අලුත් ජනතාවක්‌ තෝරා පත්කර ගත යුතුය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අලුත් ජනතාවක්‌ තෝරා පත්කර ගත යුතුය

    අලුත් ජනතාවක්‌ තෝරා පත්කර ගත යුතුය

    ජ¨මනියේ විසූ අදීන කලාකරුවකු වූ බර්ට්‍රොaල් බ්‍රෙෂ්ට්‌ හිට්‌ලර්ගේ නාසිවාදයට උඩගෙඩි දුන් ඝාතකයන් යළි සුජාත කළ එකල ජර්මනියේ විසූ ජනතාව සදය උපහාසයට ලක්‌ කරමින් ''අලුත් ජනතාවක්‌ තෝරා පත්කර ගත යුතුය.''පැවසීය. බ්‍රෙෂ්ට්‌ගේ එම සදය උපහාසයට දේශසීමා ඉක්‌මවමින් අපිද අඩු වැඩි වශයෙන් සුදුසුකම් ලබතැයි සිතේ. අපි අපේ මැතිවරණ ක්‍රියාවලිය තුළ හැටපස්‌ වසරක්‌ පුරා ඝාතකයන්, මැරවරයන්, ස්‌ත්‍රී දූෂකයන්, හොරුන්, වංචාකරුවන්, කපටීන් යළි යළි සුජාත කරවමින් අපේ පාලකයන් ලෙස තෝරා පත්කරගනිමින් සිටිමු. ඔවුහු යළි අපිටම ඇ`ගිල්ල දිගු කරමින් ''අපි පත්කරන්නේ නුඹලාගේ කැමැත්තෙනි. වරද නුඹලාගේ යෑයිද, පවසති.

    සුද්දා අපට නිදහස ලබාදීමෙන් අනතුරුව රට පාලනය කිරීම ස`දහා නියෝජිත ආයතන තුළට නියෝජිතයින් තෝරා පත්කර ගැනීමට මැතිවරණ අපට ලැබුණි. මැතිවරණය යනු මහජන කැමැත්තයි. අප රටේ වසරක්‌ පාසා කුමන හෝ මැතිවරණයක්‌ පැවැත්වෙන බැවින් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක්‌ අප රටේ පවතී යෑයි පාලකයෝ පවසති.

    සෑම මැතිවරණයකදීම දක්‌නට ලැබෙන සුපුරුදු ක්‍රියාවලියක්‌ තිබේ. මැතිවරණයට පෙර සහල්, පොල්, එළව`එ, බස්‌ ගාස්‌තු ආදී මෙකී නොකී මිල ඉහළයැම් පිළිබ`දව ආණ්‌ඩුවට පතුරු යන්නට බණිනා ජනතාව මැතිවරණයේදී ආණ්‌ඩුවට ඡන්දය දෙති. මැතිවරණයෙන් පසුව ගෑස්‌ මිල, විදුලි බිල ඉහළ යනවා යෑයි පවසමින් ආණ්‌ඩුවට බැණවැදීමට පටන් ගනිති. යළිත් මැතිවරණයක්‌ පැමිණිවිට ඒ දෙයම කරති. මැරයින්, හොරුන්, පත් වී සිටිතියිs ඡන්දය දුන් අයම කෑ ගසති. උන් ඉදිරියේ දණ ගසති. ගස්‌බන්දවා ගනිති. ගුටි කති. වෙඩිකති. එහෙත් යළි යළිත් ඒ ක්‍රියාවලියෙහිම නිරත වෙති. ''මැතිවරණයකදී කෙරෙන්නේ අපි ඊළඟ අවුරුදු කිහිපය පුරා ගුටි කෑයුත්තේ කාගෙන්දැයි තීරණය කිරීම පමණකි.'' අරාබි ජාතික කවියෙකු වූ ඛලීල් ජිබ්රාන්ගේ මේ අදහස අපට බෙහෙවින් අදාලය.

    මේ උභතෝකෝටිකය දැක වික්‍ෂිප්තව සිටින පිරිසක්‌ද රටේ සිටිති. බොහෝවිට ඡන්දය භාවිතා නොකරන්නෝ ඔවුහුය.

