අලුත්ම මත් ද්‍රව්‍යයක් සමඟින් සුරූපි කත &#3503

StillStanding

Member
Feb 20, 2016
491
62
0
අලුත්ම මත් ද්‍රව්‍යයක් සමඟින් සුරූපි කත &#3503

af8.jpg



මිල අධික අනර්ඝ ගණයේ චොක්ලට්වලට මත්ද්‍රව්‍ය මුසුකරමින් මහා පරිමාණයෙන් කරගෙන ආ මත්ද්‍රව්‍ය ජාවාරමක් සාර්ථකව වැටලීමට පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට පසුගියදා හැකිවිය. අනර්ඝ තත්වයේ චොක්ලට්වලට මෙසේ මිල අධික මත්ද්‍රව්‍ය මුසුකරමින් කරන ලද මෙරටින් වාර්තා වූ පළමු මහා පරිමාණයේ ජවාරම මෙයයි. කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මෙම සැකකාරිය මෙලෙස අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාර ගතවූයේ සිය මාස 04ක් වයසැති අත දරුවාද සමඟය.
මෙම සැකකාරිය සිය ස්වාමියාද සමඟින් මෙම ජාවාරම කරගෙන යන බව මුලින්ම කණ වැකුණේ පොලිස්පතිතුමාටය. පොලිස්පති එන්. ඒ. ඉලංගකෝන් මහතාගෙන් හා සහකාර පොලිස් අධිකාරි ඩී.ජී. එච්. ප්‍රශාන්ත මහතාගෙන් ලද තොරතුරුවලට අනුව මෙම වැටලිම් කටයුතු බාර වූයේ පාණදුර වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකයටයි. පොලිස් විශේෂ කාර්යාංශයේ සහාය ඇතිව මෙම වැටලීම් කටයුතු සිදුවුයේ පසුගිය 14 හා 15 යන දෙදින තුළ ය. අවිස්සාවේල්ල ප්‍රදේශයේ රෝහලක වෛද්‍යවරයෙකුගේ දියණියක වන සැකකාරිය මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත්තේ ඉතා සූක්ෂ්ම ආකාරයෙනි. එසේම ඇය මෙම මත්ද්‍රව්‍ය අඩංගු මිලාධික චොක්ලට් බෙදාහැර ඇත්තේද ඉතාමත් සූක්ෂ්ම ආකාරයෙනි. මේ නිසා වැටලීම් කටයුතු ඉතාමත් රහසිගත ආකාරයෙන් දියත් කරන්ටත්, වැටලීම සිදුකෙරෙන තෙක් එය ඉතා රහසිගතව තබා ගන්නටත් මෙම ඒකකයට සිදුවිය.



