අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමෙන් අනතුරුව අද (05) දින සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි ඒ මහතා පැමිණියේ ය. එහිදී අලින්ගෙන් සැදුම් ලත් අලි-මාලයක් පළඳවා ඔහු පිළිගත්තේ ය. පක්ෂ ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයින් හමුවී සුහද කතාබහක නිරත වෙමින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමට සහයෝගය දැක්වූ සියළු දෙනා වෙත ස්තුතිය පළ කිරීමට ද කටයුතු කළේය.
අනතුරුව පක්ෂ මූලස්ථානයේ සංවිධානය කර තිබූ තේ පැන් සංග්‍රහයටද සහභාගි වූ රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මාධ්‍යවේදීන් අමතමින් මෙසේ පැවසීය.
"වසර 03 කට පසු අපේ ආණ්ඩුව මෙවැනි විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා. මෙම විශ්වාසභංගයේදී ආණ්ඩුවට පක්ෂව වැඩි ඡන්ද 40 අධික ප්‍රමාණයක් ලැබුණා. මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර තිබුණේ ආණ්ඩුවටත්, මටත් විරුද්ධවයි. එම නිසා එය පරාජය කිරීමට උදව් උපකාර කළ සියළු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.
දැන් අපි අළුත් ගමනක් ආරම්භ කළ යුතුයි. ආණ්ඩුවට සහයෝගය ලබාදෙන සියළු දෙනා එකතු කර ගනිමින් රට වෙනුවෙන් හොඳ වැඩසටහනක් ඇති කරමින් අපි ඉදිරියට යනවා. මෙම දින කිහිපය තුළ අපි එම වැඩසටහන පිළිබඳව සාකච්ඡා කරනවා.
එක්සත් ජාතික පක්ෂය තුළ අළුත් මුහුණුවලට වැඩි ඉඩක් ලබා දෙමින් පූර්ණ ප්රතිසංවිධානයක් ඇති කරනවා. ඒ අනුව අපි 2020 මැතිවරණයට සූදානම් වෙනවා. ශක්තිමත්ව ඉදිරියට යාමේ විශ්වාසය දැන් අපිට ලැබී තිබෙනවා" යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු සහ පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. (සේයාරූ පහතින්)
මේ අතර විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමෙන් අනතුරුව ඒ මහතා ඊයේ (04) දින රාත්‍රී කොළඹ, ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරතව මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබාගත්තේය. ඔහු සමග බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එම අවස්ථාවට සහභාගී වූවා ය. (සේයාරූ පහත)
විශ්වාසභංග යෝජනා විවාදය පැවැත්වෙන අතරතුර අගමැතිවරයා එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමැතිවරු සමග පාර්ලිමේන්තුවේ දී තේපැන් සංග්‍රහයකට එක්වූ අවස්ථාවක සේයාරූ ද මෙහි දැක්වේ
Last edited:

