අලුත් ජනතාවක් තෝරා පත්කර ගත යුතුය
අලුත් ජනතාවක් තෝරා පත්කර ගත යුතුය
ජ¨මනියේ විසූ අදීන කලාකරුවකු වූ බර්ට්රොaල් බ්‍රෙෂ්ට් හිට්ලර්ගේ නාසිවාදයට උඩගෙඩි දුන් ඝාතකයන් යළි සුජාත කළ එකල ජර්මනියේ විසූ ජනතාව සදය උපහාසයට ලක් කරමින් ''අලුත් ජනතාවක් තෝරා පත්කර ගත යුතුය.''පැවසීය. බ්‍රෙෂ්ට්ගේ එම සදය උපහාසයට දේශසීමා ඉක්මවමින් අපිද අඩු වැඩි වශයෙන් සුදුසුකම් ලබතැයි සිතේ. අපි අපේ මැතිවරණ ක්‍රියාවලිය තුළ හැටපස් වසරක් පුරා ඝාතකයන්, මැරවරයන්, ස්ත්‍රී දූෂකයන්, හොරුන්, වංචාකරුවන්, කපටීන් යළි යළි සුජාත කරවමින් අපේ පාලකයන් ලෙස තෝරා පත්කරගනිමින් සිටිමු. ඔවුහු යළි අපිටම ඇ`ගිල්ල දිගු කරමින් ''අපි පත්කරන්නේ නුඹලාගේ කැමැත්තෙනි. වරද නුඹලාගේ යෑයිද, පවසති.
සුද්දා අපට නිදහස ලබාදීමෙන් අනතුරුව රට පාලනය කිරීම ස`දහා නියෝජිත ආයතන තුළට නියෝජිතයින් තෝරා පත්කර ගැනීමට මැතිවරණ අපට ලැබුණි. මැතිවරණය යනු මහජන කැමැත්තයි. අප රටේ වසරක් පාසා කුමන හෝ මැතිවරණයක් පැවැත්වෙන බැවින් සුපිරි ප්රජාතන්ත්රවාදයක් අප රටේ පවතී යෑයි පාලකයෝ පවසති.
සෑම මැතිවරණයකදීම දක්නට ලැබෙන සුපුරුදු ක්‍රියාවලියක් තිබේ. මැතිවරණයට පෙර සහල්, පොල්, එළව`එ, බස් ගාස්තු ආදී මෙකී නොකී මිල ඉහළයැම් පිළිබ`දව ආණ්ඩුවට පතුරු යන්නට බණිනා ජනතාව මැතිවරණයේදී ආණ්ඩුවට ඡන්දය දෙති. මැතිවරණයෙන් පසුව ගෑස් මිල, විදුලි බිල ඉහළ යනවා යෑයි පවසමින් ආණ්ඩුවට බැණවැදීමට පටන් ගනිති. යළිත් මැතිවරණයක් පැමිණිවිට ඒ දෙයම කරති. මැරයින්, හොරුන්, පත් වී සිටිතියිs ඡන්දය දුන් අයම කෑ ගසති. උන් ඉදිරියේ දණ ගසති. ගස්බන්දවා ගනිති. ගුටි කති. වෙඩිකති. එහෙත් යළි යළිත් ඒ ක්‍රියාවලියෙහිම නිරත වෙති. ''මැතිවරණයකදී කෙරෙන්නේ අපි ඊළඟ අවුරුදු කිහිපය පුරා ගුටි කෑයුත්තේ කාගෙන්දැයි තීරණය කිරීම පමණකි.'' අරාබි ජාතික කවියෙකු වූ ඛලීල් ජිබ්රාන්ගේ මේ අදහස අපට බෙහෙවින් අදාලය.
මේ උභතෝකෝටිකය දැක වික්ෂිප්තව සිටින පිරිසක්ද රටේ සිටිති. බොහෝවිට ඡන්දය භාවිතා නොකරන්නෝ ඔවුහුය.
ධනේෂ්වර ක්‍රමයක් තුළදී මැතිවරණවලදී නිරූපණය වන්නේ ජනතාවගේ සැබෑ කැමැත්ත නොවේ. කෘතීම මතයක් නිර්මාණය කර ගැනීම ස`දහා මේ ක්‍රමය සතු සියලුම මෙවලම් ඒ ස`දහා නිර්ලඡ්ජිතවම යොදවාගනු ලැබේ. රාජ්‍ය බලය, රාජ්‍ය සම්පත්, මාධ්‍ය, මුදල් පමණක් නොව රැකියා, නිවාස ණය, නිවාස ආධාර, සිමෙන්ති කොට්ටය, සෙවිලි තහඩු, වැසිකිළි පෝච්චිය දක්වා උපකරණ, සිවුරු, වන්දනා ගමන්, සාරි, සිල්රෙදි, පාසල් උපකරණ, බත් පැකට්, සිගරට් මත්පැන් දක්වාවූ පුද්ගලික අල්ලස්ද යොදා ගනී. අතීතයේදී නම් හෙ`දන් හාල්, ඇට අට, තුනයි පනහේ පාන්, ආදී සමාජමය අල්ලස්ද යොදාගෙන තිබේ. අත වැනීම්, පිටට තට්ටුකිරීම්, සිප ගැනීම්, දරුවන් සුරතල් කිරීම් වැනි මානසික අල්ලස්ද, බුලත් හුරුලු දී දෙපා නැමදීම්, ඔබේ ආදරණීය පුත්‍රයා, සහෝදරයා වැනි ඥතීත්වය හ`ගවන යෙදුම් අම්මා, තාත්තා, අක්කා, නංගී, මල්ලී වැනි නෑදෑකම් වලින් අමතන සංස්කෘතිමය අල්ලස්ද මේ පළාත් සභා මැතිවරණයේදීද අපට දක්නට ලැබුණි. ජනතාවද කෙටිකලකට සීමාවන මේ මැතිවරණ කප්රුකෙන් ගෙඩිකඩා ගැනීමට එකිනෙකා පරයා උත්සාහ කරනවා විනා ප්‍රතිපත්ති, වැඩ පිළිවෙළවල් ගැන තකන්නේ නැත. ඊට හේතුව කුමන ප්‍රතිපත්තිය, කුමන වැඩපිළිවෙළ ඉදිරිපත් කළත් මැතිවරණයෙන් පසුව ඒවා කුණුකූඩයට වැටෙන බව ඔවුන් දිගු කාලීන අත්දැකීම් තුළින් දන්නා නිසාය. ''ඔවුන් කරන්නේa කුමක්දැයි ඔවුන් හො`දින් දනී. එහෙත් ඔවුන් එය කරමින් සිටි.'' ජර්මන් ජාතික දාර්ශනික පීටර් ස්ලොටර්ඩ්ජික් පැවසුවේ මැතිවරණ තුළ හැසිරෙන ජනතාවගේ ස්වරූපය ගැනය. ඡන්දය භාවිතාකිරීමෙන් අපේ ජීවිත වෙනස් නොවන බව, අපේ ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන බව, තමන් ඡන්දය දෙන්නේ හොරුන්ට , කපටීන්ට බව ජනතාව දනී. එහෙත් ඒවා දිගටම කරගෙන යති. අපේ සමාජය දැන් නරුමවාදය දක්වා ගමන්කොට ඇත.
මෙය වෙනස් කළහැක්කේ කොතැනින්ද? කාගෙන්ද? කුමන ලෙසකින්ද? ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරන මුත් එය කොතනින් හෝ කාගෙන් හෝ කුමන ක්‍රමයකින් හෝ පටන්ගත යුතුය.
