ඔබ සත්ව උද්‍යානයේ ඇවිදින විටකදී කවදාවත් අලියා මග හැරී ගොස් තිබෙනවාද ? වන උද්‍යානයකට ගිය විටකදී අප්‍රිකානු අලියා හෝ දකුණු ආසියනු අලියෙකු අනිවාර්යයෙන්ම ඔබ දැක ඇති. අලියා කියන්නේ පොළොවේ ජීවත් වන සතුන්ගෙන් විශාලතම සත්වයායි. ඒ වගේම අනෙක් ගොඩබිම සතුන් මෙන් අලියාටද පාද හතරක් තිබෙනවා.
අලියාට පාද හතරක් තිබුනාට ඔවුන් එය පාවිච්චි කරන්නේ වෙනත් ගොඩබිම සතුන් වන සිංහයන් , ගවයන් එසේත් නැතිනම් සීබ්‍රාවන් ඔවුන්ගේ පාද පාවිච්චි කරන ආකාරයට නෙමෙයි. ඊට වඩා වෙනස් ආකාරයටයි. ඉතාම මෑතකදී කරන ලද සමීක්ෂණයකින් විද්‍යාඥයන් විසින් අලින්ගේ පාද චලනය පිළිබදව අධ්‍යයනය කිරීමට අලුත් ක්‍රමයක් සොයා ගෙන තිබෙනවා. අලින් වැනි යෝධ සත්වයින් තමන්ගේ පාද හසුරුවන්නේ ඉතාම පුදුම සහගත ආකාරයටයි. එය අනෙක් සිව්පා සත්වයින්ට වඩා වෙනස් ආකාරයක් ගන්නවා.
සිව්පා සතුන් වැඩි දෙනෙක් තමන්ගේ පසු පස පාද යොදාගන්නේ ඉදිරියට යෑමට අවශ්‍ය තල්ලුව ලබා දීම සදහායි. ඔවුන් ඉදිරිපස පාද යොදා ගන්නේ ඇවිදීමේදී එක්වරම නැවතීමට අවශ්‍ය තිරිංග යෙදීමටයි.( මෙය තේරුම් ගැනීම සදහා හා පැටියෙක් ගමන් කරන ආකාරය දෙස බලා සිටින්න ). නමුත් අලියා විසින් ගමන් කිරීමේදී අවශ්‍ය තල්ලුව සහ නැවතීමට අවශ්‍ය තිරිංග ලබාදීමට ඔවුන්ගේ පාද හතරම යොදා ගනු ලබනවා. ලන්ඩනයේ රාජකීය පශු වෛද්‍ය පාසැලේ විද්‍යාඥයෙකු වන “ජෝන් හචින්සන්“ පවසන පරිදි අලින්ගේ පාද සහ 4 wheel වාහනවල රෝද ක්‍රියා කරන්නේ එකම ආකාරයකටයි. එනම් සෑම රෝදයක්ම වාහනයේ ධාවනය සදහා සමාන කාර්යයක් ඉටු කරනවා මෙන්ය.
“හචින්සන්“ සහ ඔහුගේ පිරිස විසින් අලින්ගේ පාද වල හැසිරීම පිළිබද සොයා බැලීම සදහා තායිලන්තයේ අලින් පිළිබද විශේෂඥයින් සමග වැඩ කර තිබෙනවා. අලින්ගේ ගමන් විලාසය දෙස බලා සිටින ඕනෑම කෙනෙකුට එය ඉතාමත් සෞම්‍ය දෙයක් ලෙස පෙනේවි. එහෙත් එහි ඇති විද්‍යාව තේරුම් ගැනීම ඉතාමත්ම අමාරු කාර්යයක්. එය කෙතරම් අමාරුද කියනවා නම් මේ වනතුරු කිසිම කෙනෙකුට මේ පිළිබදව වඩාත් ගැඹුරින් අධ්‍යයනය කිරීමය හැකිවී නෑ. අවම වශයෙන් අලියෙකු ඇවිදින විටකදී පාදයක් කෙතරම් නැමෙනවාද කියාවත් කීමට ඔබට හැකියාවක් නෑ.
