අලි සබ්‍රිගේ ඉල්ලා අස්වීම ජනපති පිළි නොගනී!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,672
    113
    එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දෙමින් ඊට අදාළ අස්වීමේ ලිපි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (5) බාරදී ඇත .

    කෙසේ වෙතත් ජනාධිපතිවරයා අලි සබ්රි මහතාගේ එම ඉල්ලා අස්වීමේ ලිපි බාරගෙන නැතැයි රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

    ජනාධිපතිවරයා හමුවුණු අලි සබ්රි මහතා නීති සකස් කිරීමට රටේ නිශ්චිත ක්‍රමවේදයක් පවතිද්දී මෙවැනි කාර්යසාධක බලකා මාර්ගයෙන් නීති සකස් කිරීමට යෑම අනවශ්‍ය ගැටළු මතු වන්නක් බව පෙන්වා දී ඇත.

    එම පත් කිරීම සම්බන්ධයෙන් තමාගේ පැහැදීමක් නැතැයිද අධිකරණ ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇතැයි දැනගන්නට ඇත.

    මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය තමා පත්කළේ තමාට එම කාරණයට අදාළව උපදෙස් ගැනීමට විනා අන් දෙයකට නොවන බවයි. එසේම නීති සකස් කිරීමේ කටයුතුවලදී අනිවාර්යෙන්ම අධිකරණ ඇමැතිවරයාගේ දායකත්වය ලබා ගන්නා බවද ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දී ඇත.

    අධිකරණ ඇමැති අලි සබ්රි මහතාගේ කාර්ය සාධනය ජනාධිපතිවරයා මෙහිදී ඉහළින්ම අගය කර ඇතැයිද වාර්තා වෙයි.

    ඉහත පත් කිරීම සම්බන්ධයෙන් සමහරුන් තුළ පවතින්නේ වැරදි අවබෝධයක් බවද වහාම එය නිවැරදි කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇතැයි දැනගන්නට ඇත
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,960
    113
    එකමත් එක රටක
    අස්වීමත් රිවස් කරල නේද රිවස් නන්දෙ ??

    aIi4ext.gif

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දෙමින් ඊට අදාළ අස්වීමේ ලිපි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (5) බාරදී ඇත .

    කෙසේ වෙතත් ජනාධිපතිවරයා අලි සබ්රි මහතාගේ එම ඉල්ලා අස්වීමේ ලිපි බාරගෙන නැතැයි රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

    ජනාධිපතිවරයා හමුවුණු අලි සබ්රි මහතා නීති සකස් කිරීමට රටේ නිශ්චිත ක්‍රමවේදයක් පවතිද්දී මෙවැනි කාර්යසාධක බලකා මාර්ගයෙන් නීති සකස් කිරීමට යෑම අනවශ්‍ය ගැටළු මතු වන්නක් බව පෙන්වා දී ඇත.

    එම පත් කිරීම සම්බන්ධයෙන් තමාගේ පැහැදීමක් නැතැයිද අධිකරණ ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇතැයි දැනගන්නට ඇත.

    මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය තමා පත්කළේ තමාට එම කාරණයට අදාළව උපදෙස් ගැනීමට විනා අන් දෙයකට නොවන බවයි. එසේම නීති සකස් කිරීමේ කටයුතුවලදී අනිවාර්යෙන්ම අධිකරණ ඇමැතිවරයාගේ දායකත්වය ලබා ගන්නා බවද ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දී ඇත.

    අධිකරණ ඇමැති අලි සබ්රි මහතාගේ කාර්ය සාධනය ජනාධිපතිවරයා මෙහිදී ඉහළින්ම අගය කර ඇතැයිද වාර්තා වෙයි.

    ඉහත පත් කිරීම සම්බන්ධයෙන් සමහරුන් තුළ පවතින්නේ වැරදි අවබෝධයක් බවද වහාම එය නිවැරදි කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇතැයි දැනගන්නට ඇත
     
    Similar threads