``අලුත් අවුරුද්දට ඔයාලා ආසම කැවිලි වර්ග
සීනි වලින් කොණ්ඩා කැවුම්
-------------------------------
දුඹුරු සීනි 150g, හාල් පිටි 120g
පාන් පිටි 60g, වැනිලා තේ හැදී 1
වතුර කෝප්ප 1 (මෙය පදම අනුව වෙනස් වේ මිට වඩා අඩු වෙන්න පුළුවන්)
~ සීනි, හාල් පිටි, පාන් පිටි වැනිලා එකතු කර, වතුර ටික ටික කලවම් කරමින් පදම හදාගන්න..
~පදම කිවේ හැන්දකින් වක් කරනකොට එක උඩ එක රැලි වැටෙන්න ඕනේ..
*** දැන් අඩුම පැය 6 තියන්න...
1. තාච්චිය ලිප තබා බදින්න තෙල් එකතු කරන්න තෙල් කෝප්ප 1/2 වගේ ඇති..කැවුම වැහෙන්නම ඒ කියන්නේ ගැඹුරු තෙලේ බදිනවා වගේ තෙල් දාන්න එපා..
2. ගින්දර ගොඩක් වැඩි කරන්නත් එපා , මම කැවුම් බැද්දේ ලිප් 4 න් පුංචිම ලිපේ..
3. දැන් රත්වූ තෙලට මේස හැන්දකින් මිශ්‍රණය වක් කරන්න හරි මැදට එක දිගට විහිදුවන්නේ නැතුව..
4. දැන් නවත්වලා බලන් ඉන්න කැවුම චුට්ටක් උඩට ඇවිත් වටේ පිපෙනවා..ඒ වෙලාවට තෙල් ඉහින්න මුකුත්ම කරන්න එපා..
5. එහෙම වටේ පිපිලා ආවම ආයෙම හැන්දෙන් මිශ්‍රණය ටිකක් අරගෙන අර පිපිලා ආපු කැවුමේ මැදට එක් කරන්න..
6. ඔන්න දැන් කූර ගන්න වමතට දකුණට හැන්ද අරගෙන කූරෙන් අර මැදට වක් කරපු මිශ්රය උඩට එන විදියට කරකවා කරකවා..දකුණු අතේ තියෙන හැන්දෙන් තෙල් ඉහින්න..
7. මේ ඉහින තෙල් අර හැදෙන කොන්ඩේ වදින්න ඕනේ එතකොට ඒ උඩට එන මිශ්‍රණය බැදෙනවා..
8. ඔන්න දැන් හරි එහෙම හදාගත් කැවුම හුගක්ම ඕනවට වඩා බදින්න එපා..කැවුම තැම්බෙන්න බැද්දම ඇති..
නැත්නම් කැවුම් හයිය වෙනවා..
උදු වැල් (පැණි වළලු)
------------------------
උදු වැල් මිශ්‍රණය සදහා -
උදු ඇට 100g
හාල් පිටි 150g
මිටි පොල්කිරි කෝප්ප 3/4
ලුණු ස්වල්පයක්..
සුගර් සිරප් එක සදහා -
සීනි 400g
වතුර කෝප්ප 1/2
~ උදු ඇට වතුර එකතු කර රැයක් පෙගෙන්න තියන්න..
~ රැයක් පුරා පෙගුනු උදු ඇට වතුර බේරා පොල් මිටිකිරි හැදී දෙකක් හෝ අවශ්‍ය පමණට එක් කර සමගින් අම්බරගන්න..(බ්ලෙන්ඩ් කරගන්න)
~ එයටම හාල් පිටි එකතු කරන්න..
~ පොල්කිරි ටික ටික එකතු කරමින් මිශ්‍රණය හදාගන්න..
~ ලුණුද එකතු කරන්න..
~ මිශ්‍රණය සාදා පැය 6 පමණ තියන්න..
