අලුත් කැබිනෙට්ටුවේ කොමිටල් තනතුරු බෙදිල&
ලෝකෙ ලොකුම කිරිබත කාලා, නැව්වලට හුලං පිස්තෝල වලින් වෙඩිතියලා, කළාපීය දැවැන්තයෙකු වන බවට හිස් බස් දොඩවලා හැරෙන්නත් ඉස්සෙල්ලා අපේ කැකිල්ලේ රජතුමා, මහදැනමුත්තා ගෝලයින්ට තනතුරු බෙදුවා වගේ ඇමති තනතුරු බෙදලා දීලා තියෙනවා. මෙන්න බලන්න රට සීග්‍රයෙන් සංවර්ධනය කරා ඇදගෙන යන්නට පත්කල ආශ්චර්‍යමත් කැබිනෙට්ටුවේ තනතුරු නාඩගම;
මෙය ආසියාවේ ආශ්චර්‍යය නොවේද? අපි හෙට අනිද්දාම කලාපීය දැවැන්තයෙකු වෙන බවට පෙරමග නිමිති නොවේද මේ පෙනෙන්නේ?

පියසේන ගමගේ ජාතික සම්පත් ඇමති. නිමල් සිරිපාල ජලසම්පාදන හා වාරිමාර්ග. එතකොට ජලසම්පත් හා වාරිමාර්ග ජාතික සම්පතක් නෙමෙයිද? ඔය වැඩේ පියසේනටම කරන්න බැරිද? ඒ විතරක් නෙමෙයි වාරිමාර්ග සිරිපාලට දෙනකොට ඒ වතුරෙන් කරන ගොවිතැන දෙන්නේ මහින්ද යාපාට. ඒ මදිවට ගොවිතැන බාර මහින්ද යාපාට ගොවියට අත්‍යාවශ්‍ය කෘශිකර්ම සේවා බාරදීලා නෑ. ඒවා චන්ද්‍රසේනට. ඒ කියන්නේ ගොවියෙකුට වැඩක් කරගන්න ඇමතිලා තුන්දෙනෙකු පස්සේ යන්න වෙනවා.
රූරල් එෆයාර්ස් (ග්‍රාමීය කටයුතු ) ඇමතිට, ග්‍රාමීය ජනපද සංවර්ධනය කරන්න බෑ. ඒක කරන්නේ තොන්ඩා. ග්‍රාමීය කටයුතු ඇමති කරන්නේ සංවර්ධන නොවන කටයුතු විතරයි? ඔය වැඩ දෙකම තොන්ඩට හරි අතාවුදට හරි දෙන්නගෙන් එකෙකුට බාරදුන්නානම් බෝක්කුවක් හරි හදාගන්න තිබුණා.
ඩගියට පාරම්පරික කර්මාන්ත හා කුඩාකර්මාන්ත, බදුර්දීන්ට කුඩා හා පාරම්පරික නැතුව ලොකු කර්මාන්ත, බැසිල්ට කර්මාන්ත නැතුව ආර්ථික සංවර්ධනය. බැසිල් මාමට ආර්ථිකේ සංවර්ධනය කරන්න වෙලා තියෙන්නේ කර්මාන්ත මුකුත් නැතුව. එතකොට ලක්ශ්මන් සෙනෙවිරත්න සාඵල්‍යතා (productivity ) සංවර්ධන ඇමති. බැසිල්ගේ ආර්ථික සංවර්ධනයට අත්‍යාවශ්‍ය ප්‍රඩක්ටිවිටි සබ්ජෙක්ට් එක මිනිහට දීලා නෑ. ඒක සෙනෙවිරත්න අලි නැට්ටෙන් සාටකේට පැන්නට තෑග්ගක්.
මෙන්න තව පිස්සුවක්;
රෙජිනෝල්ඩ්ට අපනයන බෝග. හැබැයි අපනයන බෝගයක් වෙන පොල් හා අපනයන බෝග වවන ජනතා වතු සංවර්ධනය ජගත් පුශ්පකුමාරට. රෙජිනෝල්ඩ්ට පොල් හා ජනතාවතුවල වැවෙන ඔක්කොම ජාති තහනම්. ඒවා පුශ්පයගෙ.