    ධනේෂ්වර ක්‍රමයක්‌ තුළදී මැතිවරණවලදී නිරූපණය වන්නේ ජනතාවගේ සැබෑ කැමැත්ත නොවේ. කෘතීම මතයක්‌ නිර්මාණය කර ගැනීම ස`දහා මේ ක්‍රමය සතු සියලුම මෙවලම් ඒ ස`දහා නිර්ලඡ්ජිතවම යොදවාගනු ලැබේ. රාජ්‍ය බලය, රාජ්‍ය සම්පත්, මාධ්‍ය, මුදල් පමණක්‌ නොව රැකියා, නිවාස ණය, නිවාස ආධාර, සිමෙන්ති කොට්‌ටය, සෙවිලි තහඩු, වැසිකිළි පෝච්චිය දක්‌වා උපකරණ, සිවුරු, වන්දනා ගමන්, සාරි, සිල්රෙදි, පාසල් උපකරණ, බත් පැකට්‌, සිගරට්‌ මත්පැන් දක්‌වාවූ පුද්ගලික අල්ලස්‌ද යොදා ගනී. අතීතයේදී නම් හෙ`දන් හාල්, ඇට අට, තුනයි පනහේ පාන්, ආදී සමාජමය අල්ලස්‌ද යොදාගෙන තිබේ. අත වැනීම්, පිටට තට්‌ටුකිරීම්, සිප ගැනීම්, දරුවන් සුරතල් කිරීම් වැනි මානසික අල්ලස්‌ද, බුලත් හුරුලු දී දෙපා නැමදීම්, ඔබේ ආදරණීය පුත්‍රයා, සහෝදරයා වැනි ඥතීත්වය හ`ගවන යෙදුම් අම්මා, තාත්තා, අක්‌කා, නංගී, මල්ලී වැනි නෑදෑකම් වලින් අමතන සංස්‌කෘතිමය අල්ලස්‌ද මේ පළාත් සභා මැතිවරණයේදීද අපට දක්‌නට ලැබුණි. ජනතාවද කෙටිකලකට සීමාවන මේ මැතිවරණ කප්රුකෙන් ගෙඩිකඩා ගැනීමට එකිනෙකා පරයා උත්සාහ කරනවා විනා ප්‍රතිපත්ති, වැඩ පිළිවෙළවල් ගැන තකන්නේ නැත. ඊට හේතුව කුමන ප්‍රතිපත්තිය, කුමන වැඩපිළිවෙළ ඉදිරිපත් කළත් මැතිවරණයෙන් පසුව ඒවා කුණුකූඩයට වැටෙන බව ඔවුන් දිගු කාලීන අත්දැකීම් තුළින් දන්නා නිසාය. ''ඔවුන් කරන්නේa කුමක්‌දැයි ඔවුන් හො`දින් දනී. එහෙත් ඔවුන් එය කරමින් සිටි.'' ජර්මන් ජාතික දාර්ශනික පීටර් ස්‌ලොටර්ඩ්ජික්‌ පැවසුවේ මැතිවරණ තුළ හැසිරෙන ජනතාවගේ ස්‌වරූපය ගැනය. ඡන්දය භාවිතාකිරීමෙන් අපේ ජීවිත වෙනස්‌ නොවන බව, අපේ ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන බව, තමන් ඡන්දය දෙන්නේ හොරුන්ට , කපටීන්ට බව ජනතාව දනී. එහෙත් ඒවා දිගටම කරගෙන යති. අපේ සමාජය දැන් නරුමවාදය දක්‌වා ගමන්කොට ඇත.

    මෙය වෙනස්‌ කළහැක්‌කේ කොතැනින්ද? කාගෙන්ද? කුමන ලෙසකින්ද? ප්‍රශ්නාර්ථයක්‌ ඉතිරි කරන මුත් එය කොතනින් හෝ කාගෙන් හෝ කුමන ක්‍රමයකින් හෝ පටන්ගත යුතුය.

    ලාංකීය සමාජය වසර දහස්‌ ගණනක්‌ පුරා ගුණාත්මක පිම්මකින් තොරව ඒකාකාරී ලෙස විකාශයවූ බැවින් අපේ රටේ පැවති පූර්ව ධනේෂ්වර ක්‍රමයවූ ආසියාතික නිෂ්පාදන රටාව තුළ තිබූ ඇතැම් පසුගාමී ලක්‍ෂණ ලාංකීය සමාජ විඥනයේ සෑහෙන කොටසක්‌ අත්පත් කරගෙන සිටියි. අපේ සමාජය සාක්‍ෂරතාවයෙන් ඉහළ ගියද උගතුන් වැඩිවුවද සමාජ විඥනය තුළ රැ`දුන මේ පසුගාමි ලක්‍ෂණ විචාරශීලී ගුණය අභිබවමින් මැතිවරණ ක්‍රියාවලිය තුළ ඉස්‌මතු වන ආකාරයත් දක්‌නට ලැබේ. සමහරුන්ට නාමයෝජනා ලැබෙන්නේ කුලය පදනම් කරගෙනය. රැහේ එවුන්ගේ ඡන්දය ගැනීමට ක්‍රමය එයයි. දමිළ ඡන්ද දමිළයන්ටය. මුස්‌ලිම් ඡන්ද ඔවුන්ගේ ජාතියේ කෙනෙකුටය. ඡන්දය දීමේ පදනම ජාතියයි.

    පසුගිය දිනෙක එක්‌තරා ඇමතිවරයෙක්‌ මහනුවර පැවති රැලියක දී දයාසිරි ගිය නිසා එජාපයේ පිරිමි හ`ඩවල් නැති බැවින් ඡන්දය දීමට කෙනෙක්‌ එහි නැති බව පැවසීය. ඊට ක්‍ෂණිකව ප්‍රතිචාර දක්‌වමින් ජනප්‍රිය මන්ත්‍රීවරයෙක්‌ තමන් වන් ෂොට්‌ බවත්, තමාටද පිරිමි හ`ඩක්‌ ඇතිබවත් පවසා එජාපය තුළ පිරිමින් සිටින බව ඔප්පු කළේය. මේ දෙදෙනාම අවිංdනිකව එක`ගවන තැන ඡන්දයේදී පුරුෂභාවය වැදගත් ලක්‍ෂණයක්‌ බවයි. මෙලෙස කුලය, ජාතිය, ස්‌ත්‍රී පුරුෂභේදය, නෑදෑකම, අසල්වැසිකම වැනි ප්‍රාථමික කාරණා ධනේෂ්වර ක්‍රමයක්‌ තුළදී සෙමෙන් පිරිමැද උලුප්පා ප්‍රයෝජනයට ගනී.

