ධම්මිකගේ ජීවිත කතාව

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ධම්මිකගේ ජීවිත කතාව

    ලංකාවේ අංක එකේ කෝටිපතියාගේ ජීවිත කතාව..

    timthumb.jpg


    පසුගියදා ලොව ප්‍රකට FORBES සගරාව හෙළිකර තිබුනේ ලංකාවේ මේවනවිට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා බවය. හේලීස් සමාගම,සම්පත් බැංකුව,පෑන් ඒෂියා බැංකුව,රෝයල් සෙරමික්ස් ඇතුළු සමාගම් ගණනාවක වැඩිම කොටස් හිමිකරුවී සිටින ධම්මික නිසි කලට නිසි පරිදි ආයෝජනය කිරීමේ දක්ෂතාවය නිසා මහා පොහොසතෙකුවූ පුද්ගලයෙකි.

    ධම්මික පෙරේරා ධනවතකු බවට පත් වූයේ වාසනා මහිමය නිසාම නොවේ. එය ක්‍රමවත්ව සකස් කෙරුණු වැඩ පිළිවෙළකි.ඔහුගේ ජීවිතය වෙනස්වූයේ ඔහුට හමුවූ එක්තරා පුද්ගලයෙකු නිසාය. 1999 දී ඔහු 32 වනවියේ පසුවන විට ඉතා වැදගත් ආර්ථික මාර්ගෝපදේශකයෙක් ඔහුට හමු වෙයි. ධම්මික මේ මාර්ගෝපදේශකයා සමග එක්ව විසි අවුරුදු ව්‍යාපාරික සැලැස්මක් සකස් කර ගත්තේය. එහි අරමුණ වුණේ වසර 2019 වන විට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශ 12 ක ප්‍රමුඛයා බවට ඔහු පත්වීමය. මේ වන විට එකී ව්‍යාපාරික අංශවලින් 9 ක ප්‍රමුඛයා ලෙස ධම්මික කටයුතු කරයි. සංචාරක ව්‍යාපාරය බැංකුකරණය සහ ඇ`ගලුම් ව්‍යාපාරය මේ ව්‍යාපාරවලට අයත්ය.

    ධම්මික පෙරේරාගේ සරල කාර්යාලය කොළඹ වර්ල්ඩ් ටේ්‍රඩ් සෙන්ටර් ගොඩනැගිල්ලේ 29 වන තට්ටුවේ පිහිටා ඇත. එය ලංකාවේ උසම ගොඩනැගිල්ලයි. මේ කාර්යාලය සුඛෝපභෝගී විධායකයකුගේ දර්ශනීය කාමරයක් නොවේ. එය ආයෝජන කාර්යාලයකි. ඔහු මේ කාර්යාලයේ සිට විවිධ ආයතනවල බහුතර කොටස් මිලට ගෙන නිකම්ම ඒවායේ ප්‍රධානියා බවට පත්වෙයි. ඊළ`ගට එම ආයතනයට නායකත්වය දීම සඳහා සුදුසු කළමනාකරුවන් සොයාගන්නා ඔහු ඉදිරි ගමන සඳහා ඔවුන්ට එම ආයතන භාරකරයි. ඔහුගේ රොයල් සෙරමික්ස් ලංකා ආයතනය වසර 2010 දී හොඳම ආසියානු ශාන්තිකර සමාගම් 200 න් එකක් ලෙස ෆෝර්බ්ස් ස`ගරාව ලැයිස්තු ගත කර තිබුණි. එහි වාර්ෂික ආදායම ඒ වන විට ඩොලර් බිලියනයකට ස්වල්පයක් අඩු විය.