~ සීනි වතුර කෝප්ප 1/2 සමග එකතු කර ලිපේ තියා සුගර් සිරප් එක සාදාගන්න..ලෙමන් බින්දු කිහිපයක් එකතු කරන්න..
~ දැන් සාදාගත් සුගර් සිරප් එකේ ගින්දර අඩුම කරන්න..ලිප නිවන්න එපා..
~ අයිසින් කරන්න උපයෝගී කරගන්නා පයිපින් බෑග් එකකට උදු වැල් මිශ්‍රණය පුරවා අතින් කරකවා වළල්ලක් ආකාරයට ගැඹුරු තෙලට එක් කරන්න..
~ රන්වන් පාට වන විට හොදින් තෙල් බේරා අරගෙන ඒ සැනෙන් පැණි බාජනයට එක් කරන්න..
~ සාදා ගත් උදු වැල් වැහෙන්නම පැණි තියෙන්න ඕනේ..
~ එතකොට තමා හොදින් පැණි උරාගන්නේ..
~ පැණි උරාගත් පසු වෙනත් බදුනකට අයින් කරන්න..
~ හොදින් නිවුණු පසු හුලන් නොවදින්න අරන් තියන්න..
~ මෙම ප්‍රමාණ වලින් 25 වගේ හදාගන්න පුළුවන් වුනා..
~ හරිම විදියට හැදුවනම් පැණි වළලු වල ඇතුලට පැණි ගිහින් තියෙන්න ඕනේ කඩලා බැලුවම ඒ තුල පැණි තියෙනවා කියලා පේනවා..
** උදු ඇට අම්බරද්දී පොල්කිරි හැදී දෙකට වඩා ඕන කියල හැගෙනවානම් තව ටික ටික හැන්දකින් එකතු කරන්න..
** හාල් පිටි, අම්බරගත් උදු හා පොල්කිරි එකතු කිරීමේදී ටික ටික එකතු කරන්න..
** අපි ඉදි ආප්ප වක් කරන්න හදාගන්නා මිශ්නයට වඩා ටිකක් දියාරු ගතියෙන් තමා මේ මිශ්‍රණය ඕනේ...
** මිශ්‍රණය ඕනවට වඩා දිය වෙන්නත් බැහැ, ඝනකමට එන්නත් බැහැ..
** පයිපින් බෑග් එකකින් තෙලට වක් කරගන්න පුළුවන් විදියට මිශ්‍රණය හදාගන්න ඕනේ..
** තෙලට වක් කරනකොට තදයි වගේ හැගෙනම් තව පොල්කිරි ටිකක් එකතු කරලා හදාගන්න..
** මට පොල්කිරි කෝප්ප 3/4 ගියා ඔයාලට සමහරවිට ඊට අඩුවෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්..
** ලංකාවේ ඉන්න යාලුවන්ට පුළුවන් රෙදි කඩක් අරන් පොඩි හිලක් සාදා උදු වැල් හදාගන්න
** පැණි සීනි උණුකර හදාගන්න නැත්නම් ඔයාලට පුළුවන් පැණි ගන්න
** පැණි උණුකර ලිපේම තියන්න ගින්දර අඩු කරලා..
** හදන හදන පැණි වලල්ල තෙල් බේරා පැණි බාජනයට එකතු කරන්න..
****උදු පිටි වලින් හදනවනම් - උදු පිටි 150g, හාල් පිටි 150g, ලුණු ස්වල්පයක්, මිශ්‍රණය සාදාගැනීමට අවශ්‍ය පමණට පොල් මිටිකිරි..මේ සියල්ල එකතු කර මිශ්‍රණය සාදා පැය 6 තියලා පැණි වළලු සාදාගන්න..****
මුන් කැවුම්
-------------
මුන් ඇට කබලේ බැදලා කුඩු කරගන්න...