විද්‍යාඥයන්ට අලින්ගේ පාද වලින් කොතරම් තෙරපුම් බලයක් පොළොව මත ඇති කරනවාද කියා සොයා ගැනීමය අවශ්‍ය වුනා. ඒ සදහා ඔවුන් කලේ පොලොව මත අධි බලැති පරිමාණ පොලොව මත තැන්පත් කරමින් මන්තීරුවක් ( Track ) සකස් කර ගැනීමයි. ඉන්පසු ඔවුන් විසින් අලින්ගේ පාද සහ ශරීරය මත ආලෝකය පරාවර්තනය කල හැකි තැටි ( ඒවා හරියටම බයිසිකලයක ඇති ආලෝක පරාවර්තක උපකරණයකට සමානයි.) සවිකරනු ලැබුවා. අවසානයේ විද්‍යාඥයින් විසින් අලියන් ව කලින් සකස් කරන ලද මන්තීරු ඔස්සේ ඇවිදීමට සැලැස්වුවා. ඉන්පසු වීඩියෝ කැමරා 7ක් යොදා ගෙන අලින්ගේ ශරීරයේ සවි කරන ලද ආලෝක පරාවර්තක චලනය වන ආකාරය තැටිගත කරන ලදී.
පරීක්ෂණයෙන් ලැබුනු දත්ත වලින් කියැවුනේ අලියෙකු තමන්ගේ ඉදිරි පාද යොදා ගන්නේ ඉදිරියට යෑමට බවයි. මෙය වෙනත් සිව්පා සතුන්ට වඩා තරමක් වෙනස් ආකාරයක්. විද්‍යාඥයින් කණ්ඩායමට අනුව අලියෙකුගේ ගමන් විලාසය සමාන වන්නේ මිනිසාගේ ගමන් විලාසයටයි. ඇත්තෙන්ම එය පුදුම සහගත සොයා ගැනීමක්. ඒ වනතුරු විද්‍යාඥයන් සිතා සිටියේ අලින්ගේ පාද එතරම් නැමෙනසුළු ඒවා නොවන බවයි.
ඇත්තෙන්ම එම සොයා ගැනීම විද්‍යාඥයන් කණ්ඩායම පුදුමයට මෙන්ම හාස්‍යයට ලක් කල සොයා ගැනීමක් වුනා. “හචින්සන්“ පවසන ආකාරයට අලියෙකුගේ බාහුවක්, මිනිසෙකුගේ බාහුවක් තරමටම නැමිය හැකියි.
“එමනිසා අපිට සිතන්නට සිදුවුනා අලියෙකුගේ බාහුවක් කියන්නේ ඉතා විශාල මිනිසෙකුගේ බාහුවක් කියා“. මෙසේ කියන්නේ “ලී රෙන්“. ඔහු එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙක් වගේම මෙම පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයෙක්.
විද්‍යාඥයින් කණ්ඩායම මේ වනවිට වැඩ කරන්නේ පරිගණක වැඩසටහන් සමගයි. ඒවා උපයේගි කරගෙන අලින්ගේ මාංශ පේශි, ස්නායු සහ අස්ථි ආධාරයෙන් ඔවුන් චලනය වන්නේ කෙසේ දැයි සොයමින් සිටිනවා. සමහර විට මෙම තොරතුරු ආධාරයෙන් විද්‍යාඥයන්ට සන්ධි ඉදිමීමේ රෝගයෙන් පෙලෙන අලින්ව සොයා ගත හැකි වේවි. අලින් එතරම් වේගයෙන් දුවන්නේ නැත්තේ මන්දැයි යන ප්‍රශ්නයට පිළිතුරු ද සමහරවිට ඔවුන් සොයා ගනිවී.
අලින්ගේ බාහුවේ ඇති සන්ධිය එතරම් ශක්තිමත එකක් නොවෙයි. එමනිසා ඔවුන් උත්සාහ ගත්තත් ඔවුන්ට වේගයෙන් චලනය වීමට හැකියාවක් නෑ. අලින් සම්බන්ධයෙන් එවැනි කරුණු සොයා ගැනීමය අපට හැකියාව ලැබුනහොත් අනෙක් සතුන් කෙරෙහිත් අපේ අවධානය යොමු වේවි. මෙසේ කියන්නේ “ජෝන් හචින්සන්“
_________________________________________________________________
Sorry For Re Post
© 2011 Load King @ Elakiri.Com
_________________________________________________________________