නදීෂා නම් වූ මෙම කාන්තාව සිය ස්වාමියාද සමඟින්

ඇමෙරිකාවේ පදිංචි සිය හිතවතියන්ගේ ද සහාය ලබා ගනිමින් මෙම ජවාරම සිදුකරන ලද්දේ මත්ද්‍රව්‍ය චොක්ලට් සමඟ මුසුකරමින් අලුත්ම ආකාරයේ චොක්ලට් පෙති නිෂ්පාදනය කරමිනි. කොකේන් නම් වූ මත්ද්‍රව්‍ය චොක්ලට් සමඟ මුසුකරමින් අඟලක ඝනකමින් යුතු රුපියලේ කාසියක ප්‍රමාණයෙන් හදවතේ හැඩරුවට සමානව මෙම චොක්ලට් පෙත්තක් ඇය විකුණා ඇත්තේ රුපියල් 3000 ක 4000 කටත් අධික මිලකටය. ඒ දන්නා කියනා හිතවත් මිතුරන් අතරේ පමණි. කලක පටන්ම මේ සඳහා ඇයට ගැනුම්කරුවන් සිට ඇත. විශේෂයෙන් කොළඹ නගරය ආශ්‍රිත සමාජ ශාලා රාශියක මෙම චොක්ලට් පෙති විකිණී ඇත්තේ මිතුරන් මඟිනි.
මේ තරුණ රූමත් කාන්තාවගේ ස්වාමියා 'හෑෂ්' නම්වූ මත්ද්‍රව්‍යට තදින්ම ඇබ්බැහිවූවකු බව සඳහන් ය. මොවුන් දෙදෙනා එක්ව චොක්ලට්වලට අමතරව 'ප්‍රොපලීස්' නමැති ඉතා හානිකර මත්ද්‍රව්‍යද නිපදවා ඇත. ඒ මී වදවල ඇති ඉටි හා ඇල්කොහොල් යොදාගෙනය. මේවා සකස් කර ඇත්තේ කුඩා ප්‍රමාණයේ කුප්පිවලය. මේවාද විකුණා ඇත්තේ රුපියල් 3000 සිට 4000 මිල ගණන්වලටය. සාමාන්‍ය කෙනෙකුට ලෙහෙසියෙන් මිලදී ගත නොහැකි මෙම චොක්ලට් පෙත්තක් ගත් අයෙකුට එහි මත්ගතිය පැය 18 ක් පමණ පවතියි. මෙම චොක්ලට් පෙත්ත ගත් විගස ගත් පුද්ගලයා සිය වින්දනීය ලෝකයට කැඳවා ගෙන යෑමට ප්‍රථම ශරීරයේ යම් ගැස්මක් ඇතිවෙයි. එම ගැස්ම වළක්වාගන්නට පෙත්ත ගත් විගස ගත් පුද්ගලයා භාවනානුයෝගීව සිටිය යුතු වෙයි. ඒ ගැස්ම වළක්වාගන්නට අවධානය වෙනතකට යොමු කරවන්නටය. චොක්ලට් පෙත්තෙන් නියම ආස්වාදය ලබන්නේ ඉන් අනතුරුවය. පෙති තුන හතරක් භාවිතා කරන්නෙකුට එහි වින්දනය දින එකහමාරක් පවතී. ඒ කාලය තුළ තමන්ගේ විවිධ රුචිකත්ව හරහා මනස කිසිදු පාලනයකින් තොරව උපරිම වින්දනයක් කරා ළඟා වීමට ඔහුට හැකිය. සිංදු කියන්නාට කිසිදු පාලනයකින් තොරව එය කරන්නටත් ලිංගික ආස්වාදයන්හි නියැළෙන්නාට කිසිදු පාලනයකින් තොරව එය කරන්නටත් හැකිවෙයි. මෙහි අති භයානකකම ඇත්තේ එතැනය. මෙමඟින් මත්ද්‍රව්‍ය ගන්නා තුළ ඇතිවෙන හැඟීම් ඉතා දරුණුය.
මෙසේ ඉතා සූක්ෂ්ම ආකාරයෙන් කෙරීගෙන ගිය ජාවාරම උපාය දූතයන් යොදා ගනිමින් ඉතා දක්ෂ ආකාරයෙන් නීතියේ රැහැනට හසුකරගැනීමට වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකය සමත් විය. පොලිස්පතිතුමාගේ උපදෙස් මත මාණ්ඩලික නියෝජ්‍ය පොලිසිපති මහේෂ් පෙරේරා සහකාර පොලිස් අධිකාරි ඩි.ජී.එච්. ප්‍රශාන්ත හා වලාන දූෂණ මර්ධන ඒකකයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක අජිත් ශාන්ත යන මහත්වරුන්ගේ නායකත්වයෙන් සිදුකළ මෙම මහා පරිමාණ වැටලීමට විශේෂ ඒකකයක් එක්විය. උප පොලිස් පරීක්ෂක ජනිත කුමාර, ආසිරි කරුණාරත්න, පොලිස් සැරයන් වික්‍රමරත්න(39456), පොලිස් කොස්තාපල් ජයලාල්(428), අසංක(61659), මුණසිංහ(77146), උදයකුමාර(84889), විජේකෝන්(48886), නිමල්(13045), කාන්තා පොලිස් කොස්තාපල් ප්‍රියදර්ශී(7857), දුලිකා(9478) පොලිස් කොස්තාපල් රියැදුරු බණ්ඩාර(15932) හා දිසානායක(80178) යන නිලධාරීහූ මේ වැටලීමට එක් වූහ. උපායශීලි ලෙස මෙම කාන්තාව හා මිත්‍ර වී දෙවනුව ගැනුම්කරුවකු බවට පත්ව මෙම වැටලිම සිදුකරගෙන ඇත.
වැටලීම සිදු කරන අවස්ථාවේ මෙම නිවෙස තුළ තිබී මැජික් මෂ්රූම් නමැති දැඩි අන්තරායකර ඖෂධ පැකට් 7 ක්ද ප්‍රොපලීස් නමැති ඖෂධ අඩංගු කුප්පි 42 ක්ද කංසා ශාකයෙන් ලබා ගන්නා හෑෂ් ග්රෑම් 16 ක් ද සොයාගන්නා ලදී. මේ සඳහා යොදාගත් විශේෂ හතු විශේෂයක් හා කොකේන් විදේශ රටකින් ආනයනය කර ඇත.
කලක් තිස්සේ මේ ජාවාරමේ නිරතව සිටියැයි කියනු ලබන මේ රූමත් කාන්තාව පසුගිය 17 දා නාරාහේන්පිට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන පසුගිය 18 වැනිදා මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණෙවිය වෙත ඉදිරිපත් කළේ සිය චොකලට් තොගයද සමඟිනි. සියලු කරුණු විමර්ශණයෙන් අනතුරුව ඇය සිය මාස හතරේ බිලිඳා ද සමඟින් රිමාන්ඩ් බන්ධනාර ගත කරනු ලැබිණි.
මේ ජාවාරමෙන් රටට සිදුවීමට තිබු හානිය අතිමහත් ය. මේ ජාවාරම තවත් දුර දිග ගියේ නම් ඉන් බොහෝ දෙනකුට කඳුළු බීමට සිදු වනු ඇත. මෙහි තවත් කදුළු කතාවක් ද වෙයි. සැකකාර කාන්තාවගේ පියා මෙන්ම මාමා ද වෛද්‍යවරුන් බව පැවසේ. සැකකාරිය කොළඹ උසස් බාලිකා පාසලක ඉගෙනීම ලබා වයස අවුරුදු 16 දී නිවෙස හැර ගොස් තරුණයකු සමඟ ජිවත්ව ඇත. පසුව නැවත නිවෙසට පැමිණ ඉහත කී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයා සමඟ විවාහ වී ඇත. උගත් වෛද්‍යවරයාට වැරැදුණේ මෙතැනය. ඔහු හඬා වැටුණේ තමාත් තම බිරියත් මීට වඩා දරුවන් ගැන සෙවිල්ලෙන් සිටියානම් 21 හැවිරිදි සිය දියණිය මෙවන් විපතකට පත් නොවන බව පවසමිනි. අද කාලයේ කොයි දෙමවුපියන්ටත් ‍මෙය අගනා පාඩමකි.