මුන් පිටි ග්‍රෑම් 300
හාල් පිටි ග්‍රෑම් 300
රතු සීනි ග්‍රෑම් 500
කරදමුංගු ඇට (මං දැම්මේ වැනිලා ටිකක්)
සීනි ටික වතුර ටිකක් දාලා පැණි හදාගන්න..
ගින්දර අඩු කරලා..දැන් ඒ පැණි වලින් ටිකක් අයින් කරගන්න...
දැන් ඉතුරු පැණි ටිකට වැනිලා, හාල් පිටි මුන් පිටි එකතුකරන්න..තුනිකරලා කෑලි කපන්න පුළුවන් පදම ගන්න..හයියයි වගේ නම් අර අයින් කරගත් පැණි ටිකත් එකතු කරන්න...දැන් අපි හිතමු මෙලෙක වැඩි කෑලි කපන්න බෑ කියලා..හාල් පිටි පොඩ්ඩක් එකතු කරන්න.....
එහෙම හදාගත් මිශ්‍රණය තෙල් තැවරු ලැල්ලක් මත තුනී කරන්න..
හොදින් තෙල් තවරා ෆොයිල් එකක් හෝ කෙසෙල් කොලයක් හෝ මගින් තුනී කරන්න..දැන් එය කිරිබත් හැඩයට කෑලි කපා ගන්න, කොන් කෑලි වලින් මුන් ගුලි සාදා ගන්න...
බැටර් එකේ තවරා ගැඹුරු තෙලේ බැදගන්න.
බැටර් එක සදහා, හාල්පිටි කෝප්ප 1, කහ චුට්ටක්, ලුණු ටිකක් වතුර හෝ පොල්කිරි වලින් හදාගන්න..
අලුත් අවුරුද්දට බිබික්කන්
------------------------------
පොල් ගෙඩියක පොල් ( 250g )
සෙමොලිනා 100g (රුලං)
පිටි 50 g
කජු 100g, රට ඉදි 150g,
සුල්තානා 70g
වියලි Apricot 60g (ඔයාලට තියෙන වියලි පලතුරු ගන්න මෙයට ගැලපෙන පරිදි)
පැණි කෝප්ප 2 (340ml)
බිත්තර 3, එනසහල් කුඩු චුට්ටක් ,
කුරුදු කුඩු ටිකක්, වැනිලා..
ලෙමන් ගෙඩියක පොත්ත ග්‍රේට් කරලා ගන්න..බේකින් පව්ඩර් පුරවල තේ හැන්දක්..තියෙනවනම් රෝස වතුර (මට නැති නිසා දැම්මේ නෑ) වියලි පලතුරු තියෙන විදියට අඩු වැඩි කරගන්න...මම හිතලා ප්‍රමාන ගත්තේ.
මුලින්ම පැණි ටික රත් කරලා පොල් එකතු කරගන්න..පොඩ්ඩක් නිවෙන්න හරින්න..පැණි වැඩි පොල් අඩු වගේ පේනවා..පොල් මදි වගේ..ඒ වුනාට බයවෙන්න එපා, හොද රසට එනවා..
ඒකට රට ඉදි ඇතුළු පලතුරු එකතු කරගන්න..ඒ ගමන්ම ලෙමන් ග්‍රේට් කරපු ටික, කුරුදු කුඩු එනසහල්, වැනිලා ද එකතු කරන්න...බිත්තර 3 හොදින් ගසා එකතු කරන්න..(සමහරු වෙන වෙනම බිත්තර සුදු මද වෙනම බීට් කරලා අන්තිමට එකතු කරනවා) මම එක සැරේම බිත්තර හොදින් බීට් කර එකතු කලා..දැන් එයට පිටි, බැදගත් සෙමොලිනා, බේකින් පව්ඩර් මේ සියල්ල එකතු කරන්න හොදින් ලි හැන්දකින් කලවම් කරන්න(බීට් කරන්න අවශ්‍ය නැහැ )..අවන් එක රත් කරගෙන එය 130 උෂ්ණත්වයට හදන්න දැන් හිමින් පැය 2 බේක් කරගන්න
පැණි වලින් කොණ්ඩා කැවුම්
--------------------------------
හාල් පිටි 200g
පාන් පිටි 100g
සීනි 75g
පැණි කෝප්ප 1 1/4
පොල්කිරි මේස හැදී 3
ලුණු ස්වල්පයක්..