    සමාජ විඥනයේ ඉතිරි වී තිබෙන මේ පසුගාමී ලක්‍ෂණ ක්‍රමානුකූලව ඉවත්කර නව දැක්‌මක්‌ සහිත මිනිසෙක්‌, වෙනත් මිනිසෙක්‌ නොව වෙනස්‌ මිනිසෙක්‌, අලුත් මිනිසෙක්‌ නිර්මාණය කර ගැනීමට වික්‍ෂිප්තව සිටින අයටත් එන එන මැතිවරණවලට නාමයෝජනා ලබාදෙමින් මැතිවරණ වේදිකා තුළ පමණක්‌ මේවා විග්‍රහ කරමින් සිටින වමේ පක්‍ෂවලටත් මේ ස`දහා දැවැන්ත වූ සමාජමය වගකීමක්‌ තිබේ. මන්ද ඔවුන්ගේ අරමුණම ජනතාව සවිඥනික කිරීම බැවිනි. ඡන්දය ගැන සිතන මේ සම්ප්‍රදායික සිතීම අභියෝගයට ලක්‌කර එය පරිවර්තනීය වෙනසකට ලක්‌ කළ හැකි මතවාදී අරගලයකට බුද්ධිමය සංවාදයකට සමාජය යොමු කළයුතුය. එය අභියෝගයක්‌ නමුත් කළ හැකිය. අපේ සමාජයේ එවැනි වෙනස්‌ මිනිසුන් නව දැක්‌මක්‌ සහිත අලුත් මිනිසුන් බිහිවන වකවානු අප අත්දැක ඇත. එය අඛණ්‌ඩ ක්‍රියාවලියක්‌සේ කරගෙන යාමට වමේ පක්‍ෂ අසමත්වීම ෙ€දවාචකයකි. එබැවින් අලුත් මිනිසුන්ගෙන් සුසැදුනු අලුත් ජනතාවක්‌, සවිඥනකවූ ජනතාවක්‌ නිර්මාණය කර ගැනීමෙන් හැර මේ නරුමවාදයට ගමන්කර ඇති සමාජය ඉන් මුදවා ගැනීමට සමත් විකල්ප බලවේග නැත. සත්‍ය එයයි.

    සුජාතා අලහකෝන්

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    හා හා .. වර්තමානයට ගලප්පල නේද කියෙව්වේ ?
    ලිපිය පරණයි , 2013.09.22 දිවයින පත්තරේ ගිය ලිපියක් ..
    හැබැයි තාම ප්‍රශ්නේ එම මයි !
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Democracy-is-a-device.png
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔය මොන මගුල කිව්වත් මිනිස්කමට ගරු කරන්නේ නැති, ගුණ ධර්ම පිරිහෙච්ච මිනිස්සු බිහිවෙන්න බිහිවෙන්න සමාජය පල්ලෙහාට යනවා...සමාජේ පිරිහෙනවා කියන්නේ රට පිරිහෙනවා කියන එක... ඒකට මුලින්ම වගකියන්න ඕනේ රජයක්වත් ඉන්න පාලකයොවත් නෙමෙයි..ගුණ ධර්ම වලින් පොහොසත් මිනිහෙක් හැදෙන්නේ පව්ල කියන ඒකකයෙනුයි, ඒ පුද්ගලයා ජීවත් වෙන පරිසරයෙනුයි...දරුවෙක් බඩට ආපු දවසේ ඉදලා ඒ දරුවා සමාජෙට යනකන් හොද ආකල්ප වලින් පොහොසත් කරන්න අම්මෙකුයි තත්තෙකුයි උත්සහ කරන්න ඕනේ...කරුමේ කියන්නේ අපේ පවුල් වලින් බිහිවෙන්නෙ අත්මාර්තයෙන් කටයුතු කරන තමන් හා පවුල ගැන විතරක් හිතන පටු අදහස් වලින් පිරිච්ච මිනිස්සු... ඒකට දැන් ඉන්න මිනිස්සුන්ටත් බැනලා වැඩක් නෑ මොකද මේක වෙන්නෙ අවුරුදු 100ක් 200ක් ඉස්සර ඉදන්...තමන්ගේ වාසියට අත්මය පාවා දිදි එකාට එකා කුලන් කාගෙන රට ජාතිය පාව දෙන්නන්ගේ ජාන වලින් පැවත එන අපි මොන කයිවාරු ගැහුවත් තමන්ට අවාසියක් වූ තැන කථා කරන්නත් අනුන්ට අසාධාරණය වූ තැන නොදැක්කා සේ සිටිමත් නිරා‍යාසයෙන්ම පෙලබෙයි.. එහෙව් මිනිස්සු ඉන්න රටක් ගොඩගන්න මකලා හදන්න වෙනවා...:angry::angry::angry:
     
    • Like
    Reactions: CONCORDE777

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අලුත් මිනිසුන්ගෙන් සුසැදුනු අලුත් ජනතාවක්‌, සවිඥනකවූ ජනතාවක්‌ නිර්මාණය කර ගැනීමෙන් හැර මේ නරුමවාදයට ගමන්කර ඇති සමාජය ඉන් මුදවා ගැනීමට සමත් විකල්ප බලවේග නැත. සත්‍ය එයයි.
     