    අද ධම්මික පෙරේරාගේ ව්‍යාපාර රාජධානියට ශ්‍රී ලංකා කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත සමාගම් 23 ක් අයත් ය. එය කොටස් වෙළෙඳ පොළේ අලෙවි වන සමස්ත සමාගම් සමූහයෙන් 8% කි. ඔහු මේ වන විට සිය ව්‍යාපාරික හස්තය තායිලන්තය, ඉන්දුනීසියාව, ජපානය, එක්සත් රාජධානිය සහ වෙනත් රටවල් දක්වා ව්‍යාප්ත කර තිබේ. එකී ජාලය තුළ සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 62000 කි. කැනඩාවේ වෝල්මාට් සමාගමට ඔහු භාණ්ඩ සපයයි. එසේම ලීවයිස් ඩෙනිම් සමාගමටද ඔහු රෙදි සපයයි. මීට අමතරව ඩොලර් බිලියන ගණනක වත්කමක් ඔහුට එකතු කරන පෞද්ගලික කැසිනෝ ව්‍යාපාරයක්ද ධම්මික සතුව තිබේ. ඔහුගේ සමාගම් සමූහය නිසි ලෙස බදු ගෙවයි.

    ධම්මික පෙරේරාගේ ජීවිත කතාව පටන් ගන්නේ ලෝක ඉතිහාසයේ සිටින ඇතැම් ධනවතුන්ගේ ජීවිත කතාව මෙන් වැරහැලිගොඩවල් සහ දුප්පත් කම අතරින් නොවේ. ඔහුගේ මුත්තා ඔහු උපන් පයාගල විසූ ධනවත්ම මිනිසාය. මේ ධනවතාට ප්‍රදේශයේ කුඹුරු ඉඩම් බොහෝමයක්ම අයත්ව තිබුණි. ධම්මිකගේ පියා සිල්ලර කඩ වෙළෙන්දෙකි. ඔහුගේ මව ගුරුවරියක වන අතර ධම්මිකට මුදල් කළමනාකරණය සහ ජීවන කුසලතා පිළිබඳ පුහුණුව සපයන ලද්දේ ඇය විසිනි. වයස අවුරුදු 11 දී ධම්මිකගේ අම්මා මසකට ඔහුට රුපියල් 300 ක් දීමට පටන් ගත්තාය.

    එතැන් සිට වසර 8 ක් තිස්සේ ධම්මිකට පාසල් ගාස්තු ආහාරපාන සඳහා යන වියදම් දරන්නට සිදු වූයේ මේ මුදලිනි. ආයෝජකයකු වශයෙන් ඔහු ජීවිතය පටන් ගනිමින් කොළඹ පිහිටි තම මාමාගේ කඩේ ඉදිරිපිට බඩු විකුණූ පේමන්ට් වෙළෙන්දෙකුට සුළු පොලියක් මත මුදල් ණයට දෙයි. ඉන් පසු ඔහු ජැක්පොට් යන්ත්‍ර කිහිපයක් මිලට ගෙන ඒවායින් ආදායම් උපයන්ට පටන් ගනී.

    1987 වන විට ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ක්‍රමයෙන් උග්‍රවීමට පටන් ගත් අතර මොරටුව විශ්වවිද්‍යාලයේ ඔහු හදාරමින් සිටි උපාධි පාඨමාලාවද කඩා කප්පල් වේ. අනතුරුව තාක්ෂණික කටයුතු පුහුණු වීම සඳහා ඔහු තායිවානයට යයි. තුන්මසකට පසු ආපසු ලංකාවට එන ධම්මික ජැක්පොට් යන්ත්‍ර නිෂ්පාදනය කර අලෙවි කිරීමට පටන් ගනී.