මාදුරු ස්වල්පයක් ( මම දැම්මේ වැනිලා තේ හැදී 1)
~ හාල් පිටි, පාන් පිටි, ලුණු, සීනි සමග කලවම් කරන්න..
~ දැන් පොල්කිරි මේස හැදී 3 එකතු කරන්න..
~ ඊට පස්සේ පැණි ටික ටික එකතු කරමින් පදම හදාගන්න..
~ පදම එනතුරු පැණි එකතු කරන්න ( කෝප්ප 1 1/4)
~ ඔයාලට ඊට වැඩි හෝ අඩුවෙන්නත් පුළුවන්..
~ හැන්දෙන් උඩට අරන් වක් කරද්දී එක උඩ රැලි රැලි වැටෙන්න ඕනේ ඒක තමා පදම..
~ දැන් පැය 5 තියන්න..
~ තෙල් බොහොම පොඩ්ඩක් ගන්න කැවුම වැහෙන තරමටම නැතුව කෝප්ප 1/2 වගේ..
~ තෙල් රත් වුනාම සාදාගත් කැවුම් මිශ්‍රණයෙන් ටිකක් හැන්දකින් වක් කරන්න..
~ ඒ සැනෙන් තෙල් ඉහින්න එපා එතකොට අර මිශ්‍රණය කැඩිලා විහිදිලා යනවා..
~ ටික වෙලාවක් නිදහසේ හැදෙන්න දෙන්න..
~ එතකොට වටේට පිපිලා එනවා ඒ වෙලාවට මිශ්‍රණයෙන් තව ටිකක් හැන්දෙන් එක් කරන්න..
~ අන්න ඒ ටික තමා කූර ගහලා කරකවලා ගන්න ඕනේ ඒ ගමන්ම අනිත් අතින් හැන්දෙන් තෙල් ඉහින්න..
~ ඉන්පසු ඒ පැත්තත් හරවලා කැවුම බැදගන්න..
රුලං අලුවා
------------
රුලං 250g (Semolina)
පොල් බෑයක පොල් බර 150g තිබුනා
පැණි කෝප්ප 3/4
සිනි කෝප්ප 3/4
ලුණු ස්වල්පයක්
බටර් මේස හැදී 1
වැනිලා තේ හැදී 1
~ රුලං පෑන් එකක (කබලේ) බැදගන්න..
~ පැණි සමග සීනි එකතුකර උණු කරගන්න..
~ එයට පොල් එකතු කරන්න..
~ සාදාගත් පොල් පැණි එකට බටර් සහ වැනිලා එකතු කරන්න..
~ දැන් මෙයට රුලං ටික ටික එකතු කරන්න..
~ කෑලි කපාගන්නා පුළුවන් පදම ආවිට ලිපෙන් ඉවතට ගෙන බේකින් පේපර් එකක් මත තුනී කරන්න..
~ යන්තම් නිවෙන්න හැරලා කෑලි කපාගන්නා..
~ හොදින් නිවුණු පසු කෑලි වෙන් කරගන්න..
අලුවා
-------
බැදගත් හාල් පිටි 750g
සීනි 700g
වතුර 150ml
කජු,
වැනිලා පොඩ්ඩක් සමගින්
කෑලි 36 කපන්න පුළුවන් වුනා
~ හාල් පිටි හැදි ගාමින් බැදගන්න...
~ නැත්නම් යට ඒවා දුඹුරු පැහැ ගන්නවා...
~ පොඩි වෙලාවක් බැදුනම පිටි එක රත් වෙලා සුවදකුත් එනවා එතකොට ලිප නිවන්න..
