අලුත් කුරුස යුද්දෙට පරණ කුරුස යුද්ධෙන් කවියක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    කුරුස යුධ සමයේදී ලියැවුනු අදටත් ගායනා කරන Palästinalied

    පස්වන කුරුස යුද්ධය පැවති ක්‍රි.ව. 1217–1221 සමයේදී Walther von der Vogelweide නමැති ජර්මන් ජාතික සංගීතඥයා විසින් මේ Palästinalied (පලස්තීනලීඩ්) හෙවත් "පලස්තීන ගීතය" ලියා තිබෙනවා.

    ශුද්ධ වූ දේශයට (holy land) පා තබන කිතුණු බැතිමතෙකු සිය දෘෂ්ටි කෝණයෙන් ශුද්ධ දේශයේ අසිරිය සහ කුරුස යුද්ධයේ තේජාන්විත භාවය වර්ණනා කරන ආකාරය පදනම්ව මෙම ගීතය රචනා කර ඇත්තේ Mittelhochdeutsch නමැති පුරාණ ජර්මන් භාෂාවෙන්.

    මෙම ගීතයේ අරුත කෙටියෙන් සරලව පහත පරිදිය.

    "..දෙවියන් වහන්සේ මිනිස් වෙසින් පොලෝ තලයේ සැරිසැරූ ඒ ශුද්ධවූ දේශය සියැසින් දැකගැනීමට තරම් මාගේ දෑස් ඉතා වාසනාවන්ත විය.. කිතුණු, යුදෙව් සහ ඉස්ලාම් බැතිමතුන් සියල්ලෝම මේ දේශය ඔවුන්ගේ පරම උරුමයක් ලෙස ප්‍රකාශ කලත් යම් දිනයක එහි සැබෑම උරුමකරු කවුරුන්දැයි දෙවියන් වහන්සේ තීරණය කරනු ඇත.."

    මේ ගීතය අරුත්බර පද මාලාවකින් සහ ජන මනසේ ගැඹුරටම කාවදින ලෙස සැකසූ ප්‍රබල තනුවකින් සමන්විත වන අතර ඒ හේතුවෙන් කුරුස යුද්ධ පැවති සමයේදී මෙන්ම වසර අටසියයකට පසු අදටත් කිතුණු භක්තික ජර්මානුවන් සහ ඔවුන්ගෙන් පැවත එන්නන්ගේ මුවඟ ඉඳහිට රැව්දෙන ගීතයක් බවට පත් වෙලා තියෙනව.
    .
    .
    .
    .
    .
    අහම්බෙන් ඇහුනු මේ ගීතයෙ තනුවෙ තියෙන ගුප්ත නමුත් ආකර්ෂණීය ස්වභාවය නිසා භාෂාව නොතේරුනත් ඒ ගැන හොයලා ඔයාලට කෙටි විස්තරයක් කරන්න හිතුනා.

    වසර දාහක විතර ඉඳන් එකම භූමි ප්‍රදේශයක් කේන්ද්‍ර කරගනිමින් වරින් වර මහා යුද්ධ ගණනාවක් අදටත් ඇතිවීම එක්තරා අන්දමක ඛේදවාචකයකි..!!

    https://www.face book.com/100063626331494/posts/1066789808785220/?mibextid=rS40aB7S9Ucbxw6v