stock-photo-9461266-woman-hanging-in-mesh-rope.jpg

දැන් මෙහෙමලු පොලිසියේ ඉන්නේ :love:
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,822
    1
    11,159
    113
    ස්වාමියාට මොකෝ වෙලා තියෙන්නෙ...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පෙති තුන හතරක් භාවිතා කරන්නෙකුට එහි වින්දනය දින එකහමාරක් පවතී. ඒ කාලය තුළ තමන්ගේ විවිධ රුචිකත්ව හරහා මනස කිසිදු පාලනයකින් තොරව උපරිම වින්දනයක් කරා ළඟා වීමට ඔහුට හැකිය. සිංදු කියන්නාට කිසිදු පාලනයකින් තොරව එය කරන්නටත් ලිංගික ආස්වාදයන්හි නියැළෙන්නාට කිසිදු පාලනයකින් තොරව එය කරන්නටත් හැකිවෙයි. මෙහි අති භයානකකම ඇත්තේ එතැනය. මෙමඟින් මත්ද්‍රව්‍ය ගන්නා තුළ ඇතිවෙන හැඟීම් ඉතා දරුණුය.

    :baffled:
     

    Red Queen

    Member
    May 23, 2015
    81
    8
    0
    දෙමව්පියන්ට වුවමනාවක් නෑ දරුවෝ වෙනුවෙන් නිවැරදි කැප කිරීමක් කරන්න. ගොඩක් දෙමව්පියෝ ඔහොමයි. තමන්ගේ ජීවිතේ තියෙන්නේ තමන්ගේ අතේ. ඒක තේරුම් යනකොට දරුවෝ පරක්කු වැඩියි. වාසනාවක් තිබුනොත් ඒ වෙනකන් ජීවිතේ මේ වගේ ලොකු වැරද්දක් නොවී තියෙන්න පුළුවන්.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දෙමව්පියන්ට වුවමනාවක් නෑ දරුවෝ වෙනුවෙන් නිවැරදි කැප කිරීමක් කරන්න. ගොඩක් දෙමව්පියෝ ඔහොමයි. තමන්ගේ ජීවිතේ තියෙන්නේ තමන්ගේ අතේ. ඒක තේරුම් යනකොට දරුවෝ පරක්කු වැඩියි. වාසනාවක් තිබුනොත් ඒ වෙනකන් ජීවිතේ මේ වගේ ලොකු වැරද්දක් නොවී තියෙන්න පුළුවන්.

    :yes::yes::frown::dull:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පෙති තුන හතරක් භාවිතා කරන්නෙකුට එහි වින්දනය දින එකහමාරක් පවතී. ඒ කාලය තුළ තමන්ගේ විවිධ රුචිකත්ව හරහා මනස කිසිදු පාලනයකින් තොරව උපරිම වින්දනයක් කරා ළඟා වීමට ඔහුට හැකිය. සිංදු කියන්නාට කිසිදු පාලනයකින් තොරව එය කරන්නටත් ලිංගික ආස්වාදයන්හි නියැළෙන්නාට කිසිදු පාලනයකින් තොරව එය කරන්නටත් හැකිවෙයි. මෙහි අති භයානකකම ඇත්තේ එතැනය. මෙමඟින් මත්ද්‍රව්‍ය ගන්නා තුළ ඇතිවෙන හැඟීම් ඉතා දරුණුය.

    :baffled:

    godak durata LSD wage scene ekak tiyenne Cocaine nemei ehema nathnan Crystal Meth:dull::rolleyes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Crystal meth apita gedara hadanna barida breaking bad eke wage?

    Ekata eka eka chemicals jaathi godak one ban:P:yes:
    Ithin scene eka tamai US wage ratawalwala oya chemicals ganna puluwan normal supermarket walin unath.Mokada unge consumer freedom eka apita wadiya godak high nisa.Lankawe oya meth hadanna ona godak chemicals access restrict karala tiyenne normal citizenlata:yes::D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ටැස් කොරන්න අපිටත් ඔවුව්‍යින් චෝකොලට් කැල්ලක් ගන්න බැරි වෙයිද?