අල්කයිදාව මෙන්ම ISIS සංවිධානයත් ඇමෙරිකා එක්සත් ජනපද නිර්මාණයක් වන අතර මෙම ත්‍රස්ත මෙවලම සැලසුම් කලේ තෙල්වලින් පොහොසත් මැදපෙර දිග බෙදෙන්නට සහ ජයගන්නට මෙන්ම කලාපය තුල වැඩෙමින් පවතින ඉරානයේ බලය එරෙහිව ක්‍රියාත්මක වන්නටය.ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ආධාර දීම සම්බන්ධව එක්සත් ජනපදය සතුව දිගු ඉතිහාසයක් තිබෙන අතර ඉතිහාසය නොසලකා හරින සහ ප්‍රධාන පෙලේ නාලිකා ඔස්සේ පුවත් නරඹන බොහෝදෙනාට මෙම කරුණ විශ්මය දනවන්නකි.
CIA සංවිධානය පළමුවරට අන්තවාදී ඉස්ලාමය සමග පෙළ ගැසෙන්නේ සීතල යුද සමයේය.ඉන්පසු ඇමෙරිකාව, ලෝකය ඉතා සරලව දකියි.එහි එක් පාර්ශ්වයක් සෝවියට් දේශය සහ සෝවියට් අවිය ලෙස ඇමෙරිකාව සලකන තුන්වන ලෝකයයි.අනෙක් පස බටහිර ලෝකය සහ සෝවියට් දේශයට එරෙහිව තමන්ගේ මිත්‍ර පාර්ශ්වය වන යුදකාමී දේශපාලනික ඉස්ලාමයයි.
රොනල්ඩ් රේගන් යටතේ එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂක,ජෙනරාල් විලියම් ඔඩම් පසුකාලයේ ප්‍රකාශ කර සිටියේ "එක්සත් ජනපදය බොහෝ කාලයක සිට ත්‍රස්තවාදය භාවිතා කර තිබෙනවා" කියාය.1978-79 සමයේ සෙනට් සභාව ජාත්‍යන්තර ත්රස්තවාදයට එරෙහිව නීතියක් සම්මත කරගන්නට උත්සාහ කලහ,එනම් ඔවුන් නිර්මාණය කල සියලුම වර්ගයේ ත්රස්තවාදයන්ට එරෙහිව.
|
|
| සෝවියට්-ඇෆ්ගන් යුද්ධයේදී(1979-1989)ඇමෙරිකාව ලබා දුන් ගුවන් යානා නාශක අවි යොදාගෙන සෝවියට් හෙලිකොප්ටර් 300 ගණනක් විනාශ කරන්නට ඉස්ලාමීය සටන්කාමීන් සමත් වේ. |
සෝවියට් දේශයේ ව්‍යාප්තවාදයට බාධකයක් ලෙස සහ අරාබි රටවල් තුල මාස්ක්වාදය පැතිරයාම වැළැක්වීමට 1970 දශකයේදී CIA සංවිධානය ,ඊජිප්තුව තුල මුස්ලිම් සහෝදරත්වය යොදාගන්නා ලදි.එක්සත් ජනපදය එළිපිටම ඉන්දුනීසියාවේ සුකර්නෝට එරෙහිව ඉස්ලාමයට ආධාර කල අතර පාකිස්තානයේ සුල්ෆිකාර් අලි බූතෝට එරෙහිව ජමාට්-ඊ-ඉස්ලාමී ත්‍රස්ත කණ්ඩායමට සහාය ලබාදුන්නේය.අවසානයේදී ඔවුන් අල්කයිදාවටද උදවු කලේය.
CIA සංවිධානය ඔසාමා බින් ලාඩන්ට උපත ලබා දුන් අතර ඔහුගේ සංවිධානය 1980 දශකයේදී පෝෂණය කරන්නටද වග බලා ගත්තේය.හිටපු බ්‍රිතාන්‍ය විදේශ ලේකම් රොබින් කූක්ට අනුව අල්කයිදාව යනු අවිවාදයෙන් තොරව බටහිර බුද්ධි අංශ ඒජන්සිවල නිර්මාණයකි.රොබින් කූක්ට අනුව අල්කයිදා යන්නේ තේරුම the database යන අරාබි අර්ථයයි.එනම් එය දහස්ගණන් ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් සමන්විත පරිගණක දත්ත සමුදායකි.ඔවුන් සෞදි අරාබියේ මූල්‍ය ආධාර මත CIA සංවිධානය විසින් පුහුණුකල ඇෆ්ගනිස්තානයේ රැදී සිටි රුසියානු හමුදා පරාජය කිරීමට යොදාගත් ඉස්ලාමීය ගරිල්ලන්ය.
