අලි මෙල්ල කරන s.m.s

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
source http://tinyurl.com/klfp8ju
:P:P:P:P:P:P:yes:(
මෙහෙම ගැනු මෙල්ල කරන්න පුලුවන්නම්):P

පෙරහැරවල ගෙන යන අලි ඇතුන් කලබලවීම මැඩලීමට විශේෂ කෙටි පණිවුඩ ක්‍රමයක් වයඹ විශ්ව විද්‍යාලයේ පශු සම්පත් හා ආහාර පෝෂණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගමික ප්‍රතාපසිංහ මහතා විසින් සොය ගනු ලැබ තිබේ.


ප්‍රතාපසිංහ මහතා පැවැසූයේ පෙරහැරවල ගමන් කරන අලි ඇතුන්ගේ ඇඳුමට සවි කරන ලද උපකරණයකින් පෙරහැරේ අලි ඇතුන් වෙනුවෙන් ඉන්නා ප්‍රධාන පශු වෛද්‍යවරයා වෙත යන කෙටි පණිවුඩයක් අනුවඅලියාගේ කලබලයේ ප්‍රමාණය මැන ඕනෑම තැනක සිට සත්ත්වයාට නිර්වින්දන එන්නත් ලබා දීමට පශු වෛද්‍යවරයාට හැකි වනු ඇති බවය.

වෛද්‍යවරයා පවසන පරිදි අලි ඇතුන්ගේ ගණන කොපමණ වුවත් මෙම ක්‍රමවේදය ඉතා සාර්ථක එකක් වනු ඇත.

සාමාන්‍යයෙන් අලියකු හෝ ඇතකු කලබල වුවහොත් සත්ත්වයා කලබල වන ස්ථානයට වෛද්‍යවරයාට යාමට ගත වන වේලාව මින් ඉතිරි වනු ඇති බවත් සත්ත්වයාගේ බරට සරිලන ආකාරයට සාර්ථක එන්නත් ක්‍රමයක් භාවිත කළ හැකි බවත් හෙතෙම පැවැසීය.