මේත් ඒ වගේ නොකෙරෙන වැඩක්;
මහින්ද යාපා කෘෂිකර්මාන්ත ඇමති. හැබැයි කෘශිකර්මාන්තෙ නියැලෙන ගොවියට සහන හා සේවා සපයන කෘෂිසේවා ඇමතිකම එස්.එම් චන්ද්‍රසේනට. මහින්ද යාපාට පුලුවන් ගොවියාට වවපල්ලා කියන්න. හැබැයි සහනයක් හරි සේවාවක් හරි ඕනෑනම් යාපාට කියන්න වෙන්නේ චන්ද්‍රසේනගෙන් ඉල්ලා ගනිල්ලා කියලා. ඒ විතරක් නෙමෙයි කෘශිකර්මාන්ත ඇමතිට වාරිමාර්ග නෑ. ජල සම්පතත් නෑ. එතකොට ගොවියෝ වතුර ඉල්ලනකොට, කැඩිච්ච ඇණිකට් එක හදලා දෙන්න කියනකොට කෘශිකර්ම ඇමතිට තියෙන්නේ අන්න අරයට කියන්න කියලා නිමල් සිරිපාලට ඇඟිල්ල දික්කරන්න.
සුසිල් පැට්‍රෝලියම් ඇමති. හැබැයි චම්පක රණවක බලශක්ති ඇමති. පැට්‍රෝල් හැර අනෙක් ජළවිදුලිය වගේ බලශක්ති තමයි චම්පකට. හැබැයි ජලවිදුලිය නිපදවන වාරිමාර්ග නිමල් සිරිපාලගෙ. සිරිපාලයා පිස්සු කෙලියොත් චම්පක ජල විදුලිය නිපදවලා ඉවරයි. සුසිල් ප්‍රේම ජයන්ත ඩීසල් එව්වේ නැත්නම් චම්පකයා කැළණිතිස්සෙන් ලයිට් දීලත් ඉවරයි. චම්පකට කෙලවෙන්න තමයි ඇමතිකම් බෙදලා තියෙන්නේ. හරිනම් විදුලිබලය බෙදාහැරීමේ ඇමති කියලා තවත් එකෙක්ව දාන්න තිබ්බේ.
මෙන්න තවත් මහින්ද චින්තනයක්;
කුමාර වෙල්ගම ප්‍රවාහණ ඇමති. හැබැයි සී බී රත්නායක පෞද්ගලික ප්‍රවාහන ඇමති. ඒකියන්නේ සී බීට අයිති ප්‍රයිවට් බස් විතරයි. ලංගම බසුයි කෝච්චියි කුමාර වෙල්ගමට. පොඩි එවුන් යන ස්කූල් වෑන් වලටයි නෝනලා යන ඔෆිස් වෑන් වලටයි වගකියන්නේ මුන් දෙන්නාගෙන් කවුද?
අනුර ප්‍රියදර්ශණ යාපා පරිසර ඇමති. හැබැයි පරිසරයේම කෑල්ලක් වෙන වනසතුන් අයිති සී එම් චන්ද්‍රසේනට. එතකොට අනුර ප්‍රියදර්ශනට අයිති වනසතුන් නැති පරිසරය විතරයි. සත්තුටික චන්ද්‍රසේනට, සත්තු ඉන්න කැලේ අනුර ප්‍රියදර්ශණට. ගිය සැරේ සත්තුවත්තයි, ජාතික වනෝද්‍යානයි දිලා තිබ්බේ බැසිල්ගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශෙට. මේ සැරේත් එහෙමනම් අනුර ප්‍රියදර්ශණට අයිති වෙන්නේ, සත්තුත් නැති, වනෝද්‍යානත් නොවන කැලෑ විතරයි.