    මේ සඳහා පිහිටුවන ලද කුඩා කම්හලේ අධීක්ෂක ලෙස සිය 17 හැවිරිදි සහෝදරයා වන හරීන්ද්‍රගේ සේවය ලබා ගැනීමට ඔහුට හැකි වේ. (ඔවුන්ගේ බාල සහෝදරයා වන අනුරුද්ධ ඒ වන විට 15 හැවිරිදි වූ අතර අද ධම්මිකගේ ව්‍යාපාරවල සේවය කරයි. ධම්මිකට සහෝදරියකද සිටී) 1993 දී ධම්මික සූදු ව්‍යාපාරයට අවතීර්ණ වෙමින් සිය පළමු වන කැසිනෝව විවෘත කරයි. මේ දිනවල ඔහු සූදානම් වෙන්නේ ක්වීන්ස්බරි රිසෝට් ඇන්ඩ් කැසිනෝ නමින් තට්ටු 4 ක් උස කාමර 500 සමන්විත දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනැඟධිමටය. අද වන විට ඔහු ජැක්පොට් මැෂින් සාදන්නේ නැත. තම කැසිනෝවලින් ලැඛෙන ලාභය තම සමස්ත ව්‍යාපාරවලින් ලැඛෙන ලාභයෙන් 3% ත් 4% ත් අතර ප්‍රමාණයක් බව ඔහු පෙන්වා දෙයි.

    ඔහුගේ ව්‍යාපාරික නියමුවා ඔහුට හමුවන්නේ 1999 දීය. ඒ විශිෂ්ට පුද්ගලයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත නදීම් උල් හක් ය. ව්‍යාපාරික ලෝකය තුළ හැසිරෙන හැටිත්, කළහකාරි විය යුතු ප්‍රමාණය ගැනත් නදීම් උල් හක් විසින් ධම්මික පෙරේරාට උගන්වන ලදී. අනතුරුව ජර්මනියේ බැංකුවක පැවැති පුහුණු සැසියකට ධම්මික පෙරේරා යෑවීමට නදීම් උල් හක් කටයුතු කරයි. මේ ගමන යන ධම්මික ආපසු එන්නේ මුදල් කළමනාකරණය කරන ආකාරයත් අවදානම් මගහැරීමත් ප්‍රගුණ කොටය.

    ඉන් පසු එකමේසයක හිඳගන්නා උල් හක් සහ ධම්මික පෙරේරා විසි අවුරුදු ව්‍යාපාරික සැලසුම පිළියෙල කරයි. ඒ සැලසුමෙන් තව ඉතිරිව ඇත්තේ වසර 6 ක් පමණි. ඒ අතර ඒ සැලසුමට අදාළ අංශ 12 කින් අත්පත් කර ගැනීමට ඔහුට තව ඉතිරිව ඇත්තේ අංශ 3 ක් පමණි. ඒවා නම් සෞඛ්‍ය අංශය, රක්ෂණ අංශය සහ ටෙලිකොම් වෙළෙඳපොළයි. මේ තුළින් පළමු දෙක ඔහු දැනටමත් සැලසුම් කර තිබේ. එහෙත් ඉතා ඉක්මනින් වෙනස් වන තාක්ෂණයක් තිඛෙන ලෝකයක ටෙලිකොම් ව්‍යාපාරය කෙබඳු විය යුතුද යන්න ගැන ඔහු තවදුරටත් සොයා බලමින් සිටී.

    සංචාරක ව්‍යාපාරයට ආයෝජනය කර තිඛෙන ධම්මික පෙරේරා සතුව සුඛෝපභෝගී නිවාඩු නිකේතන සහ හෝටල් තිඛෙන අතර ඒවා සතු සමස්ත කාමර ගණන 600 කි. ඉදිරියේදී තවත් කාමර 1200 ක් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට හදුන්වා දීමට ධම්මික කටයුතු කරනවා ඇත. ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ මුල් වතාවට පසුගිය වසරේදී සංචාරකයන් දසලක්ෂයක් රට තුළට පැමි”මේ අත්දැකීම වින්දේය. 2016 වන විට මෙහි එන සංචාරකයන් ගණන විසිපන්ලක්ෂයක් වනු ඇති බවත් 2020 වන විට එම ගණන ස්ථීර වශයෙන් පනස් ලක්ෂයක් වන බවත් ධම්මික කියයි.

