අලව්දීන්, බදුර්දීන් අමාත්‍යවරයාගේ මවගේ ස

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අලව්දීන්, බදුර්දීන් අමාත්‍යවරයාගේ මවගේ ස

    සුගියදා දෙමටගොඩදි එල්ලවූ ප්‍රහාරය සම්බන්ධ තොරතුරු විමර්ශනය කරන පොලිසියට එහිදී මියගිය කාන්තාව ගැන විවිධ තොරතුරු මේ වනවිට රැස්කරගන්නට හැකිව තිබේ.
    සාමාන්‍යයෙන් අයිඑස් සංවිධානය කාන්තාවන් සිය ප්‍රහාරකයින් ලෙස යොදාගන්නා අවස්ථා විරලවීම මත එම ලංකාවේ නියෝජිතයින් අලුත් දෙයක් සිදුකරමින් මරාගෙන මැරෙන පුරුෂයින්ට අමතරව කාන්තාවකද මෙහිදී යොදාගැනීම
    විශේෂිතය.
    ඇය කුළුබඩු ව්‍යාපාරිකයාගේ එක් පුතෙකුවූ මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ බිරියවූ ෆාතිමා ඉල්හාම්ය. සැමියා ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරවීමටත් සැමියාගේ අයියා සිනමන් ග්‍රෑන්ඩ් පිපිරවීමටත් සම්බන්ධ වෙද්දී ඇය ඇතුළු පිරිස දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ නිවසේ සිටියහ.

    නිවාස 8 කින් යුත් නිවාස සංකීර්ණයක් ලෙස කුළුබඩු


    ව්‍යාපාරිකයා සහ ඥාතීන් විසූ මෙම නිවාස පෙළේ ඇය සිටියේ මහගෙදරයි. එම නිවසේ නිදන කාමර 6 ක් තිබූ අතර කුළුබඩු ව්‍යාපාරිකයාගේ පවුලේ කිහිප දෙනෙකුම පවුල් පිටින් එහි වාසය කළ බව කියැවේ.

    කුළුබඩු ව්‍යාපාරිකයාගේ ලේලිය වූ ඇය පොලිසිය නිවස වටළන මුල් අවස්ථාවේ පොලිසියට එරෙහිව පළමු ප්‍රහාරය සිදු කළ නිසා පොලිසියේ තිදෙනෙකු මරුමුවට පත්විය. දෙවන අවස්ථාවේත් ඇය ප්‍රහාරය එල්ල කරගත්තේ ස්ලැබ් එකක් යට සිට බව කියැවෙන අතර ස්ලැබ් එක කඩාවැටී ගැබිණියකවූ ඇයත් පිරිමි දරු දෙදෙනත් මරුමුවට පත්විය.

    මෙම ප්‍රහාරය සිදු කළේ පොලිසිය පැමිණි නිසා වන අතර ඇයට මරාගෙන මැරෙන ඉලක්කයක් පසු දිනෙක තිබෙන්නට ඇති නමුත් පොලිසියෙන් බේරෙන්නට බැරිතැන ඇය සියදිවිනසාගන්නට ඇති බවත් පරීක්ෂණ නිලධාරීන් සැකකරයි.

    මේ ආකාරයට මියයාමෙන් පසුව ෆාතිමා ඉල්හාම් ගැන කළ විමර්ශන අනුව පිටකොටුවේ


    ‘අලව්දීන් ජුවලර්ස්’’ නමැති රන්බඩු ආයතනය පවත්වාගෙන යන අලව්දීන්ගේ දුව ඇය බවට කරුණු වාර්තාවී තිබේ.
    අලව්දීන්, බදුර්දීන් අමාත්‍යවරයාගේ මවගේ සොහොයුරකු වන අතර ඔහුගේ පක්ෂයේ භාණ්ඩාගාරික බවද වාර්තාවේ.

    සිංගප්පූරුවේ, මැලේසියාවේ මෙන්ම මන්නාරමේ නිවාස දෙකක්ද ඔහුට හිමි බව පැවසේ.

    මරාගෙන මැරෙන ප්‍රහාරයට පෙර සහරාන් සමග කළු හැඳගත් පිරිස දිවුරුම් දෙමින් එකට සිට ලබාගත් වීඩියෝවේ එක් අවස්ථාවක පසුපසට වෙන්නට සිරුර සඟවාගෙන සිටින්නේත් පසුව අත් එකට තබා දිවුරුම් දෙන අවස්ථාවේ බ්‍රේස්ලට් එකක් පැළඳගෙන උඩින්ම අත තබාගෙන සිටින්නේත්

    මෙලෙස මියගිය ෆාතිමා ඉල්හාම් බවට පොලිසිය සැකකරයි.
    ඇගේ ප්‍රහාරය සිතූ ආකාරයට එල්ලකරන්නට බැරිව ගිය අතර නිරපරාදේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු හා දරුවන් මරණයට පත්විය.


    lets eat pork
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    ඉතිං නීතිය ක්‍රියාත්මක කරන මැට්ටන්ට එක්ව ඇතුලට අරගෙන විමර්ශන කරන්න බැරි ඇයි? ඒක එළියෙ ඉඳගෙන ඇමති වරප්‍රසාද වලින් ගේම ගහනවා... මෙහෙමත් බූරු විමර්ශන. සාමාන්‍ය මිනිහෙකුට ඔහොමද?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉතිං නීතිය ක්‍රියාත්මක කරන මැට්ටන්ට එක්ව ඇතුලට අරගෙන විමර්ශන කරන්න බැරි ඇයි? ඒක එළියෙ ඉඳගෙන ඇමති වරප්‍රසාද වලින් ගේම ගහනවා... මෙහෙමත් බූරු විමර්ශන. සාමාන්‍ය මිනිහෙකුට ඔහොමද?

    Up up