එක්සත් ජනපදය සහ අල්කයිදාව අතර සම්බන්ධය හැමවිටම ආදරය-තරහ අතර දෝලනය වූවකි.එය තීරණය වූයේ අදාල කලාපය තුල ඇමෙරිකානු ලැදිකමට ආධාර කිරීම හෝ නොකිරීම මතයි.එහිදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව එම ත්‍රස්ත කණ්ඩායමට අරමුදල් සැපයීම හෝ ඔවුන්ව ඉලක්ක කර පහරදීම සිදුකරයි.එසේ වුවද ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්ති සම්පාදකයෝ කියා සිටින්නේ මුස්ලිම් අන්තවාදයට විරුද්ධවන්න කියාය.ඔවුන් දැන දැනම එය විදේශ ප්‍රතිපත්ති අවියක් ලෙස යොදාගනියි.
ISIS යනු අල්කයිදාවට සමාන ,එක්සත් ජනපදයේ නවතම අවියයි.ඇත්ත වශයෙන්ම දැන් එය තම ස්වාමියාට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබේ.ඇමෙරිකානු මාධ්‍යවේදීන් ත්රස්තවාදීන් විසින් ඝාතනය කිරීමට පෙර එය ජාත්‍යන්තරය තුල එතරම් විවේචනයට ලක් නොවීය.දැන් ඔවුන් එක්සත් රාජධානියට සමාන භූමි ප්‍රමාණයක් යටත් කරගෙන සිටියි.
ISIS සංවිධානය මෙතරම් ඉක්මණින් වැඩෙන්න මෙන්ම දැවැන්ත ප්‍රදේශයක පැතිර යන්නට ඉඩ ලැබුණේ කෙසේද යන්න තේරුම් ගැනීමේදී එම සංවිධානයේ ඇමෙරිකානු ආධාර සහිත මූලයන් දෙස අවදානය යොමුකිරීම කලයුතුය.2003 වසරේ ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීම සහ යටත් කරගැනීම තුලින් ISIS වැනි මූලධර්මවාදී සුන්නි කණ්ඩායම් වලට බලය තහවුරු කරගන්නට අවශ්‍ය පුර්ව තත්ත්වයන් නිර්මාණය කරන ලදි.ඇමෙරිකාව ඉතා අඥාණව සදාම් හුසේන්ගේ අනාගාමික රාජ්‍ය සංවිධානය විනාශ කර එය බහුතර ෂියා පාලනයකට ලබාදුන්නේය.එක්සත් ජනපදයේ ක්‍රියාව සුන්නි ප්‍රදේශ තුල විශාල වශයෙන් විරැකියාව වර්ධනය කරන ලදි.සමාජවාදය ප්‍රතික්ෂේප කිරීම සහ කර්මාන්තශාල වසා දැමීම ඔස්සේ නිදහස් වෙළදපොල රැකියා අවස්ථා බිහිකරාවි යන්න ඇමෙරිකාවේ බලාපොරොත්තුව විය.ඇමෙරිකානු සහාය ලබන ෂියා ආණ්ඩුව යටතේ වැඩ කරන පන්තියේ සුන්නිවරුන්ගේ රැකියා ලක්ෂ ගණනක් අහිමිවිය.මෙය දකුණු අප්‍රිකාවේ පාලනය වෙනස් වූ පසු සුදු අප්‍රිකානුවන්ට තම වත්කම් එලෙසම තබාගන්නට ඉඩ දුන්නා සේ නොව ඉහළ පන්තියේ සුන්නිවරුන්ගේ වත්කම් සහ දේශපාලන බලය ක්‍රමයෙන් යටත් කරගැනීමක් සිදුවිය.ඇමෙරිකානු ප්‍රතිපත්තිය වූයේ ආගමික සහජීවනය සහ එකමුතුබව ඇතිකිරීම නොව ඉරාකයේ පවතින ඉස්ලාමීය නිකායික බේදය අවුස්සා සුන්නිවරුන්ගේ අතෘප්තිය සංසිදවීමට අවශ්‍ය පරිසරය ඇතිකර දීම සහ අල්කයිදාවට ඉරාකයේ මූලය අත්පත් කරදීමයි.
|
|
| ISIS ත්රස්තවාදීන් ඇමෙරිකානු මාධ්‍යවේදීන් ඝාතනය කිරීම |
ඉතිරි කොටස පහලින්.


