මේ කතා දෙක බලපන්කො
" අපි පෝය දවසෙ සමන් දේවාලෙ ගියා. අද ඉස්කෝලෙ ඇරිලා ආව වෙලාවෙ ඉඳලා මගේ ලොකු පුතා කකුලෙ දම්වැලක් වගේ එකක් ගැට ගහලා අනික් කොන උලුවස්සේ ගැට ගහලා දගලනවා. මට කේන්තිත් ගියා කොච්චරවත් කෑ ගහනවා අමුතු සද්දයක් දදා. ඊට පස්සේ කියනවා මට යන්න බෑ මාව ගැට ගහලා තියෙන්නේ කියලා. මං ඇහුවා මොකද්ද ලමයො ඔය කරන්නේ කකුලකුත් ගැට ගහගෙන ලිහලා දානවා මල කරදරේ ඉවරයක් නෑ කියලා. කේන්තිත් ගියා හොඳටම මට.
ඊට පස්සේ පුතා කියනවා අම්මේ කෑ ගහන්න එපා අනේ මං සමන් දේවාලෙ ඉන්න අලියා කියලා. මට යන්න බෑ. මගේ කකුල් ගැට ගහලා තියෙන්නේ දම්වැල් වලින් කියලා. අපි දෙයක් දැක්කාම ඒක හිතට ගන්න හැටියි පුංචි ලමයි ඒවා හිතට ගන්න හැටියි ගොඩක් වෙනස්. මට එකපාරටම පුදුම හිතුණා සහ දුක හිතුණා. එයාගෙ පුංචි හිතට අලියා විඳින වේදනාව හරි බරට දැනෙන්න ඇති අද ඉස්කෝලෙ ගිය වෙලෙත් කල්පනා කරන්න ඇති. ගෙදර ආව ගමන් සෙල්ලම් බඩු පෙට්ටිය අවුස්සලා මේක හොයාගන ගැටගහ ගත්ත. මං කිව්වා එහෙනං ඔහොම ඉන්න දැන් ඔයා අලියානේ ඔයාට යන්න බෑනෙ. ඒකනෙ අම්මෙ දැන් රෑට තාත්තා දත් මදින්න කතා කලාම යන්නත් බෑ. මගේ කකුල් ගැට ගහලා නේ. ඒකත් කිව්වෙ දුකෙන් මොකද එයා ඒවාට කම්මැලිත් නෑ. දරුවන්ගේ ලෝකය හරිම සංවේදීයි. හරිම අහිංසකයි .
කමෙන්ට්ස්
දෙවනි එක

Copied
කමෙන්ට්ස්
සෙල්ලම්බඩු පෙට්ටියෙ බලු දම්වැල්ත් දානවද බන්
උගේ ගෙදර දම් වැලක් තිබිලා නම්, ගෙදරත් සතෙක් ගැටගහල ඉන්න ඇති. ඒක පේන් නැති එකා අලියා ගැට ගහලා තියෙනවා පෙනිලා, අලියා ලොකු හින්ද වෙන්න ඇති .
දෙවනි එක
කිසිම සිංහයෙකුට බෑ අම්මා කඩුවක් උස්සගන්න
මේක දැනට අවුරුදු 10 ට විතර ඉස්සර අපේ පුතා නිසා මට වෙච්ච ඇබැද්දියක්. 'ජාතික' දේවල් ගැන ලොකු ඝෝසාවක් ඇහෙන නිසා වෙන්න ඇති අද මට මේක මතක් වෙලා හිනා ගියා.
එතකොට පුතා ඉස්කෝලේ තුනේ පන්තියේ හරි හතරෙ පන්තියේ හරි හිටියේ. ඉස්කෝලේ ඇරෙන වෙලාවට පුරුදු විදියට මං ගියා එයාව ගන්න. පුතාව අරන් පිටත් වෙද්දි ටීචර් කිව්වා, “පොඩ්ඩක් ඉන්න මට අම්ම එක්ක ටිකක් කතා කරන්න ඕනේ” කියලා. ඒ කාලේ මං හැමදාම ටීචර්ලගෙන් සවුත්තු වෙනවා පුතාගේ අනං මනං වැඩ හින්දා.
“ අපේ රටේ ජාතික කොඩිය මාතෘකාව යටතේ ජාතික කොඩිය අඳින්න කිව්වාම මේ බලන්න මෙයා ඇඳපු එක”.
ටීචර් මට අමනාපෙන් පුතාගේ චිත්‍රෙ දික්කරා.