~ සීනි උනුකරගන්න...
පැණි වලට වගේ රන්වන් පාටට නෙමේ... සීනි දියවෙද්දි ඝනකමට එනවා..
~ දැන් බැදගත් හාල් පිටි, කජු ටික ටික එකතු කරන්න..
~ ඔක්කොම පිටි එක සැරේ දාන්න එපා, ටික ටික එකතු කරමින් කලවම් කරන්න
~ දැන් පිටි ඉහාගත් ලැල්ලක් උඩට තුනී කරගන්න
~ අවශ්‍ය ගානට කෑලි කපාගන්න..
රටඉදි ටොෆි
----------
රට ඉදි 250g
සීනි 225g
බැදගත් රුලං 60g
condensed මිල්ක් 100ml
වතුර 150ml
කජු මද 12 පමණ (25g)
වැනිලා තේ හැදී 1
~ රටඉදි ඇට ඉවත්කර පුංචි කෑලි වලට කපාගන්න..
~ වතුර සහ condensed milk එකට එකතු කරගන්න..
~ රුලං යන්තම් බැදගන්න..
~ කජු පුංචි කොටස් වලට කපාගන්න..
~ නොන්ස්ටික් හෝ සුදුසු බදුනක් ලිපතබා කිරි එකතු කරන්න..
~ එයට සීනි එකතු කර දියවන තුරු හැදී ගාන්න..
~ රට ඉදි එකතු කර මිශ්‍රණය ඝන වනතුරු හොදින් හැදිගාන්න..
~ වැනිලා , බැදගත් රුලං හා කජුද එකතු කරන්න..
~ මිශ්‍රණය ඝනවූ විට බටර් තැවරූ ලෑල්ලක් මත හෝ බේකින් පේපර් එකක් මත තුනී කරන්න..
~ ටිකක් නිවුණු පසු තමන් කැමති හැඩයට කෑලි කපාගන්න..
~ කෑලි කපන විටද පිහියේ බටර් තවරා ගන්න..
~ හොදින් නිවුණු පසු කෑලි වෙන් කරගන්න..
** මම මිශ්‍රණය තුනීකර ඒ මත රස්නේ තියෙද්දීම පුංචියට කපාගත් කජු කෑලි සහ වියලි මිදී කොටස් තියලා තදකලා..
** මේ ප්‍රමාණ වලින් කෑලි 20 කපාගන්න පුළුවන්.
කොකිස්
----------
හාල් පිටි 400g
ලුණු රස අනුව
කහ කුඩු තේ හැදී 1/2
සීනි තේ හැදී 1
බිත්තර 1
මිටි පොල්කිරි කෝප්ප 2
(පොල්කිරි ඔක්කොම එක සැරේ දාන්න එපා)
~ හාල් පිටි, ලුණු, සීනි, කහ එකතු කර පොල්කිරි ටික ටික එකතු කරමින් පෑන් කේක් බැටර් එකක් තරමට හදාගන්න..
~ බිත්තරයද එකතු කරන්න..
~ පොල්කිරි ටික ටික එකතු කරනකොට මේ කෝප්ප 2 ම අවශ්‍ය වෙන එකකුත් නෑ..
~ ඉතුරු පොල්කිරි තියාගන්න කොකිස් හදන අතරේ මිශ්‍රණය ඝන වීගෙන එනවිට එකතු කරන්න...
~ තෙල් රත් වෙද්දී කොකිස් අච්චුව රත්වූ තෙල් වල ටික වෙලාවක් තියලා අරගෙන සාදාගත් කොකිස් මිශ්‍රණය දවටගන්න..
~ අච්චුව උඩ දාර වැහිලා යන්න මිශ්‍රණය දවටන්න එපා..
~ දැන් මිශ්‍රණය දවටගත් කොකිස් අච්චුව තෙලට එක් කර තත්පර ගනනකින් අච්චුව ගසලා කොකිස් තෙලට වැටෙන්න හරින්න..
