අල්කයිඩා

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ඉන්දීය අල්කයිඩා නායක නම් කරයි

    1409903672_2584136_hirunews_al-Qaeda.jpg


    අල්කයිඩා නායක අයිමාන් අල් සවහරි විසින් ප‍්‍රකාශයට පත් කළ පරිදි අල්කයිඩා සංවිධානයේ ඉන්දීය ශාඛාවේ ප‍්‍රධානීන් දැන් නම් කර තිබෙනවා. ඒ අනුව, පාකිස්ථානය කේන්ද්‍රකොට ගත් මුල් පෙලේ අල්කයිඩා නායකයෙකු වන අසිම් උමාර් ඉන්දීය අල්කයිඩා ශාඛාව මෙහෙයවනු ඇති. එය දකුණු ආසියාවේ අල්කයිඩා මෙහෙයුම් කේන්ද්‍රස්ථානය ලෙස යොදා ගැනීමට අපේක්ෂා කරන බව සවහරි අන්තර්ජාලයට නිකුත් කළ වීඩියෝ පටයේ සඳහන්.

    ඉන්දීය අල්කයිඩා ශාඛාවේ ප‍්‍රධානියා ලෙස නම් කර ඇති අසීම් උමාර් පසුගිය කාලය තුළ ඉන්දියාවේ සහ අසල්වැසි රටවල ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගීම සඳහා ජීහාඞ් සටනට අවතීර්ණ වන ලෙස අනුගාමිකයන් ඉල්ලා සිටීමේ ප‍්‍රකාශ රැසක් නිකුත් කළා. ඔහු පාකිස්ථානයේ - ලෂ්කාර් ඊ ටයිබා සහ ජයිසා ඊ මොහොමඞ් අන්තවාදී කල්ලි වෙනුවෙන් ආගමික ප‍්‍රකාශන ද නිකුත් කළ අයෙක්.

    හයිද්‍රාබාදයේ ෂෙයික් ආමර්, සහ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ෂානවාස් අල්කයිඩා සංවිධානයේ ඉන්දීය ශාඛාව සඳහා නම් කර ඇති තවත් ප‍්‍රධානීන් දෙදෙනෙක්. ඉන්දියාවේ ප‍්‍රහාර සඳහා ඔවුන් ඇෆ්ගනීස්ථානයේ පුහුණුව ලැබූ වීඩියෝ පටයක් ද පසුගියදා නිකුත් කර තිබුණා. ඉන්දීය රජයේ ත‍්‍රස්ත මර්දන විශේෂඥයෙකු සඳහන් කර ඇත්තේ ඉන්දීය උප මහද්වීපය සිය මෙහෙයුම් පුළුල් කිරීමේ තෝතැන්නක් ලෙස යොදා ගැනීමට අල්කයිඩා සංවිධානය අපේක්ෂා කරන බවයි. ඉන්දීය මුජහඞීන් සංවිධානය මගින් ආරම්භයේදී ඔවුන් යම් ප‍්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහයක නිරත වනු ඇති බව ඔහුගේ අදහසයි.

    අල්කයිඩා සංවිධානයෙන් එල්ල වී ඇති නව තර්ජනය පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජාත්‍යන්තර ත‍්‍රස්ත විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න ප‍්‍රකාශ කළේ ඊට දකුණු ආසියානු රටවල නායකයන් කඩිනම් ප‍්‍රතිචාර දැක්විය යුතු බවයි.


    වේස කැ* තම්බියෝ...:angry: