අලුත්ම ලීක් එක දැක්කද?

nidarsha91

Well-known member
  • නෝර්මල් පික් එකක් ද? ඉතිං බලපං ජීවිත වලට වඩා ෆේස්බුක් රීච් වල වටිනාකම වැඩි රටක් මේක. අලුත් පරපුරේ ආකල්ප ගැන හිතලා බලපං. රටේ අනාගතය කොහොම වෙයිද?

    ow machan. board ekak allan inna scene ekak. board eke thiyena wachanai arthayai awul ban. a kella ehema nathii genuine kellek.
    aaayee ape bodime group eke leak unaa kiyala video ekak daala thibuna. apith ekka class aawa akka kenek. appiriya una mata nan. mamath affair ekaka unna. mamath private life incidents virtually share karagaththa. eth mage condition eka api a awasthaawa pasu kalaata passe e mathakayan makanna onai kiyala. eya nam kohomada danne na. habai mama nam a de kalaa. mokada kellekge jeevitheta aadaraya karanawa wagema garu kireemath uda.

    mekai mage adahasa !
     
    • Like
    Reactions: krazydushi

    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    View attachment 104238

    ආතල් කඩන්න සිද්ධ වුන එක ගැන සොරි. ඇත්ත කාරණය මෙන්න මේකයි.
    අලුතෙන්ම ලීක් වුනේ තමන්ගේ පින්තූර කලෙක්ෂන් එකක්, වීඩියෝවක් හෝ හඬපටයක් නොවෙන තාක් මේක අපිට හෙන ආතල් එකක්. ඒක තමයි අපි තේරුම් නොගන්නා ඇත්ත. ලීක් එකක් වයිරල් කරලා තමන්ගේ ෆේස්බුක් පේජ් එකේ එහෙමත් නැත්තම් යූටියුබ් චැනල් එකේ, ටෙලිග්‍රෑම් චැනල් එකේ සබ්ස්ක්‍රයිබර්ස් ලා වැඩි කරගෙන රීච් වැඩි කරගන්න දඟලන මිනී කාක්කන්ට නොදෙවෙනි තරුණ ප්‍රජාවක් ඉන්න රටක් මේක.
    එහෙව් රටේ නිරුවත් පින්තූරයක් තමංගෙ දුරකථනයෙන් ලීක් උනා කියන්නෙ ඒක මහා ලොකු ඛේදවාචකයකින් කෙලවර වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි.

    මිනිස්සු ඇයි නිරුවත් පින්තූර/ වීඩියෝ/ හඬපට ලීක් කරන්නෙ?

    1. ආදරයෙන් පැරදුනු නිසා පෙම්වතියගෙන්/ පෙම්වතාගෙන් පළි ගැනීමක් විදියට (බූට් කෑවම)
    2. අනෙකා හොඳ ජීවිතයක් ගත කරනවා දැක ඉවසීමට නොහැකි තරම් ඉරිසියාව නිසා
    3. සියළු කෙල්ලන් වර්ගයා සමඟම තියෙන වෛරය නිසා (සමහර විට කෙල්ලො බෑ කිව්වම ඊට පළිගැනීමක් විදියට සමස්ත කෙල්ලො වර්ගයා එක්කම සමහරු වෛර බැඳගන්නවා)
    4. ලිංගික බෙලහීනතාවය හෝ මල්ලි පොඩිවීම නිසා කෙල්ලන්ව ලිංගිකව තෘප්තිමත් කල නොහැකි විට සමහරුන්ට කෙල්ලන් සමඟ ඉරිසියාවක් ඇති වෙන බව කියනවා. මෙයත් එක හේතුවක්
    5. අතට අහුවෙන ඕනෑම නිරුවත් පින්තූරයක් වීඩියෝවක් පබ්ලිෂ් කර වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවි වල ඇති තමාගේ ප්‍රොෆයිල් එකේ රීච් හා වීව්ස් ඉහළ දමා ගැනීම සඳහා
    6. එකී මෙකී නොකී වෙනත් හේතු රාශියක් නිසා
    මේ කොයි ආකාරයකට උනත් මෙයින් ඇති වන මහා විනාශය ගැන විචාර මනසින් බැලීමට නොහැකි තරම් මේ අධමයන්ගේ අවබෝධය විකෘති වෙලා ඇති බව පෙනෙනවා. ඇතැම් විට මෙය නිවැරදි විදියට කළමනාකරණය කර ගත්තේ නැති වුනොත් සියදිවි හානි කරගැනීමකින් පවා කෙළවර විය හැකියි. ඒත් එය එතනින් නවතියිද? ඔවුන්ගේ දෙමව්පියන්ට විඳින්නට සිදුවෙන අවමානය නවතියිද?

    මේ වගේ දෙයක් උනම අපේ මිනිස්සු වහාම ආරූඬ කරගන්නෙ අති සුපිරිසිදු සත්ගුණවත් උපාසක ගෙ චරිතය බව අපි දැකලා තිබෙනවා. ඔවුන් වහාම ලීක් කරගත්ත කෙල්ල 'බඩුවක්' විදියට සමාජය ඉදිරියේ හංවඩු ගහන්නෙ උඩ පැන පැන. ඒකට හේතුවත් මම උඩ සඳහන් කරපු කරුණු 6 ඇතුලෙ තියෙනවා.

