අල්ලස් ගත්තම වෙන දේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    කොන්ක්‍රීට් කළ අතුරු මාර්ගයකට අදාළ වියදම් ඇස්තමේන්තුව සකස් කරදීම සඳහා කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් 8000 ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වු යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු තාක්‍ෂණික නිලධාරියාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 12 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

    විත්තිකරුගේ ක්‍රියාවෙන් රාජ්‍ය සේවය විශාල ලෙස හෑල්ලුවට ලක්වී ඇති හෙයින් එවැනි රාජ්‍ය සේවකයකුට ලිහිල් ආකාරයෙන් දඬුවම් ලබාදිය නොහැකි බව අවධාරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවම් වලට අමතරව රුපියල් 10,000 ක දඩ මුදලක්ද නියම කළේය.

    විත්තිකරු අල්ලස් වශ්‍යයෙන් ලබාගත් රුපියල් 8000 ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ විනිසුරුවරයා දඩ මුදල් හා දණ්ඩන මුදගල් නොගෙවුවහොත් අමතර වසර 1 1/2ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද විත්තිකරුට නියම කළේය.

    විත්තිකරුගේ ක්‍රියාවෙන් රාජ්‍ය සේවය විශාල ලෙස හෑල්ලුවට ලක්වී කඩාවැටීමකට ලක්ව ඇතැයිද සමස්ථ සමාජයම අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.

    විත්තිකරුට එරෙහිව චෝදනා හතරෙන් දෙකක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විත්තිකරුට අදාළ දඩුවම නියම කළ විනිසුරුවරයා දෝෂ සහිත බවට තීරණය කළ සෙසු චෝදනා දෙකෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.

    චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ තාක්‍ෂණික නිලධාරියා වශයෙන් කටයුතු කළ චන්දන කාරියවසම් නමැත්තාටය.

    2015 දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ තාක්‍ෂණික නිලධාරියා ලෙස කටයුතු කරමින් ධම්මාවාස අතුරු මාර්ගය කොන්ක්‍රීට් කරදීම වෙනුවෙන් වියදම් ඇස්තමෙන්තුව සකස් කරදීම සඳහා කොන්ත්‍රාත්කරුවකු වන රවින්ද ලක්මාල් ජයරත්න නමැත්තාගෙන් රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලා 2015 දෙසැම්බර් මස 22 වැනිදා ඉන් රුපියල් 8000 ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් මත අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව චෝදනා හතරක් යටතේ නඩු පවරා තිබිණි.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me rate general election walata , presidential election walata allas(bribe) aran support karan pakshayak innawa hamoma dannawa habai unta mukuth awulak na podi manussayek podi waraddak karoth awurudu ganan hire. tabuttegama dorawal nathi gewal walin apu minissu ada yanne business class ,building tiyenawa ,lamai pvt uni habai un nikamo wage hitiye jiwitha kalema :D :yes: ;) :D

    me rate deshapalae kiyanne amuthu deyak thamange lamayata Mihin air ekata deshapalana pathweem deddi awulak na habaianith ewa deshapalana pathweem.:D:yes:;):D
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තාම මිනිස්සු අල්ලස් ගන්න එවුන්ව අල්ලලා දෙන්න බයයි .
    රජයෙන් මිනිස්සුන්ව මීට වඩා දැනුවත් කරන්න ඕන බය නැතුව පැමිණිලි කරන්න කියල.
    ඊට අමතරව පොඩි පොඩි සංවේදී tv ඇඩ්ස් දාන්න ඕන ගෙදර කෙනෙක් අල්ලස් අරගන අහු උනාම පවුලෙ හැමෝම දුක් විඳින විදිහ පෙන්නලා.
    කාර්යාල ඇතුලෙත් පෝස්ටර් ව්‍යාපාරයක් ගෙනියන්න ඕන නිතර ඇහැට පේන්න.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තාම මිනිස්සු අල්ලස් ගන්න එවුන්ව අල්ලලා දෙන්න බයයි .
    රජයෙන් මිනිස්සුන්ව මීට වඩා දැනුවත් කරන්න ඕන බය නැතුව පැමිණිලි කරන්න කියල.
    ඊට අමතරව පොඩි පොඩි සංවේදී tv ඇඩ්ස් දාන්න ඕන ගෙදර කෙනෙක් අල්ලස් අරගන අහු උනාම පවුලෙ හැමෝම දුක් විඳින විදිහ පෙන්නලා.
    කාර්යාල ඇතුලෙත් පෝස්ටර් ව්‍යාපාරයක් ගෙනියන්න ඕන නිතර ඇහැට පේන්න.
    :yes: :yes: :yes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    විත්තිකරුගේ ක්‍රියාවෙන් රාජ්‍ය සේවය විශාල ලෙස හෑල්ලුවට ලක්වී ඇති හෙයින් එවැනි රාජ්‍ය සේවකයකුට ලිහිල් ආකාරයෙන් දඬුවම් ලබාදිය නොහැකි බව අවධාරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවම් වලට අමතරව රුපියල් 10,000 ක දඩ මුදලක්ද නියම කළේය.

    Judge kaaraya lankawe hitapu ekeknan wenda ba 🤣
     

    Sen-lu

    Well-known member
  • හිඟන්නොවගේ 8000ක් පගාව ගත්තම ඔහොම වෙනව. ගහනව නම් ලොකු ගාණක් ගහන්න ඕනි. රවී සෑර් වගේ අයව ආදර්ශෙට ගන්න. (12 න් 11 ක් විතර අත්හිටවූද දන්නෙ නෑ)
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    12 නං වැඩි නෙ අත්හිටවූ දඬුවම් ද දන්නේ නෑ :oo:
    අත් හිටෝලා නෙමේ නේද, නිව්ස් එකේ පැහැදිලිව තියෙන්නෙ බරපතල වැඩ ඇතිව කියල.
    අත් හිටෙවුවනම් දාන්නෙ අවුරුදු 2ක සිර දඬුවම අවුරුදු 10කට අත් හිටෙවුව කියල.
    හිරේ ගිහින් තෙම්පරාදු වෙච්ච එවුන් කැමතිලු අත් හිටෝලා දෙනවට වඩා කෙටි කාලෙකට හිරේ යන්න
     
    • Like
    Reactions: malakadss

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොඳයි...ලොකු තැන් ටිකත් ඔහොම්මම අල්ලුවනම් තමයි හොඳ
     
    • Like
    Reactions: malakadss

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ආයෙත් අහුවුනොත් පරණ ඒවත් එක්ක අල්ලලා දඬුවම් දෙන සිද්දියක් වෙනව නේද එතකොට මාත් හරියට දන්නේ නෑ.

    okata abiyachanawak gonu karnna one ita passe thamai ath hitau hira danduwamk karanne mathaka wediyata.
     
    • Like
    Reactions: malakadss

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අත් හිටෝලා නෙමේ නේද, නිව්ස් එකේ පැහැදිලිව තියෙන්නෙ බරපතල වැඩ ඇතිව කියල.
    අත් හිටෙවුවනම් දාන්නෙ අවුරුදු 2ක සිර දඬුවම අවුරුදු 10කට අත් හිටෙවුව කියල.
    හිරේ ගිහින් තෙම්පරාදු වෙච්ච එවුන් කැමතිලු අත් හිටෝලා දෙනවට වඩා කෙටි කාලෙකට හිරේ යන්න
    එහෙනං වෙසක් පෝයක් අල්ලලවත් එලියට දායි 12ම ඉන්න වෙන එකක් නෑ ඔය කීවට.