අලුගෝසුවාගේ අස්වීමේ ලිපිය

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අලුගෝසුවාගේ අස්වීමේ ලිපිය

    21lead4.jpg


    ගරු බන්ධනාගාර කොමසාරිස් තුමා,
    වැලිකඩ බන්ධනාගාරය,
    බොරැල්ල.

    පත්තරේ, ටැලිවිසොන් එකේ අළුගෝසුවෙක් හොයනවා කිව්වාම පැනලා ආවේ, අනික් මොන මළදානෙට යන්න ගියත්, පලාතේ ඇමතිලාගෙන් ලියුම් ගේන්න කියන නිසාය. ඒ උනාට, අපේ ගමේ නායක හාන්දුරුවෝත්, ග්‍රාමසේවක නෝනාත්, කිසි පැකිලීමක් නැතිව, චරිත සහතික ලියා දුන්නා පමණක් නොව, තුරුණුවන්ගේ සරණත් පැතුවා මට හොඳටෝම මතකය.

    ආන්ඩුවේ මැති අමතිවරුන් ළඟ, ෆුලි කොලිෆයි බඩු උන්නත්, මෙළෝ කොලිෆිකේසොන් එකක් වත් නැති මට, මේ ජොබ් එක දුන්නාට, ඔබ තුමාට මුලින්ම ඉස්තූතී වන්ත වෙන්න ඕනාය. අපේ හාමිනෙත් කිව්වේ මෙච්චර අළුගෝසුවෝ ඉන්න රටේ, බන්ධනාගාර කොමසාරිස්ට් එකෙක් හොයා ගන්න අමාරු මොකදෑ කියාය. සමහර විට ඔබතුමා බන්ධනාගාරේ උන්නත්, ඒ වගේ උන් ගැන නොදන්නවාත් විය හැකිය.

    ජොබ් එකට ආපු මුල් කාළයේ, මමත් ගමේ පොරක් උනේය. හැම එකාම ඇහුවේ, දැන් කවදද පළවෙනි එකා එල්ලන්නේ කියලාය. පඩත්තර කොල්ලෝ නම් කිව්වේ, එල්ලන්න ඕන උන් ඉන්නේ, එලියේ කියලාය. උන් කියනා විදියට එලියේ උන් එල්ලුවොත් හෙම, මට නහින්න වෙන්නේත් එල්ලිලාය. මොකෝ මේ රටේ නීතීය ඒ තරම් සර්ව සාධාරණය. යුක්තිය නියමාකාරයෙන්ම ඉටු වෙනවාය.

    ඒත්, දැන් නම් ගමේ යන එක මට අරහන්ය, දැන් හැම එකාම කින්ඩිය දාන්නේ, කෝ බන් මහ ළොකුවට එල්ලන්න ගියාට, උඹට එකෙක්වත් එල්ලගන්න බැරි උනානේ කියාය. ඒ මදිවාට එල්ලන්න එකෙක් ඉඳිද්දි, සම හරක් උන් මගේ ජොබ් එක උන්ම කරගන්නා එක මාර අසාධාරනයක් කියා මටත් හිතෙන්නේය.

    හැමදාම ට්‍රේන් වෙන්න, වැලි කොට්ට එල්ල එල්ලා උන්නාට, මට පොරක් වෙන්නට බැරිය. පත්තර වල මගේ ඉන්ටවීව් යන්නේ නැතිය, ටැලිවොසින් එකෙන් මගේ පොටෝ එකවත් පෙන්නන්නේ නැතිය, වයර්ලස් එකෙන් ඇක්ස්පීරියන්ස් අහන්නේ නැතිය. ආපු ජොබ් එක හරියට කරන්නේ නෑ කියා.. ඩෙත් රෝ එකේ ඉන්න උනුත් මට කින්ඩිය දානවාය.

    දැයට කිරුලෙත් 90% කියලා තිබුනේ එල්ලන්න ඕන උන්, එල්ලලාම දාන්න කියලාය. ඒ උනාට එහෙම එල්ලන එක සාධාරණදැයි කියා මටත් දැන් දැන් හිතෙනවාය. අම්මපා එහෙම එල්ලන්න ගියොත් හෙම රටෙන් භාගයක් විතර එල්ලන්නම වෙනවාය. එහෙම දෙයක් උනොත්, අර මැතිවරණ කොමසාරිස් මහත්තයාට වගේ, ආතතියද මොකක්ද ලෙඩේ උනත් හැදෙන්න ඉඩ තියෙනවාය.