    :yes::yes::yes:

    මන් හැමදාම කියන්නා වගේ අපේ මිනිස්සු ගුණධර්ම අතින් පෝසත් , ඒක ආගම සහ සංස්කෘතිය එක්ක ආපු දෙයක් වෙන්න පුළුවන් , හැබැයි ඒ ආගම හා සංස්කෘතිය නිසාම අපේ මිනිස්සුන්ගේ චින්තනය පටු වෙලා ... අන්න ඒ නිසාම ලෝකේ ඉස්සරහට යන වේගෙන් අපේ මිනිස්සුන්ට ඉස්සරහට යන්න තියෙන නොහැකියාව නිසා තමයි මන් නං හිතන්නේ මේ අර්බුධ ගොඩක් ඇති වෙලා තියෙන්නේ .. සරලව කියනවා නං , මිනිස්සුන්ට අල්පෙච්ච්ඡ ජීවිතයක් ගත කරන්නත් ඕන , හැබැයි ටීවී එකේ පෙන්නන අලුත් අලුත් අයිටම් ගන්නත් ඕන , අන්න එතකොට ඉහ මොළ රත් වෙලා සර්කිට් ෂෝර්ට් වෙලා මොලෙන් දුම් දාල ආත්මාර්ථය , තන්හාව , ඊරිසියාව , කුහකකම සහ මෝඩකම එලියට පනිනවා ... මකලම හදන්න වෙනව තමයි ඉතින්.. :sorry:
     
    විකල්ප බලවේගයක් පෙනෙන තෙක්මානෙක වත් නැත :( :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    විකල්ප බලවේග උඩින් පහල වෙන්නේ නෑ මිත්‍රයා. විකල්ප බලවේගයක් එන්න නම් ජනතාව අසීමාන්තික පීඩනයකට ලක් විය යුතුයි. ඒ පීඩනයෙන් මිදීමට ජනතාව තෝරා ගන්නා මාර්ගය තුළයි විකල්ප බලවේගය නිර්මාණය වීමේ ගාමක බලවේගය නිෂ්පාදනය වෙන්නේ.

    චීනයේ මාවෝ-සෙ-දොං විප්ලවය කරන්න කලින් කායි ෂෑං ෂෙක් ගේ රජය යටතේ මිනිස්සු බඩගින්නට පොළවේ පස් කෑවා. තමන් ගේ මැරිච්ච දරුවො කෑවා. රුසියන් විප්ලවය වෙන්න කලින් ත්සාර් ගේ මර්දනකාරී පාලනය යටතේ රුසියානුවන් බඩගින්නේ මිය ගියා.

