පොලිසියේ ඉන්න උන්ගෙන් බාගයක් විතර ප්‍රභූ ආරක්ෂක වැඩ වල ලු ඉන්නේ, එක්කෝ උන් අයින් කරන්න ඕන නැත්නම් සාමාන්‍ය සේවයට යොදවන්න ඕන... හමුදාව අඩු කරන්න පටන් ගන්න තිබ්බේ 2010 වගේ ඉඳන්, යුද්දේ කලාටත් වඩා වැඩි හමුදාවක් දැන් මොකද???
ඔය ගුරුවරුයි දොස්තරලයි ඉස්සරහට දාලා තමයි රාජ්‍යය සේවයේ ඉන්න අපත හැත්ත හැමදාම බේරෙන්නේ...
පොඩ්ඩක් ඔය දෙපාර්තමේන්තුවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිහිං බලපන් පූපට පයින් ගහලා එලවන්න ඕන කියක් ඉන්නවද කියලා...
වැඩක් තිබ්බත් උන්ට කරන්න තියෙන ලොකුම වැඩේ රෙජිස්ටර් කරන්න කියලා ෆෝර්ම් එකක් පුරවන එක විතරයි... හරි ගමන් data base තියනවා නම් ඔය එකෙක්ටවත් ජොබ් නෑ...
ඔන්න ඔතනට තමයි මටත් එන්න ඕන වුනේ. ගුරුවරු,වෛද්‍යවරු කියන්නේ උදාහරණයක් විතරයි. එහෙම නැතුව ඉස්සරහට දාලා බේරෙන්න දෙයක් නෙවෙයි. අදටත් පුරප්පාඩු තිබ්බත් ඉල්ලුම අඩු රජයේ රස්සා තියෙනවා, වන ජීවී නිලධාරීන්,පවුල් සෞඛ්‍ය සේවිකාවන් වගේ. ඔය රජයේ සේවය කියලා හැමෝම පෙන්වන්න ගන්නේ අහවල් ප්‍රාදේශීය ලේකම් කාර් යාලේ ආචර මෙච්චර ඉන්නවා කියන එක. වෙන්න පුළුවන්. ඒත් 2004 ඉඳන් සංවර්ධන නිලධාරී කියලා බඳවා ගත්තේ මොකටද කියලා හෙව්වා නම් දැන ගන්න තිබ්බා.
ගුරුවරු ගැන කියපු හින්දා කියන්නේ. පහුගිය කාලේ තමන්ගේ ඉස්කෝලේ මහා අමුතු culture එකක් තියෙනවා, ඒ හින්දා තමන්ගේ ඉස්කෝලේ ගුරුවරු මාරු කරන්න එපා කියලා බුකියේ හෑලි ලියපු උන් හිටියා. අර රජයේ සේවයට මේ සේවයට අනිවාර්යයෙන් අවුරුදු පතා බඳවා ගන්න කියලා Fb group හදාගේන ඉන්න උන් ඉන්නවා. මහජන දිනවලට ලියුම් අරන් රජයේ රස්සවක් දෙන්න කියලා පෝලිම් හදාගෙන මිනිස්සු ඉන්නවා,
එතකොට මේ හැම මනුස්සයටම වගේ ඡන්දයක් තියෙනවා. ඒ මනුස්සයට වැඩක් නෑ, ඔය උඩ කියන ප්‍රශ්න. මට දීපන්, එච්චරයි. මට දුන්නේ නැත්නම් මම දෙන්නෙ නෑ ඡන්දෙ, මම අනික් පැත්තේ දේශපාලකයට වැඩ කරනවා. එතකොට මහජන නියෝජිතයට වෙන විකල්පයක් නෑ.
අනික ඔය කියන database හැදුවාම සමහර විට සමහර තනතුරු ආදේශ වෙන්න පුළුවන්. ඒත් ගැටළුව, මෙතන comment දාන ගොඩක් අය ඇත්තටම කියන්නේ නෑ ගොඩක් රජයේ සේවකයින්ට තියෙන්නේ මොකක් හරි වැඩක් ඔය රජයේ පොත් වලට අනුව වෙනවද කියලා තහවුරු කරන්න දායක වෙන එක නම්, එතකොට ඔය database හැදුවත් වෙන්නේ මොකක්ද කියලා බලන්නකො.
අනික අවුරුදු 4ට විතර කලින් හමුදාව මිනිස්සු දැක්කෙ කොහොමද කියලත් මතක් කර ගමුකො.