    තම සාර්ථකත්වය ගැන ධම්මික පෙරේරා තුළ ඇත්තේ ආඩම්බරයකි. අද ඔහුට හිමි රෝයල් සෙරමික් ලංකා සමාගම වසර 2000 වන විට, එනම් ඔහු එම සමාගම බාරගැනීමට පෙර, උපයමින් සිටියේ අවුරුද්දකට ඩොලර් ලක්ෂ 4 ක් පමණි. එහෙත් මේ වසරේ මාර්තු 31 න් අවසන් වූ මුදල් වර්ෂය තුළ එම සමාගම අපේක්ෂිත ආදායම ඩොලර් දසලක්ෂ 127 වන අතර එයින් ඩොලර් දසලක්ෂ 18 ක්ම ලාභ වශයෙන් වාර්තා කෙරෙනවා ඇත.

    ඔහු සභාපතිධූරය දරන සම්පත් බැංකුව වසර 2007 වන විට ඩොලර් දසලක්ෂ 10 ක ලාභයක සිට ඩොලර් දසලක්ෂ 41 දක්වා ලාභයකට ප්‍රවිශ්ට විය. අවුරුදු 135 ක් පැරණි ව්‍යාපාරික සමාගමක් වන හේලීස් සමාගමේ කොටස් මිලට ගැනීමට පටන් ගත් ඔහු අද එහි ලොකුම කොටස් කරුවාය. මේ අවුරුද්දේ සැප්තැම්බර් 30 වන දා වන විට එම සමාගම 12 මාසයක් තුළ ලැබූ ආදායම ඩොලර් මිලියන 615 ක් විය. ධම්මිකගේ ලොකුම කොම්පැණිය හේලීස්ය. 2009 යේ මාර්තු 31 වන විට මේ සමාගමේ ලාභය ඩොලර් 28 ලක්ෂය තෙක් ඉහළ ගියේය. ඔහු හේලීස් අධ්‍යක්ෂක මණ්ඩලයට එක් වන විට එහි වාර්ෂික ආදායම වූයේ ඩොලර් විසිපන්ලක්ෂයක් පමණි.

    ධම්මිකගේ දකුණු අත වන්නේ ඔහුට කිසිම නෑකමක් නැති නිමල් පෙරේරාය. ඔහු නිමල් පෙරේරා හමුවන්නේ වසර 2000 දී පෑන්ඒෂියා බැංකුව මිලට ගැනීමේදීය. 54 හැවිරිදි නිමල් පෑන්ඒෂියා බැංකුවේ සේවය කරමින් සිටියදී එහි කොටස් මිලදී ගත යුතු ආකාරය ධම්මිකට කියා දුන්නේය.

    ධම්මිකගේ පළමුවැනි හෝල්ඩින් සමාගම වැලිබල් ෆිනෑන්ස්ය. ඔහු සතු සමාගම් හතක භාරකාරත්වය දරණ වැලිබල් සමාගම වසර 2011 දී සීමාසහිත පොදු සමාගමක් බවට පත් විය. වැලිබල් 2, වැලිබල් 3, වැලිබල් 4 සහ වැලිබල් 5 යනුවෙන් තවත් සමාගම් හතරක් පිහිටු වීමට ඔහු අපේක්ෂා කරයි. එයින් සමාගම් 3 ක් ඔහුගේ 13 හැවිරිදි දියණියටත් දස හැවිරිදි සහ හත් හැවිරිදි පුතාටත් දීම ඔහුගේ අපේක්ෂාවයි. ඒවායේ හිමිකරුවන් ඔවුන් නමුදු ඒවා කළමනාකරණය කරන්නේ වෘත්තිකයන්ය…

    ධම්මික කියයි. මෙවිට ඉතුරු වන වැලිබල් සමාගම් දෙක මගින් උපයන සියලු ලාභ පුණ්‍ය කටයුතු සඳහා යෙදීම මේ බෞද්ධයාගේ අදහසය. 1999 සිට ඔහු භාවනාව ප්‍රගුණ කර තිබේ. භාවනාව මගින් ලබාගත් චිත්ත ඒකාග්‍රතාව හරහා අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වූ බව ඔහු විශ්වාස කරයි. මත්පැන් පානය නොකරන ඔහු චිත්‍රපට බැලීමට කැමති නැත. ඔහු කාර්වලට ප්‍රියකරන අතර ඒවා මර්සීඩීස් ඛෙන්ස් රථ පමණක්ම විය යුතුය. ඔහුට ඛෙන්ස් රථ 6 ක් තිබේ. මෙතෙක් එදා ගත කළ ජීවිතය තුළ ඔහුට අයත්ව තිඛෙන්නේ අතේ බඳින ඔරලෝසු දෙකක් පමණි. ඒ දෙකම රොලෙක්ස් ඔරලෝසුය.

