථාවට. මේගොල්ලන්⁣ට ඉංග්‍රීසියෙන් Doodle bug හෝ antlion කියලා තමයි කියන්නේ.

    මේ දෙකටම අපූරැ හේතු දෙකක් තියනවා.ඒවා ඉදිරියට විස්තර කරන්නම්.ඇත්තටම මෙගොල්ලන්ගේ සුහුඹුල් හෙවත් ජීවන චක්‍රයේ අවසාන අවස්ථාව තමයි antlion lacewing කියන බත්කූරෙක් වැනි කෘමී අවස්ථාව. සමහර වෙලාවට මෙහෙම පියාඹන antlion lacewing කියන බිංකුණ්ඩංගේ පරිණත අවස්ථාව කෙනෙක් බත්කූරෝ කියලා වරදවා වටහගන්නත් පුලුවන්. නමුත් මේ දෙගොල්ලෝ වෙනම සත්ව කාණ්ඩ දෙකක්.

    මේගොල්ලන්ගේ ජීවන චක්‍රය ගත්තම බිත්තරවලින් කීටයන් හෙවත් බින්කුණ්ඩන් ඇතිවෙනවා.ඉන් කාලයක් බින්කුණ්ඩන් විදිහට ඉඳලා කෝශයක් හදාගන්නවා. අනතුරැව රෑපාන්තරණයක් වෙලා බත්කූරෙක් වැනි sandlion lacewing බවට පත්වෙනවා. ඔන්න දැන් තමයි හොඳම කොටස. මෙන්න මේ ජීවන චක්‍රයේ කීට අවස්ථාව කියන්නේ අපි පොඩිකාලේ බිංකුණ්ඩෝ අල්ලේ නටවනකොට වැරදිලාවත් නොහිතපු දේවල් කරන ඝාතකයෙක්ගේ ස්වභාවයක්.

    ඒ කථාව මෙහෙමයි. මම මුලින් කිව්ව වගේ බිංකුණ්ඩන්ට Doodle bug එහෙම නැත්තං antlion කියන්න හේතු තියනවා. මේකේ පළවෙනියට කියන doodle bug කියන නම කියන්නේ මෙයා ඉන්න වැලි තියන පරිසරය පුරා එහේ මෙහේ ගමන්කරමින් doodle art වගේ විවිද කලාත්මක රටා වැල්ල පුරා ඇතිකරන පුංචි කලාකාරයෙක් නිසා. හැබැයි මෙයා නිකන්ම නිකන් කලාකාරයෙක් නෙමෙයි තමන්ගේ තරම එක්ක සසඳනකොට බොහොම බිහිසුණු කලාකාරයෙක්. අන්න ඒක නිසයි මෙයාට කියන දෙවනි නම වෙච්ච antlion කියන්නේ. මෙන්න මෙතනදී තමයි මෙයාගේ අවුරැදු දහස්ගාණක් පුරා පරිණාමය විසින් සුසරකරපු ජානවල තියන භෞතික විද්‍යාව පාවිච්චි කරන්නේ.

    ඒක විස්තර කරනව නම්, බිංකුණ්ඩා කියන කීට අවස්ථාව කියන්නේ ප්‍රභල විලෝපික අවස්ථාවක්. මේකෙදී මෙයා ප්‍රධාන වශයෙන් යැපෙන්නේ කූහුඹුවන් ගොදුරුකරගෙන. ලෝකයේ උත්තර සහ දක්ශිණ ද්‍රැව දෙක ඇරැනම හැම තැනක්ම බොහොම සාර්ථකව ජයගත්ත කෘමී කාණ්ඩයක් වෙච්ච කුහුඹුවන් කියන්නේ එහෙම ලේසියෙන් මේ වගේ ජීවිතේ තාම හරියට සම්පූර්ණ කරලත් නැති අතරමැදි අවස්ථාවක ඉන්න සතෙක්ට ලේසියෙන් ගොදුරැවෙන අය නෙමෙයි. නමුත් බිංකුණ්ඩෝ කුහුඹුවන් ගොදුරැ කරගන්න භෞතික විද්‍යාවේ මූලධර්ම දශමයට ගලපලා උගුලක් හදනවා. අන්න ඒ උගුල් තමයි ඔය අපි වැලිගොඩවල්වල දකින පුංචි පුනීලාකාර වලවල්.