    ලංකාවේ එහෙම වෙන්න තව කල් යයි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රටේ මිනිස්සු හෙන මොඩයි.. කොයි දේ වෙනස් කරන්නත් කලින් අත්‍යාවශ්‍යම දේ තමයි රටේ ආර්ථිකය ගොඩනගාගන්න වැදගත් වැඩපිලිවෙලක් හදන එක..
    මිනිස්සු අතේ සල්ලි ගැවසෙනව නං එක එකාගෙන් හාල් පොල් ටිකයි නිකං බෙදන ඇස්බැස්ටෝස් ටික දිහායි බලාගෙන ඉන්නේ නෑ මිනිස්සු..
    මිනිස්සු සවිඥනක කරන්න කලින් උන්ට කන්න දීල ඉන්න ඕනේ.. බඩගින්නේ උන්ට බණ කියල වැඩක් නෑනේ මිනිහෝ..
    පලවෙනිම දේ රටේ අපනයන ශක්තිය නග්ගගන්න ඕනේ..
    සල්ලි ලැබිලා මිනිස්සු හොදට කාල ඇදලා ඉන්න වැදගත් ජනතාවක් උනාම පාලකයන්ට උනත් රටේ උන් එක්ක විහිළු කරන්න බෑ.. සරලව මේහෙම හිතපංකෝ මූසලයෝ.. ඇමරිකාවේ ගිහිල්ලා මර්වින් සිල්වට චන්දේ දින්නන පුලුවන්ද?
    එංගලන්තේ ගිහිල්ලා දුමින්ද සිල්වට ටකරං බෙදලා චන්දේ දිනන්න පුළුවන්ද?
    බෑ නේ..
    එහෙම උනේ ඒ මිනිස්සුන්ගේ ඇඩ්වාන්ස් කම හින්ද..
    ඒක එන්නේ සල්ලි එක්ක..
    ලංකාවට එදා මෙදාතුර රට ගොඩයන්න ආපු හොදම ආර්ථික වැඩපිලිවෙල තමයි එට්කා කියන්නේ..
    නමුත් ඒ එලකිරියේම කී දෙනෙක් stand against etca ගගා ප්‍රෝෆයිල් පික්චර්ස් දාගෙන මැරෙන්න හැදුවද?
    උන්මේ IT කරන හින්ද IT කරන උන් මේක අස්සේ පිරෙයි පඩි බහියි ඕව හිත හිත මැරෙන්න හැදුවා.. ලංකාවේ වාහන වලට තෙල් වලට ලොකු සල්ලියක් රටෙන් පිටට යනවා.. ඒවා ආයේ ගෙන්න ක්‍රමයක් අපිට නෑ..
    BOI zone ඇතුලේ ලක්ශ දෙකකට වඩා වේකන්සි තියෙනවා මේ දැනුත්.. වැඩ කරන්න උන් නෑ.. ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්නලා ඔය ටික පිරෙව්වනං ලංකාව ගොඩ යනවා.. ඕක තව ටිකක් දිගයි, ලංකාවේ කම්කරු නීතිත් පොඩ්ඩක් තද වැඩියි ඒක නිසා ඉන්වෙස්ටර්ස් ල මෙහෙට එන්නත් කැමති නෑ..ඒක වෙනමම කතාවක්.. ඒ නැතත් මොන පයිය හරි අපනයනය කරන්න නිශ්පාදනය කරන්න මිනිස්සු ඉන්න එපැයි.. වැඩට උන් නැතුව ඒව වේලෙනව..
    දැන් ඉන්දියාව උන්ට පාඩුයි කියල දැනගෙන පස්ස ගැහුවට මොකද කෑගහන එක පකෙක් වත් කරන්න ගියේ මොකද්ද කියල දන්නේ නෑ.. රටවල් දෙක අතරේ අපනයන මත පැනවෙන බදු අහෝසි වෙන හින්ද චීනෙන් අඩුවට බඩු ගෙනල්ල පොඩි ප්‍රොෆිට් එකක් තියාගෙන ඉන්දියාවට බඩු විකුණන්නයි හැදුවේ.. එහෙන් ගත්තා මෙහෙන් දුන්නා මැද ඉදලා ගාන කැපුවා..
    ඒ කිසිම දෙයක් නොදන්න පකයි එට්කා වලට විරුද්ධව මැරෙන්න හැදුවා.. ඕකත් එක්කම මිල අඩු ශ්‍රමිකයෝ ඉන්න තැනක් කිව්වම ආයෝජකයෝ සරම කරේ තිය්ං මෙහේ දුවන් එන්නේ.. අලුතෙන් තව ආයෝජන එන අස්සේ දැනට අඩපණ වෙලා තියෙන බිස්න්ස් ටික නැගලා ආවම ආනයන අපනයන පරතරය පියෝගෙන ලාභයක් ලබන්නත් පුළුවන්...
    ඕක තමයි ලංකාවට ගොඩයන්න තියෙන එකම ක්‍රමය..
    වෙන කිසිම කිසි ක්‍රමයක් නෑ ලංකාවට ගොඩයන්න...
    අන්න ඒ වගේ ආර්ථිකය ගැනවත් දැනීමක් නැති පොන්න හින්ද හිකනල් ජනතාවක් මේක අස්සේ ඉන්නකං ආර්ථිකයත් ඔය වගේම තියෙයි ඉන්න ජනතාවත් හාල් පොල් ටිකට චන්දේ දීගෙන ඉදියි..
    මේ අපි යන ක්‍රමයෙන් රට ගලවන්න වෙන ක්‍රමයක් නෑ...
    අනික මම මේ රනිල්ට පුක දෙන්න නෙමෙයි මේ කතාව කිව්වේ.. උගේ පයියක් මට වැඩක් නෑ.. තේරුම් ගන්න මොලයක් තියෙන එකෙකුට තේරුම් ගන්න කිව්වේ...
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    :yes::yes::yes:

    මන් හැමදාම කියන්නා වගේ අපේ මිනිස්සු ගුණධර්ම අතින් පෝසත් , ඒක ආගම සහ සංස්කෘතිය එක්ක ආපු දෙයක් වෙන්න පුළුවන් , හැබැයි ඒ ආගම හා සංස්කෘතිය නිසාම අපේ මිනිස්සුන්ගේ චින්තනය පටු වෙලා ... අන්න ඒ නිසාම ලෝකේ ඉස්සරහට යන වේගෙන් අපේ මිනිස්සුන්ට ඉස්සරහට යන්න තියෙන නොහැකියාව නිසා තමයි මන් නං හිතන්නේ මේ අර්බුධ ගොඩක් ඇති වෙලා තියෙන්නේ .. සරලව කියනවා නං , මිනිස්සුන්ට අල්පෙච්ච්ඡ ජීවිතයක් ගත කරන්නත් ඕන , හැබැයි ටීවී එකේ පෙන්නන අලුත් අලුත් අයිටම් ගන්නත් ඕන , අන්න එතකොට ඉහ මොළ රත් වෙලා සර්කිට් ෂෝර්ට් වෙලා මොලෙන් දුම් දාල ආත්මාර්ථය , තන්හාව , ඊරිසියාව , කුහකකම සහ මෝඩකම එලියට පනිනවා ... මකලම හදන්න වෙනව තමයි ඉතින්.. :sorry:

    Machan, I am not a big fan of Deepthi. yet this might give you a different perspective.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රටේ මිනිස්සු හෙන මොඩයි.. කොයි දේ වෙනස් කරන්නත් කලින් අත්‍යාවශ්‍යම දේ තමයි රටේ ආර්ථිකය ගොඩනගාගන්න වැදගත් වැඩපිලිවෙලක් හදන එක..
    මිනිස්සු අතේ සල්ලි ගැවසෙනව නං එක එකාගෙන් හාල් පොල් ටිකයි නිකං බෙදන ඇස්බැස්ටෝස් ටික දිහායි බලාගෙන ඉන්නේ නෑ මිනිස්සු..
    මිනිස්සු සවිඥනක කරන්න කලින් උන්ට කන්න දීල ඉන්න ඕනේ.. බඩගින්නේ උන්ට බණ කියල වැඩක් නෑනේ මිනිහෝ..
    පලවෙනිම දේ රටේ අපනයන ශක්තිය නග්ගගන්න ඕනේ..
    සල්ලි ලැබිලා මිනිස්සු හොදට කාල ඇදලා ඉන්න වැදගත් ජනතාවක් උනාම පාලකයන්ට උනත් රටේ උන් එක්ක විහිළු කරන්න බෑ.. සරලව මේහෙම හිතපංකෝ මූසලයෝ.. ඇමරිකාවේ ගිහිල්ලා මර්වින් සිල්වට චන්දේ දින්නන පුලුවන්ද?
    එංගලන්තේ ගිහිල්ලා දුමින්ද සිල්වට ටකරං බෙදලා චන්දේ දිනන්න පුළුවන්ද?
    බෑ නේ..
    එහෙම උනේ ඒ මිනිස්සුන්ගේ ඇඩ්වාන්ස් කම හින්ද..
    ඒක එන්නේ සල්ලි එක්ක..
    ලංකාවට එදා මෙදාතුර රට ගොඩයන්න ආපු හොදම ආර්ථික වැඩපිලිවෙල තමයි එට්කා කියන්නේ..
    නමුත් ඒ එලකිරියේම කී දෙනෙක් stand against etca ගගා ප්‍රෝෆයිල් පික්චර්ස් දාගෙන මැරෙන්න හැදුවද?
    උන්මේ IT කරන හින්ද IT කරන උන් මේක අස්සේ පිරෙයි පඩි බහියි ඕව හිත හිත මැරෙන්න හැදුවා.. ලංකාවේ වාහන වලට තෙල් වලට ලොකු සල්ලියක් රටෙන් පිටට යනවා.. ඒවා ආයේ ගෙන්න ක්‍රමයක් අපිට නෑ..
    BOI zone ඇතුලේ ලක්ශ දෙකකට වඩා වේකන්සි තියෙනවා මේ දැනුත්.. වැඩ කරන්න උන් නෑ.. ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්නලා ඔය ටික පිරෙව්වනං ලංකාව ගොඩ යනවා.. ඕක තව ටිකක් දිගයි, ලංකාවේ කම්කරු නීතිත් පොඩ්ඩක් තද වැඩියි ඒක නිසා ඉන්වෙස්ටර්ස් ල මෙහෙට එන්නත් කැමති නෑ..ඒක වෙනමම කතාවක්.. ඒ නැතත් මොන පයිය හරි අපනයනය කරන්න නිශ්පාදනය කරන්න මිනිස්සු ඉන්න එපැයි.. වැඩට උන් නැතුව ඒව වේලෙනව..
    දැන් ඉන්දියාව උන්ට පාඩුයි කියල දැනගෙන පස්ස ගැහුවට මොකද කෑගහන එක පකෙක් වත් කරන්න ගියේ මොකද්ද කියල දන්නේ නෑ.. රටවල් දෙක අතරේ අපනයන මත පැනවෙන බදු අහෝසි වෙන හින්ද චීනෙන් අඩුවට බඩු ගෙනල්ල පොඩි ප්‍රොෆිට් එකක් තියාගෙන ඉන්දියාවට බඩු විකුණන්නයි හැදුවේ.. එහෙන් ගත්තා මෙහෙන් දුන්නා මැද ඉදලා ගාන කැපුවා..
    ඒ කිසිම දෙයක් නොදන්න පකයි එට්කා වලට විරුද්ධව මැරෙන්න හැදුවා.. ඕකත් එක්කම මිල අඩු ශ්‍රමිකයෝ ඉන්න තැනක් කිව්වම ආයෝජකයෝ සරම කරේ තිය්ං මෙහේ දුවන් එන්නේ.. අලුතෙන් තව ආයෝජන එන අස්සේ දැනට අඩපණ වෙලා තියෙන බිස්න්ස් ටික නැගලා ආවම ආනයන අපනයන පරතරය පියෝගෙන ලාභයක් ලබන්නත් පුළුවන්...
    ඕක තමයි ලංකාවට ගොඩයන්න තියෙන එකම ක්‍රමය..
    වෙන කිසිම කිසි ක්‍රමයක් නෑ ලංකාවට ගොඩයන්න...
    අන්න ඒ වගේ ආර්ථිකය ගැනවත් දැනීමක් නැති පොන්න හිකනල් ජනතාවක් මේක අස්සේ ඉන්නකං ආර්ථිකයත් ය වගේම තියෙයි ඉන්නන ජනතාවත් හාල් පොල් ටිකට චන්දේ දීගෙන ඉදියි..
    ඔය ක්‍රමය ඔතනින් ගලවන්න වෙන ක්‍රමයක් නෑ...
    අනික මම මේ රනිල්ට පුක දෙන්න නෙමෙයි මේ කතාව කිව්වේ.. උගේ පයියක් මට වැඩක් නෑ.. තේරුම් ගන්න මොලයක් තියෙන එකෙකුට තේරුම් ගන්න කිව්වේ...
    ECTA එකෙන් සිදු විය හැකි, සිදු වේ යයි පුරෝකථනය කරණු ලබන යහපත් ප්‍රතිඵල පිළිබද ව ත්‍රෙඩ් එකක් දමන ලෙස ඉතාම ගෞරවයෙන් සහ බැගෑපත්ව ඉල්ලා සිටිමි.