    ධම්මික පෙරේරාගේ වත්කම ඩොලර් දසලක්ෂ 550 ක් බව වාර්තා වී තිබේ.


    neth
     
    Last edited:
    • Like
    Reactions: westpra

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දන්න අය දන්නව සල්ලි කාගෙද කියල බං. මුං බොරු බයිල ගහන්නෙ දැං. සජින් වාස්ල ගබඩා බාරකරු විදියට ඉඳල අව්රුදු 3න් ප්ලේන් ගත්තෙ කොහොමද මෙයත් එහෙම තමා. හැබැයි මූ එදා ඉඳං සුපිරි මොලයක්. දියුනුව අතිශයින් ඉහල ගිය කාල පරාසය බැලුවම තේරෙනව අසාමාන්‍ය ලෙස ඉහල ගිය හැටි.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දන්න අය දන්නව සල්ලි කාගෙද කියල බං. මුං බොරු බයිල ගහන්නෙ දැං. සජින් වාස්ල ගබඩා බාරකරු විදියට ඉඳල අව්රුදු 3න් ප්ලේන් ගත්තෙ කොහොමද මෙයත් එහෙම තමා. හැබැයි මූ එදා ඉඳං සුපිරි මොලයක්. දියුනුව අතිශයින් ඉහල ගිය කාල පරාසය බැලුවම තේරෙනව අසාමාන්‍ය ලෙස ඉහල ගිය හැටි.

    :rofl:කුහක සිංහලුන්ට මොනා කියන්න බැරිද ඉතින්.:rofl::rofl:
     

    gambler_77

    Member
    Apr 29, 2017
    16
    22
    0
    casino walin 3% 4 % k lu ban :D man weda karanne dammika boss ge club ekaka.. casino walin thama diyunu une.. 40% + sure mulu adayamen. api ne danne adayama
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය ජීවිත කතාවේ ගොඩක් දේවල් සල්ලි කාරයෙක් වුනාට පස්සේ තමන්ගේ ඉමේජ් එක හදාගන්න එල්ලගත්ත දේවල්. ධම්මික පෙරේරා කියන්නේ ප්‍රේමදාසගේ කාලේ ගැම්බ්ලින් කරපු ජෝසිම්ගේ ගෝලයලු. මිනිහ තමා ජෝසිම්ගේ සල්ලි එකතුකරන වැඩේ කරල තියෙන්නේ. පේන්නේ නැද්ද පොරගේ තග් ලුක් එක. ජෝසිම් ප්‍රේමදාසත් එක්ක කේස් එකක් දාගෙන ප්‍රේමදාස ඌව මරන්න හදනකොට රට පැන්න. මිනිහගේ සල්ලි ඔක්කොම මෙයා එකතු කරගත්තලු. හැබැයි මිනිහ ඒ සල්ලි හරි විදිහට ආයෝජනය කළා. ඒ නිසා ගොඩ ගියා. එහෙම නැතුව ඔය ගෙදර පොඩිකාලේ වට්ටක්ක වැලේ කතා නම් අර මායා බෝංචි වැලේ කතාව වගේ තමා. නමුත් ඉතිං මිනිස්සුන්ව මෝටිවේට් කරන්න එහෙම රසවත් කතා එහෙම දාල ස්ටෝරිය කියන්න ඕනේ තමා............ දැන් බලහං මේකෙම කී දෙනෙක් මෝටිවේට් වෙලාද කියල කතාව කියෝලා....:D