    කෙනෙක් හොඳට නිරීක්ෂණය කරල තියනව නම් බිංකුණ්ඩෝ මේ විදිහට ගුල් හදන්නේ ටිකක් සිණිඳු වැලි තියන තැන්වල. මෙතනදී බිංකුණ්ඩා කරන්නේ උගුල හදන්න ඕන තැන කේන්ද්‍රයේ ඉඳන් ක්‍රමයෙන් වැලි පිටිපස්සට වීසිකරන එක. මේක ක්‍රමක්‍රමයෙන් පුංචි පුනීලාකාර වලක් බවට පත්වෙනවා. හැබැයි මෙතනදී මේ වල නිකන්ම නිකන් හදන වලක් නෙමෙයි, මේකේ බිත්තියේ ආනතියට නිශ්චිත කෝණයක් තියනවා. මේ කෝණය බිංකුණ්ඩන් විශේෂයෙන් විශේෂයට වෙනස් වෙන්න පුලුවන්. මොකද මේකෙන් අල්ල ගන්න පුලුවන් නිශ්චිත පරාසයක විශාලත්වයක් තියන කුහුඹුවන් විතරයි. ඕනවට වඩා ලොකු හෝ කුඩා කුහුඹුවන් මේකට අහුවෙන්නේ නෑ.

    මේක පිටිපස්සෙ තියන භෞතික විද්‍යාත්මක මූලධර්ම ගත්තොත්, මේ උගුලේ ආනතියට තියන කෝණයට භෞතික විදාවෙදී avalanche angle කියලා කියනවා. මේකෙදී මේ බිත්තියේ තියන වැලිකැට පහලට පෙරලිලා එන්න ඔන්න මෙන්න තියන අවස්ථාවක පවත්වගන්න ඕන කෝණය තමයි ඔය avalanche angle කියන්නේ. ඒ කියන්නේ පොඩි අමතර බලයක් වැටුනත් වැලි කැට බිත්තිය කඩාගෙන වැටෙනවා. හරියට විදෙස් චිත්‍රපට හෝ ප්‍රවෘතිවල දකින හිම කඳු කඩාගෙන පහලට වැටෙනවා වගේ. ඉතින් වැල්ල මැද මෙහෙම වලක් තිබුනම එතනින් යන කූඹියෙක් මේ වලක් වගේ තියන උගුලකට වැටුනොත් එයාට බිත්තිය දිගේ නැගලා උඩට එන්න බෑ.මොකද උඩට එන්න උත්සහ කරන්න කරන්න වැලි බිත්තිය කඩාගෙන වැටිලා කූඹියව වල පතුලට වැටෙනවා. එතකොට වල පතුලේ මැද ඉන්න බිංකුණ්ඩා කූඹියව අල්ලගන්නවා. අලල්ගෙන කූඹියා අඩපණකරන විශ ශරීරයට ඇතුල් කරනවා. පස්සේ ශරීරය ඇතුලට ජීර්ණ එන්සයිම ඇතුලත් කරලා සම්පූර්ණ යුශ උරා⁣⁣බීලා පිට සැලිල්ල විතරක් උගුලෙන් එලියට විසිකරනවා.

