වයෝවෘද්ධ නිසාම දත් ගෙවී ගිය බැවින් රළු ආහාර ප්‍රතික්ෂේප කළ අතර රාජා යෑපුණේ මෘදු ආහාර හා බෙහෙත්, විටමින් වර්ග වලිනි. රාජා ආරක්ෂාකරගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් බෙහෙත්, විටමින් හා කොළඹින් පශු වෛද්‍යවරුන් පවා ලැබුණු බව කෘතවේදීව සිහිපත් කළ අප්පුහාමි මිල්ලන්ගොඩ මහතා මිල්ලන්ගොඩ රාජා රටට, ජාතියට, ආසියාවට සාඩම්බරයක් වූ බවද පවසයි.