~ හුගක් වෙලා ගියොත් කොකිස් ඒක අච්චුවේ ඇලෙනවා..
~ දැන් තෙලට එක් කල කොකිස් රන්වන් පාට වනතුරු බැදගන්න..
හකුරු යොදා හැදු පොල් කේක්
------------------------------------
පොල් ගෙඩි 1 1/2 ක පොල් (320g තිබ්බා බර)
හකුරු 125g
රතු සීනි 150g
පිටි 50g , බේකින් පව්ඩර් තේ හැදී 3/4
පොල් කිරි අඩු කෝප්ප 1/2 වගේ (50ml ගන්න)
වැනිලා..කජු 50g
කැමතිනම් කුරුදු කුඩු, එනසහල් කුඩු එකතු කරන්න..
මුලින්ම සීනි සහ ග්‍රේට් කරගත් හකුරු පොල් කිරි සමගින් උණු කරන්න
එයට පොල් එකතු කරන්න, වැනිලා හෝ කුරුදු කුඩු, එනසහල් කුඩු එකතු කරන්න, දැන් එය නිවෙන්න තියන්න..
නිවුනට පසු පිටි+බේකින් පව්ඩර් සහ කපාගත් කජු එකතු කරන්න
150C උෂ්ණත්වයෙන් පැය 1 විනාඩි 20 බේක් කලා 170C නම් පැයක් වගේ ඇති, මම අවන් එකේ යට විතරයි රත් කලේ අවන් වල රස්නය වෙනස් නිසා බේක් වෙලාද කියල ටුත් පික් එකකින් බලන්න ටුත් පික් එක පිරිසිදුව එනවනම් හරි, කේක් එක මෙලෙකට තියෙන බව දැනේවි ඒ ගැන බය වෙන එපා නිවෙනකොට හරි.
තල අලුවා / තල ටොෆි
-------------------------
condensed milk 100ml
වතුර 100ml
සීනි 125
තල ඇට 100g
බටර් හෝ මාගරින් මේස හැදී 1
කජු 30g
ඉගුරු දෝසි 20g
අන්නාසි 60g
වැනිලා තේ හැදී 1
~ තල පෑන් එකක (කබලේ ) බැදගන්න ටිකක් රන්වන් පාට වනතුරු..
~ අන්නාසි චුටියට කපා සීනි තේ හැදී 1 සහ වතුර මේස හැදී 2 විතර එකතු කරලා උණු කරගන්න..
~ සීනි, කිරි, වතුර මේ සියල්ල ලිපේ තබා ඝන වනතුරු හැදී ගාන්න..
~ ටිකක් ඝන වීගෙන එද්දී එයට කජු, බැදගත් තල (ටිකක් ඉතුරු කරගන්න අන්තිමට උඩින ඉහින්න), ඉඟුරු දෝසි, අන්නාසි සහ වැනිලා එකතු කරන්න..
~ දැන් මිශ්‍රණය හොදින් ඝනවනතුරු හැදිගාන්න..
~ හරියට අපි කිරි ටොෆි, රට ඉදි ටොෆි හදනවා වගේ..
~ ඝනවිගෙන හරි පදම එද්දී බටර් හැන්දක් එකතු කරන්න..
~ බටර් ගාගත් ලෑල්ලක් මත හෝ බේකින් පේපර් එකක් මත තුනීකර උණු උණුවෙම ඉතුරු තල ඇට ටික උඩින් ඉහලා තද කරන්න..
~ ටිකක් නිවුණු පසු බටර් තැවරු පිහියකින් කෑලි කපාගන්න..
~ හොදින් නිවුණු පසු කෑලි වෙන් කරගන්න.
``බත් වර්ග 20 ක් ! ගැන දැම්ම Post එක

Copy BY Cooking made simple පහසුයි රසයි
``බත් වර්ග 20 ක් ! ගැන දැම්ම Post එක

..