    යම් දෙයක් විවේචනයට පෙර එයින් සිදු වෙනවා යයි පුරෝකථනය කරනු ලබන හොද පිළිබදව තාර්කිකව දැන ගත යුතු බව මම පෞද්ගලිකව සිතමි.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔය මොන මගුල කිව්වත් මිනිස්කමට ගරු කරන්නේ නැති, ගුණ ධර්ම පිරිහෙච්ච මිනිස්සු බිහිවෙන්න බිහිවෙන්න සමාජය පල්ලෙහාට යනවා...සමාජේ පිරිහෙනවා කියන්නේ රට පිරිහෙනවා කියන එක... ඒකට මුලින්ම වගකියන්න ඕනේ රජයක්වත් ඉන්න පාලකයොවත් නෙමෙයි..ගුණ ධර්ම වලින් පොහොසත් මිනිහෙක් හැදෙන්නේ පව්ල කියන ඒකකයෙනුයි, ඒ පුද්ගලයා ජීවත් වෙන පරිසරයෙනුයි...දරුවෙක් බඩට ආපු දවසේ ඉදලා ඒ දරුවා සමාජෙට යනකන් හොද ආකල්ප වලින් පොහොසත් කරන්න අම්මෙකුයි තත්තෙකුයි උත්සහ කරන්න ඕනේ...කරුමේ කියන්නේ අපේ පවුල් වලින් බිහිවෙන්නෙ අත්මාර්තයෙන් කටයුතු කරන තමන් හා පවුල ගැන විතරක් හිතන පටු අදහස් වලින් පිරිච්ච මිනිස්සු... ඒකට දැන් ඉන්න මිනිස්සුන්ටත් බැනලා වැඩක් නෑ මොකද මේක වෙන්නෙ අවුරුදු 100ක් 200ක් ඉස්සර ඉදන්...තමන්ගේ වාසියට අත්මය පාවා දිදි එකාට එකා කුලන් කාගෙන රට ජාතිය පාව දෙන්නන්ගේ ජාන වලින් පැවත එන අපි මොන කයිවාරු ගැහුවත් තමන්ට අවාසියක් වූ තැන කථා කරන්නත් අනුන්ට අසාධාරණය වූ තැන නොදැක්කා සේ සිටිමත් නිරා‍යාසයෙන්ම පෙලබෙයි.. එහෙව් මිනිස්සු ඉන්න රටක් ගොඩගන්න මකලා හදන්න වෙනවා...:angry::angry::angry:
    උඹේ කථාව හරි. AGREED. :yes::yes::yes:
     
    • Like
    Reactions: charitha.123

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    විකල්ප බලවේග උඩින් පහල වෙන්නේ නෑ මිත්‍රයා. විකල්ප බලවේගයක් එන්න නම් ජනතාව අසීමාන්තික පීඩනයකට ලක් විය යුතුයි. ඒ පීඩනයෙන් මිදීමට ජනතාව තෝරා ගන්නා මාර්ගය තුළයි විකල්ප බලවේගය නිර්මාණය වීමේ ගාමක බලවේගය නිෂ්පාදනය වෙන්නේ.

    චීනයේ මාවෝ-සෙ-දොං විප්ලවය කරන්න කලින් කායි ෂෑං ෂෙක් ගේ රජය යටතේ මිනිස්සු බඩගින්නට පොළවේ පස් කෑවා. තමන් ගේ මැරිච්ච දරුවො කෑවා. රුසියන් විප්ලවය වෙන්න කලින් ත්සාර් ගේ මර්දනකාරී පාලනය යටතේ රුසියානුවන් බඩගින්නේ මිය ගියා.