මං මේ දාලා තියෙන්නේ එදා එයා ඇඳලා තිබ්බ ජාතික කොඩියේ ෆොටෝ එකක්.
ටිකක් වෙලා බලං හිටියත් ඒකේ වැරැද්ද මොකක්ද කියලා ටීචර් කියනකම්ම මට නිච්චි වුණේ නෑ.
"මං තුන් පාරක්ම මේ චිත්‍රෙ ඇන්දෙව්වා හරියට කඩුව අඳින්න කියලා. ඒත් හැමපාරම මෙයා ඇන්දේ සිංහයා කකුලෙන් කඩුව පාගගෙන ඉන්න විදියටමයි. සිංහයා කඩුව උස්සගෙන ඉන්න විදියට අඳින්න කිව්වට කිව්වට ඇන්දෙම නෑ. පුදුම හිතුවක්කාරයි මෙයා. ගෙදරදි හරියට අන්දවලා හෙට ගේන්න. නැත්තං ඒ පැවරුමට ලකුණු දාන්න බෑ මට”
මම ඉක් ඉක්මන් කරලා පුතාවත් ඇදගෙන එතනින් පිටත් වුණා. ඇත්තටම මට එකපාරටම හිනාත් ගියා. ඒත් මං ඒක පෙන්නන්නේ නැතුව තරහ මූඩ් එකක් අරගෙන කොල්ලට බනින්න පටන් ගත්තා ඉස්කෝල ගේට්ටුවෙන් පාරට බැස්ස ගමන්ම.
“මොන පිස්සුවක්ද අර කරේ හරියට කොඩිය අඳින්නේ නැතුව? ජාතික කොඩිය වරද්දලා අඳින එක ලොකුම වැරැද්දක්. නඩු දාන්නත් පුළුවං”
මං පොඩි එකාගේ වයසට ගැලපෙන්නේ නැති තරමේ තර්ජන දැම්මා.
“ ඉතිං අම්මා, සිංහයෙකුට බෑනේ කකුල් තුනකින් හිටගෙන එක කකුලකින් කඩුවක් අල්ලගන්න. ඒ හින්දා මං සිංහයා කඩුව පාගගෙන ඉන්න විදියට ඇන්දා”
ඒක තමයි එයාගේ මහ ලොකු තර්කෙ!!
“ඒ වුණාට ජාතික කොඩිය කියන්නේ වෙනම එකක්. ඒකේ ඉන්නේ ඇත්ත සිංහයෙක්යැ? ජාතික කොඩිය කියන්නේ ජාතික කොඩිය. අපිට ඕනේ ඕනේ තැන්වල කඩුව තියල ඒක අඳින්නෙ නෑ ළමයො. ගෙදර ගිිහිං බත් කාලා ඉවර වෙච්ච ගමං වාඩි වෙලා ඕක හරියට අඳින්න ඕනේ. සෙල්ලං කිරිල්ලක් නෑ ඒක ඉවර කරනකං” මං සත්තම දැම්මා.
“ කිසිම සිංහයයෙකුට බෑ කඩුවක් උස්සගන්න. අඩුගානේ සිංහයගේ කකුල් වල හරියට ඇඟිලිවත් නෑ මුකුත් අල්ලගන්න. අම්මා ඕන්නං ගෙදර ගියාම ටොට්ටගෙ කකුල් යට බලන්න”
ටොට්ටා කිව්වේ ඒ කාලේ අපේ ගෙදර හිටපු පූසා.
අපේ එකා එක්ක ඒ කාලේ කතා කරලා දිනන්න ආමරුයි.
“ ඒ කතා වැඩක් නෑ, ගෙදර ගිහින් හරියට ජාතික කොඩිය අඳින්න ඕනේ”
ඒත් කොල්ලා ඇන්දෙම නෑ සිංහයා කඩුව උස්සගෙන ඉන්නවා. මට එපාම වෙලා මං ඒක අත් ඇරලා දැම්මා.
පස්සේ මං රෑ පුතා නිදාගන්න ගියාම ටොට්ටව ඔඩොක්කුවට අරන් උගේ කකුල් පොඩි යට බැලුවා. ඇත්තටම ඒවායින් මුකුත් අල්ලගන්න බෑ තමයි. කකුලට පාගගෙන තමයි කරන දෙයක් කරන්න පුළුවං.
මං පහුවෙනිදා බයාදු විදියට ටීචර්ට කිව්වා ඒ පැවරුමට පුතාට ලකුණු නැති වුණාට කමක් නෑ මිස් කියලා