අලියා කෝක්ට කොකා පෙන්නති

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අලියා කෝක්ට කොකා පෙන්නති

    කොකා-කෝලා, ලංකාවේ අලියාට පරාද වෙයි

    දිස්ත‍්‍රික් ගණනාවක බෙදාහැරීමත් අඩාල වෙයි.

    ලෝකයේ බොහෝ රටවල අංක එකේ ජනප‍්‍රිය කෘතීම බීම වර්ගය ලෙස සැලකෙන කොකා කෝලා ශ‍්‍රී ලංකාවේදී අලියා බීම සමාගම (එලිෆන්ට් හවුස්) ඉදිරියේ දෙවැනි වී ඇත. කොළඹ දිස්ත‍්‍රික්කයේ පමණක් යම් පමණකට අලියා සමාගමට තරඟයක් දීමට විදේශීය සමාගම මේ වන තෙක් සමත් වී ඇතත් දිවයිනේ අන් සියළු දිස්ත‍්‍රික්ක වල අලියා සමාගම ඉදිරියෙන් සිටින බව වාර්තා වෙයි. කොළඹ කොටස් වෙළඳ පලේද අලියා බීම සමාගමේ කොටස් මිල ගණන වේගයෙන් ඉහල ගොස් ඇති අතර කොකා කෝලා සමාගමේ කොටස් පෙර වසරවලට සාපේක්‍ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් නොකරයි.

    මේ වන විට දිවයිනේ දිස්ත‍්‍රික්ක ගණනාවක දිසා අලෙවි නියෝජිතයන් පවා සොයා ගත නොහැකි තරමේ අර්බුදයකට පත්ව ඇති කොකා කෝලා සමාගම සිය ප‍්‍රචාරක ව්‍යාපෘතිය සඳහා මේ වසරේ වැය කරන මුදල් ප‍්‍රමාණය පසුගිය වසර මෙන් දෙගුණයකටත් වඩා වැඩි කර තිබේ.

    එලිෆන්ට් හවුස් සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔවුන් ලංකාවේදී මෙන්ම නුදුරේදීම මාල දිවයින, නේපාලය, බංගලා දේශය, පකිස්ථානය ඇතුළු දකුණු ආසියා රටවල් කිහිපයකදීම කොකා කෝලා සමාගම අභිබවන බවයි.


    source = www.lankacnews.com