    ලංකාවේ එහෙම වෙන්න තව කල් යයි.

    ඒක ඇත්ත .. හැබැයි ඒ විදිහට බැලුවොත් එච්චර කල් යන්නේ නැති වෙයි :no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    රටේ මිනිස්සු හෙන මොඩයි.. කොයි දේ වෙනස් කරන්නත් කලින් අත්‍යාවශ්‍යම දේ තමයි රටේ ආර්ථිකය ගොඩනගාගන්න වැදගත් වැඩපිලිවෙලක් හදන එක..
    මිනිස්සු අතේ සල්ලි ගැවසෙනව නං එක එකාගෙන් හාල් පොල් ටිකයි නිකං බෙදන ඇස්බැස්ටෝස් ටික දිහායි බලාගෙන ඉන්නේ නෑ මිනිස්සු..
    මිනිස්සු සවිඥනක කරන්න කලින් උන්ට කන්න දීල ඉන්න ඕනේ.. බඩගින්නේ උන්ට බණ කියල වැඩක් නෑනේ මිනිහෝ..
    පලවෙනිම දේ රටේ අපනයන ශක්තිය නග්ගගන්න ඕනේ..
    සල්ලි ලැබිලා මිනිස්සු හොදට කාල ඇදලා ඉන්න වැදගත් ජනතාවක් උනාම පාලකයන්ට උනත් රටේ උන් එක්ක විහිළු කරන්න බෑ.. සරලව මේහෙම හිතපංකෝ මූසලයෝ.. ඇමරිකාවේ ගිහිල්ලා මර්වින් සිල්වට චන්දේ දින්නන පුලුවන්ද?
    එංගලන්තේ ගිහිල්ලා දුමින්ද සිල්වට ටකරං බෙදලා චන්දේ දිනන්න පුළුවන්ද?
    බෑ නේ..
    එහෙම උනේ ඒ මිනිස්සුන්ගේ ඇඩ්වාන්ස් කම හින්ද..
    ඒක එන්නේ සල්ලි එක්ක..
    ලංකාවට එදා මෙදාතුර රට ගොඩයන්න ආපු හොදම ආර්ථික වැඩපිලිවෙල තමයි එට්කා කියන්නේ..
    නමුත් ඒ එලකිරියේම කී දෙනෙක් stand against etca ගගා ප්‍රෝෆයිල් පික්චර්ස් දාගෙන මැරෙන්න හැදුවද?
    උන්මේ IT කරන හින්ද IT කරන උන් මේක අස්සේ පිරෙයි පඩි බහියි ඕව හිත හිත මැරෙන්න හැදුවා.. ලංකාවේ වාහන වලට තෙල් වලට ලොකු සල්ලියක් රටෙන් පිටට යනවා.. ඒවා ආයේ ගෙන්න ක්‍රමයක් අපිට නෑ..
    BOI zone ඇතුලේ ලක්ශ දෙකකට වඩා වේකන්සි තියෙනවා මේ දැනුත්.. වැඩ කරන්න උන් නෑ.. ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්නලා ඔය ටික පිරෙව්වනං ලංකාව ගොඩ යනවා.. ඕක තව ටිකක් දිගයි, ලංකාවේ කම්කරු නීතිත් පොඩ්ඩක් තද වැඩියි ඒක නිසා ඉන්වෙස්ටර්ස් ල මෙහෙට එන්නත් කැමති නෑ..ඒක වෙනමම කතාවක්.. ඒ නැතත් මොන පයිය හරි අපනයනය කරන්න නිශ්පාදනය කරන්න මිනිස්සු ඉන්න එපැයි.. වැඩට උන් නැතුව ඒව වේලෙනව..
    දැන් ඉන්දියාව උන්ට පාඩුයි කියල දැනගෙන පස්ස ගැහුවට මොකද කෑගහන එක පකෙක් වත් කරන්න ගියේ මොකද්ද කියල දන්නේ නෑ.. රටවල් දෙක අතරේ අපනයන මත පැනවෙන බදු අහෝසි වෙන හින්ද චීනෙන් අඩුවට බඩු ගෙනල්ල පොඩි ප්‍රොෆිට් එකක් තියාගෙන ඉන්දියාවට බඩු විකුණන්නයි හැදුවේ.. එහෙන් ගත්තා මෙහෙන් දුන්නා මැද ඉදලා ගාන කැපුවා..
    ඒ කිසිම දෙයක් නොදන්න පකයි එට්කා වලට විරුද්ධව මැරෙන්න හැදුවා.. ඕකත් එක්කම මිල අඩු ශ්‍රමිකයෝ ඉන්න තැනක් කිව්වම ආයෝජකයෝ සරම කරේ තිය්ං මෙහේ දුවන් එන්නේ.. අලුතෙන් තව ආයෝජන එන අස්සේ දැනට අඩපණ වෙලා තියෙන බිස්න්ස් ටික නැගලා ආවම ආනයන අපනයන පරතරය පියෝගෙන ලාභයක් ලබන්නත් පුළුවන්...
    ඕක තමයි ලංකාවට ගොඩයන්න තියෙන එකම ක්‍රමය..
    වