අලියෙකු-සමග-ජීවත්
අලියෙකු සමග ජීවත් වෙමින් දරුවකුගේ අඩුව පිරිමහ ගන්නා ලංකාවේ ප්රථම කාන්තා ඇත් ගොවුවා වන ඤාණවතී ලංකාදීපයට හමුවුයේ ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්රී විෂ්ණු දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසල පෙරහර මංගල්යයේදීය.
වයස 70 කට ආසන්න වයසැති (ගුණේ) නම් සුරතල් නාමයෙන් හඳුන්වන අලියා මේ කාන්තාව නැතිනම් පෙරහරේ ගමන් කිරීමට පැකිලෙන බව ඔවුහු කියති. ඒ නිසා සැම පෙරහැරකටම අලියා ළඟින් ගමන් කිරිම ඤාණවතීගේ පුරුද්දක් වී ඇති බව අලියා බලා ගන්නා සරත් ගාමිණී මහතා පවසයි.
දොම්පෙ මාපිටිගම පදිංචි සරත් ගාමිණී රාජපක්ෂ (62) මහතා තමා දොම්පෙ උඩුමිරිස්සෙ රොමියෙල් නම් ඇත් ගොවුවා සමග එකතු වී අලි බලා ගනිමින් සිටියදී ඤාණවතී සමග විවාහ වූ බව කීවේය.
පී. ඤාණවති (60) මහත්මිය මෙසේ පැවසුවාය. ‘අලිය මුලින්ම දරුණුයි කිවුවම මම ටිකක් බය වුණා. නමුත් මම අලියට ආදරෙන් කතා කළා මගෙ මහත්තය මුලින්ම මට උදවු කළා. මම එයාට අලි භාෂාවෙන් කතා කළේ නෑ. මගෙ පැටියො වගේ ආදරෙන් කතා කළේ. අපි දෙන්නට දරුවන් නෑ. අපි දරුවකුට වගේ එයාට ආදරේ කළා. අපි ළඟ දැන් අලියා වසර 9 ක් වෙනවා. දැන් එයාට මම නැතුව කොහෙවත් යන්න බෑ වගේ. ගියත් කම්මැලි කමින් තමා යන්නෙ. අඹතලේ ගොඩමුණේ මහතාගේ මේ අලියා දැන් වයසයි. අපි මේ අලියගෙන් ලැබෙන දෙයකින් තමා ජීවත් වෙන්නෙ. අපිට වෙන ජීවත් වෙන්න ක්රමයක් නෑ. ඒ නිසා රජයෙන් තව අලි පැටියෙක් අපට ලබා දෙන්නැයි ඉල්ලනවා‘

issara waththe ballo geta gahala wage alin inne.
bala ganna innawa eththe oya gollo. godamune mahaththaya meruna, puththunta mona alida. unta ganak nethuwa ethi megollo wenna ona bala gannawa eththe
අලියාට අවුරුදු 70වක් නේ,ගොඩක් වයස පාටයි...අලියා.

ඒත් ඉතින් මොනවා කරන්නද?