ලාංකීය සමාජය වසර දහස් ගණනක් පුරා ගුණාත්මක පිම්මකින් තොරව ඒකාකාරී ලෙස විකාශයවූ බැවින් අපේ රටේ පැවති පූර්ව ධනේෂ්වර ක්‍රමයවූ ආසියාතික නිෂ්පාදන රටාව තුළ තිබූ ඇතැම් පසුගාමී ලක්ෂණ ලාංකීය සමාජ විඥනයේ සෑහෙන කොටසක් අත්පත් කරගෙන සිටියි. අපේ සමාජය සාක්ෂරතාවයෙන් ඉහළ ගියද උගතුන් වැඩිවුවද සමාජ විඥනය තුළ රැ`දුන මේ පසුගාමි ලක්ෂණ විචාරශීලී ගුණය අභිබවමින් මැතිවරණ ක්‍රියාවලිය තුළ ඉස්මතු වන ආකාරයත් දක්නට ලැබේ. සමහරුන්ට නාමයෝජනා ලැබෙන්නේ කුලය පදනම් කරගෙනය. රැහේ එවුන්ගේ ඡන්දය ගැනීමට ක්‍රමය එයයි. දමිළ ඡන්ද දමිළයන්ටය. මුස්ලිම් ඡන්ද ඔවුන්ගේ ජාතියේ කෙනෙකුටය. ඡන්දය දීමේ පදනම ජාතියයි.
පසුගිය දිනෙක එක්තරා ඇමතිවරයෙක් මහනුවර පැවති රැලියක දී දයාසිරි ගිය නිසා එජාපයේ පිරිමි හ`ඩවල් නැති බැවින් ඡන්දය දීමට කෙනෙක් එහි නැති බව පැවසීය. ඊට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ජනප්‍රිය මන්ත්‍රීවරයෙක් තමන් වන් ෂොට් බවත්, තමාටද පිරිමි හ`ඩක් ඇතිබවත් පවසා එජාපය තුළ පිරිමින් සිටින බව ඔප්පු කළේය. මේ දෙදෙනාම අවිංdනිකව එක`ගවන තැන ඡන්දයේදී පුරුෂභාවය වැදගත් ලක්ෂණයක් බවයි. මෙලෙස කුලය, ජාතිය, ස්ත්‍රී පුරුෂභේදය, නෑදෑකම, අසල්වැසිකම වැනි ප්‍රාථමික කාරණා ධනේෂ්වර ක්‍රමයක් තුළදී සෙමෙන් පිරිමැද උලුප්පා ප්‍රයෝජනයට ගනී.
සමාජ විඥනයේ ඉතිරි වී තිබෙන මේ පසුගාමී ලක්ෂණ ක්‍රමානුකූලව ඉවත්කර නව දැක්මක් සහිත මිනිසෙක්, වෙනත් මිනිසෙක් නොව වෙනස් මිනිසෙක්, අලුත් මිනිසෙක් නිර්මාණය කර ගැනීමට වික්ෂිප්තව සිටින අයටත් එන එන මැතිවරණවලට නාමයෝජනා ලබාදෙමින් මැතිවරණ වේදිකා තුළ පමණක් මේවා විග්රහ කරමින් සිටින වමේ පක්ෂවලටත් මේ ස`දහා දැවැන්ත වූ සමාජමය වගකීමක් තිබේ. මන්ද ඔවුන්ගේ අරමුණම ජනතාව සවිඥනික කිරීම බැවිනි. ඡන්දය ගැන සිතන මේ සම්ප්‍රදායික සිතීම අභියෝගයට ලක්කර එය පරිවර්තනීය වෙනසකට ලක් කළ හැකි මතවාදී අරගලයකට බුද්ධිමය සංවාදයකට සමාජය යොමු කළයුතුය. එය අභියෝගයක් නමුත් කළ හැකිය. අපේ සමාජයේ එවැනි වෙනස් මිනිසුන් නව දැක්මක් සහිත අලුත් මිනිසුන් බිහිවන වකවානු අප අත්දැක ඇත. එය අඛණ්ඩ ක්රියාවලියක්සේ කරගෙන යාමට වමේ පක්ෂ අසමත්වීම ෙ€දවාචකයකි. එබැවින් අලුත් මිනිසුන්ගෙන් සුසැදුනු අලුත් ජනතාවක්, සවිඥනකවූ ජනතාවක් නිර්මාණය කර ගැනීමෙන් හැර මේ නරුමවාදයට ගමන්කර ඇති සමාජය ඉන් මුදවා ගැනීමට සමත් විකල්ප බලවේග නැත. සත්‍ය එයයි.
සුජාතා අලහකෝන්