අලුත්ම චිත්‍රපට!

Mar 21, 2011
4
1
0
අලුත්ම චිත්‍රපට!

බය හිතෙන චිත්‍රපට බලන්න කවුරුත් කැමතිනේ. ඔන්න අද අරගෙන ආවේ ඒ වගේ හොල්මන් කතාවක්. මේක හොල්මන් කීවට ඉන්දියාවේ 18 වන ශත වර්ෂයේ හිටපු යක්ෂණියෙක්ගේ කතාවක්.

චිත්‍රපටය සම්මානයකුත් දිනාගෙන තියෙනවා. ඒක තමයි, South African Horror Film Festival 2010 වලදී Best Horror Film සම්මානය.

මෙන්න මෙහෙමයි කතාව.

කාලෝ කියන්නේ යක්ෂණියක්. ඇය 18 වන ශත වර්ෂයේ ඉන්දියාවේ රාජස්තාන් කාන්තර වල තියෙන කුල්බතා කියන ප්‍රදෙශයේ තම බලය පතුරවගෙන ඉදලා තියෙනවා. ඇය පොඩි ගැහැණු ලමයින්ව මරලා තියෙනවා අමරණීය වෙන්න. මෙයට උරණ වෙන ගමේ අය ඇයව මරලා වල දාලා තියෙනවා.

ඒත් කාලයක් ගිහින් මේ කාලෝ නැවතත් කලින්ටත් වඩා දරුණු ලෙස ගම්මුන්ව මරන්න එනවා. මේ නිසා ගම් වැසියෝ ගම හැර දාලා යනවා. මේ ගමට කාටවත්ම එන්න දෙන්නේ නෑ මේ යක්ෂණිය.

දැන් කතාව යන්නේ, ඒ ගම හරහා යන බස් එකක වෙන සිදුවීම් ටිකක්. මේ බස් එකේ යනවා සෝනා කියලා අවුරුදු 12ක ගෑණු ලමයෙක්. කාලෝට මේ ගැන ඉව වැටිලා ඇයව මරන්න එනවා. ඔන්න චිත්‍රපටය බාගෙන බලන්න ඉතිරි ටික.

චිත්‍රපටයට රංගනයෙන් Swini Khara, Aditya Srivastav, Gufi Paintal, Sheela David, Raj Arun යන අය දායක වෙනවා. අධ්යක්ෂණය Wilson Louis විසින්, නිෂ්පාදනය Yash Patnaik විසින්.

කතාව නිර්මාණය වී ඇත්තේ ජනකතාවක් අනුවයි.මේ චිත්‍රපටය තමයි ඉන්දියාවේ Creature Based First Horror Movie එක. චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2010 දෙසැම්බර් මස 17 වෙනිදා සිටයි.
මෙන්න මෙතනින් බාගන්න
 
  • Like
Reactions: thilina91

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    FIlm eka hodai ban mama oka beluwa.. but moda aathal wediy.. holman newei ban eka nikan alian scene ekak wage...
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    තව හොල්මන් ෆිල්ම් වල ටොරන්ට් ටිකක් දාන්න