අලුත්ම Beauty Trend එක කහපාට Eye-shadow

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    අලුත්ම Beauty Trend එක කහපාට Eye-shadow

    ලෝකයේ එක එක කාලවලදී විවිධ Beauty Trends ඇතිවෙනවා. එහෙම Trends ලෝකය පුරාම ප්‍රචලිත වෙන්න ගතවෙන්නේ බොහොම සුළු කාලයක්. මේ Trends බාරගන්නත් ලෝකය පුරා බිලියන ගණනාවක් දෙනා සූදානමින් ඉන්නවා.

    අන්න ඒ වගේ මෑතකදී ආපු Trends එකක් තමයි Yellow Eye-shadows කියන්නේ. මුලින්ම මේ විලාසිතාව ඇතිවෙන්නේ ඇමරිකාව සහ යුරෝපීය රටවල් වල තරුණියන් ගණනාවක් තමන්ගේ ඇස් සහ ඇහිපිය අතර මේ Eye-shadows කහපාටින් වර්ණ ගන්වලා ඒ ඡායාරූප Instagram ජාලයට එක්කලා.

    එය බොහොම වේගයෙන් ලෝකය පුරා පැතිර ගියා වගේම එය අනුගමනය කරන්නත් බොහෝ දෙනෙක් පෙලඹුනා. ඒ අතර සුප්‍රසිද්ධ කිම් කදිරේෂන්, රීටා ඔරා, මාග්‍රට් රොබී වැනි නිරූපිකාවන් ද වෙනවා. ඒ නිසාම මේ Yellow Eye-shadows වලට ලැබෙන්නේ අමතර ප්‍රසිද්ධියක්.

    මේ විලාසිතාව වැඩිපුරම ජනප්‍රියවී ඇත්තේ කහ පැහැති හෝ සුදු පැහැ සමක් ඇති තරුණියන් අතරෙයි. මොකද එවැනි පැහැයක් ඇති සමකට මේ කහ පැහැය ඉතාම ලස්සනයි කියලයි ඔවුන් කියන්නේ. ඒ වගේම තමයි අද වනවිට මේ Yellow Eye-shadows විලාසිතාව පිළිගැනෙන්නේ ලෝකයේ සරාගීම Eye-shadow විලාසිතාව යනුවෙන්.

    ඒ හේතුව නිසාමත් තරුණියන් බොහෝ දෙනෙක් මෙය අනුගමනය කරන්නට පෙළඹෙන බව දැනගන්න ලැබෙනවා. ලංකාවෙනම් තවමත් මෙය එච්චර ජනප්‍රිය නෑ, නමුත් ලංකාවටත් මේ විලාසිතාව Hot කියලා දැනුනොත් ප්‍රචලිත වෙන්න එච්චර කාලයක් ගතවෙන එකක් නෑ ෂුවර්.

    උපුටා ගැනීම - www.her.lk