    හැබැයි ගොඩක් බර ලොකු කූඹියෙක් උනොත් මේ විදිහට උගුලට අහුවෙලා උඩට එනකොට මේ බිත්තියේ තරමක් ලොකු වලවල් හැදිලා පහලට ලිස්සලා යන බලයට වඩා විශාල ප්‍රථිරෝධයක් ඇතිකරගෙන එයාට උඩට එන්න පුලුවන් වෙනවා. ඕනවට වඩා පොඩි කුඹියෙක් වැටුනොත් උඩට එනකොට මේ බිත්ති කඩන් වැටෙන්නේ නැති තරමේ බලයක් ⁣යෙදෙන නිසා ඒත් උඩට එන්න පුලුවන් වෙනවා.ඒක නිසා එක එක විශේෂයේ බිංකුණ්ඩෝ හදන ගුලේ ආනතිය අනුව ඒ විශේෂයට ගැලපෙන තරමේ කූඹි විතරක් ගොදුරැ කරගන්න පුලුවන් වෙනවා. හදිස්සියෙවත් මේ විදි⁣හට හදන ගුලට එන කූඹියෙක් මොන විදිහකින් හරි ගුලෙන් එලියට යන්න හැදුවොත් ඒක නවත්තන්නත් බිංකුණ්ඩෝ දන්නවා. ඒ වගේ වෙලාවකදී ඒගොල්ලෝ කරන්නේ වල මැද ඉඳන් තව තව වැලි බිත්තිය දිහාවට වීසි කරන එකයි. මේකෙන් වෙන්නේ උගුලේ වැලි බිත්තිය තව තව අස්ථාවර වෙලා පහලට කඩන් වැටෙන එකයි. ඒක නිසා අතිශය වාසනාවන්ත අවස්ථාවක ඇරෙන්න කූඹියෙක්ට ගැලවෙන එක ලේසි නෑ.

    කොහොම හරි මේ විදිහට ගොදුරැ අල්ලන් ජීවත් වෙන බිංකුණ්ඩෝ පස්සේ ⁣ජීවිතේ ඊළඟ පියවරට යන්න කෝශයක් හදාගෙන රෑපාන්තරනයකට ලෑස්තිවෙනවා. පස්සේ මේ කිසිදෙයක් නොවෙච්ච ගානට තටු හදාගෙන ඉගිලෙන්න ගන්නවා.

    උපුටාගැනීමකි..
    (පින්තූර ගෞරවය මුල් හිමිකරැවන් සතුයි)

    - Thank You...😮 -
    - Book Review With Lakshan 🌹🖤 -
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හරියට රනිල් රාජපක්ෂ වගේ මේ බිoකුණ්ඩා. @monson @2osama @elajani @erozan @ESL @Kiri Kawadi @N A K A M U R A 🤭 🤭 🤭 🤭



    @Cypress @Maui_15 @Xi Jinping @hasithayad :rolleyes::rolleyes::rolleyes:

    @2osama වගේ ලොල්ලෙක් බයියෙක් බවට රූපාන්තරණය කරලා ආපහු ටොබයියෙක් බවට රූපාන්තරණය කරන්න රනිල් රාජපස්සට පුලුවන් :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    @2osama වගේ ලොල්ලෙක් බයියෙක් බවට රූපාන්තරණය කරලා ආපහු ටොබයියෙක් බවට රූපාන්තරණය කරන්න රනිල් රාජපස්සට පුලුවන් :rofl:
    උඹේ අම්මාව දෙකට නමලා එකපාරක් පුකේ ඇරිය නම් රූපාන්තරණය කරලා ගන්න පුළුවන් Http
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹේ අම්මාව දෙකට නමලා එකපාරක් පුකේ ඇරිය නම් රූපාන්තරණය කරලා ගන්න පුළුවන් Http
    උඹෙ අම්මට මයිනා පුකේ ඇරිය වගේද? තාත්ත පොන්නයෙක් වගේ බලන් හිටිය නේද? :sorry:

    නැත්තං තාත්තටත් පුකේ ඇරලද ගියේ :rofl:
     
    • Haha
    Reactions: Kumbhakarna22