    කොහොමෙන් කොහොම හරි මෙහෙම අත්වැරදීමකින් ලීක් වුනොත් හරි තමන් දැඩිව විශ්වාස කරපු පෙම්වතා හෝ පෙම්වතිය විසින් හිතාමතාම ලීක් කරොත් අපි මොකද කරන්නෙ?


    1. පැනික් වෙන්න එපා
    ප්‍රධානම දේ පැනික් වෙන්නෙ නැතිව ඉන්න එක. කොහොමත් ඔය වයිරල් වීම උපරිම දවස් තුනකින් අවසානයට පත් වෙනවා. ඊට පස්සෙ සතියක් යනකොට මිනිස්සුන්ට එහෙම දෙයක් උනාද කියලත් අමතකයි. ඒක නිසා වඩාත්ම වැදගත් මේ මුල් අවස්ථාවේ කාගෙන ඉන්න එකයි.

    2. නීතියේ සහාය පතන්න
    ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය විසින් හිතාමතාම ලීක් කරපු අවස්ථාවක ඔබට කරන්න පුළුවන් හොඳම සහ බුද්ධිමත්ම දේ නීතියේ සහාය පතන එකයි. ලංකාවෙ නීතිය මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නීතිය දැන් ගොඩක් අප්ඩේට් වෙලා තියෙන බව තතු දත් අය වඩාත් පැහැදිලි කරයි. ගොඩක් උදවිය ලැජ්ජාව හා නොදැනුවත්කම නිසා පසුබහින්න පෙළඹුනත් ඔබට අනිවාර්යයෙන්ම නීතියේ පිළිසරණ පැතිය හැකියි.

    Sri Lankan Police Cyber crime unit - 011-242-3945
    Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre (Sri Lanka CERT|CC) - +94 11 269 1692 / 269 5749 / 267 9888
    TechCERT - +94114219125 , 0114- 462 562 (hotline)


    3. අසභ්‍ය වෙබ් අඩවි වල ඇති Content Removal පහසුකම භාවිත කර පිංතූර ගලවා දමන්න
    ලංකාවේ ප්‍රසිද්ධ අසභ්‍ය වෙබ් අඩවි සියල්ලකගෙම පාහේ ඒවායෙහි ඇති වීඩියෝ/ පින්තූර රිපෝර්ට් (report) කිරීමේ පහසුකම සපයා තිබෙනවා. ඉතින් ඔබේ හිතවතෙකුගේ හෝ ඔබේ නිරුවත් දර්ශන දැක්කොත් ඉතාම පහසුවෙන් එම වෙබ් අඩවි වල Content Removal team එකට වාර්තා කර ඒවා ගලවා ඉවත් කරන ලෙස ඉල්ලීමක් කරන්න පුළුවන්. මෙය අයෙකුගේ ජීවිතයත් මරණයත් අතර ගැටළුවක් නිසා අසභ්‍ය වෙබ් අඩවි මෙවැනි report කිරීම් ඉතා බරපතල ලෙස සලකා බලනවා පමණක් නෙවෙයි. වහාම ඒවා ඉවත් කිරීමටද කටයුතු කරනවා. බොහෝ අය මෙය හරිහැටි නොදන්නා කමින් වසර ගණනාවක් තිස්සේ මානසිකව පීඩා විඳිනවා.

    පහත දක්වා තිබෙන්නේ ප්‍රසිද්ධ අසභ්‍ය වෙබ් අඩවි කිහිපයක් Content Removal පහසුකම සලසා ඇති ආකාරයයි:
    View attachment 104232

    • P###Hub
    View attachment 104233
    View attachment 104234

    • #Videos
    View attachment 104235

    View attachment 104236
    View attachment 104237

    • අසභ්‍ය ෆෝරම් එකක ශෙයා උනොත්?
    ඒ ෆෝරම් එකේ අකවුන්ට් එකක් හදාගෙන, පින්තූර හෝ වීඩියෝ ශෙයා කරපු යූසර්ට ප්‍රයිවට් මැසේජ් එකක් දාල ඉල්ලීමක් කරන්න අදාල පින්තූර හෝ වීඩියෝ ඉවත් කරන ලෙසට. තර්ජනයක් නොකර කරන සුහද ඉල්ලීමකට ඔවුන් අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වනවා. නීතිමය ගැටළු මතුවෙනවාට අකමැති බැවින් ඒවා ඉවත් කිරීමටත් ඔවුන් වහාම කටයුතු කරනවා.

    ඉතිං මේ තොරතුරු ලීක් නිසා අසරණ වුණු එක් සහෝදරයෙකුට හෝ සහෝදරයෙකුට හරි උපකාරී වෙනවනම් ඒක තමයි මගේ සතුට. මෙතන ලියවිලා නැති කරුණු කාරණ ගැන පහලින් තව සාකච්ඡා කරමු.

    මෙම පෝස්ට් එක දාන්න මූලික උන සිද්ධිය: https://elakiri.com/threads/leaked-photos-of-a-cousin.1963978/
    kaalayata anuwa godak watinawa machan..tks