    ගමේ ගොවිතැන් කොරලා කවදාවත් රජ වෙන්න බැරි බව දැනගෙන. මේ රස්සාවට ආවේ, මේකෙන් වත් පොරක් වෙන්න හිතලාය. ඒත් ඉතින් හැමදාම නිකන් ඉඳන් කන එක අපිට පුරුදු නැතිය. අනික ඉතින්, දැන් දැන් නඩු අහන්නත් කලින්, විත්තිකාරයාම පොලීසී ඇතුලේ එල්ලිලා මැරෙණ නිසාත්, සමහර උන් ආයුධ සොයන්න ගොස් මැරෙණ නිසාත්, සමහර උන් පොලීසිය සමඟ පීනූම් තරඟ තියන්න ගොස් මැරෙන නිසාත්. ඉස්සරහට එල්ලන්න එකෙක් ඉතුරු වෙන්නේ නැති සයිස් එකකුත් තියෙනවාය.

    අනික බෝගම්බර වැහුවා වගේ, ඔක්කෝම ටික වහලා දාලා, හිරකාරයෝ ටික එලියට දැම්මා නම්, ඒ දුකටම උන් එල්ලිලා මැරෙන්නත් ඉඩ තියෙනවාය. ඒ මොකෝ එළියේ ඉන්නවාට වඩා ඇතුලේ ඉන්න එක මාර ආතල් කියා, කුඩු නූර්ලා, පොට්ට නවිෆර්ලා හිටන් මට කියලා තියෙන නිසාය. ඒ කෙසේ වෙතත් ජේලර්ලා නම් එල්ලෙනෙ එක එල්ලෙනවාමය.

    ඒ නිසා මම නම් කියන්නේ එල්ලුම් ගහ වගේම හිර ගෙවලුත් ඕනා නැත කියාය. රජ කාලේ වගේ පොලීසියෙම නඩුව අසා වැඩේ අහවරයක් කොරලා දැම්මා නම්, උසාවී වලට උනත් නිවාඩු දෙන්න පුළුවන් සයිස් එකක් තියෙනවාය.

    ඒ වගේම පොලිස් පති තුමා හැම එකාටම පිස්තෝලේ ඉනේ ගහගෙන යන්න කියපු නිසා, පොලෝසියට එන්නත් කලින්, නඩු විසඳිලා තියෙන්න පුලුවන් තත්වයකුත්, ඉදිරියේදි තියෙනවාය. ඒ නිසා මම ගම රට බලා යනවාය. මෙතුවක් කල්, රටින් කඹයක් ගෙනත් දුන්නාටත්, වැලි කොට්ට සපයා දුන්නාටත්, ඔබ තුමාට බොහෝ පින් සිද්ද වෙනවාය.

    මේ ලියුම කියවා ඔබ තුමා එල්ලෙන්න එපාය. එහෙම උනොතින් මටත් වෙන්නේ එල්ලිලාම නහින්නය.

    ඔබ තුමාට සුබ අනාගතයක්..!!!

    මීට,
    එකෙක් වත් එල්ලුවේ නැති අළුගෝසූවා..


    article-1289947-0A385E76000005DC-798_468x578.jpg


    bump 1ක් දාගෙන සලකලම යන්න
     
    Last edited:
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    අනික බෝගම්බර වැහුවා වගේ, ඔක්කෝම ටික වහලා දාලා, හිරකාරයෝ ටික එලියට දැම්මා නම්, ඒ දුකටම උන් එල්ලිලා මැරෙන්නත් ඉඩ තියෙනවාය. ඒ මොකෝ එළියේ ඉන්නවාට වඩා ඇතුලේ ඉන්න එක මාර ආතල් කියා, කුඩු නූර්ලා, පොට්ට නවිෆර්ලා හිටන් මට කියලා තියෙන නිසාය.
    :lol:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    Suppa sahooooo :lol::lol::lol:

    Warthamana thathwaya ehenma liyala tiyanawa........:lol::lol::lol::lol::lol:

    thanks machan :)


    එළකිරි කොල්ලෙක්;16410060 said:
    අනික බෝගම්බර වැහුවා වගේ, ඔක්කෝම ටික වහලා දාලා, හිරකාරයෝ ටික එලියට දැම්මා නම්, ඒ දුකටම උන් එල්ලිලා මැරෙන්නත් ඉඩ තියෙනවාය. ඒ මොකෝ එළියේ ඉන්නවාට වඩා ඇතුලේ ඉන්න එක මාර ආතල් කියා, කුඩු නූර්ලා, පොට්ට නවිෆර්ලා හිටන් මට කියලා තියෙන නිසාය.
    :lol:

    bump.....

    thanks machan :):)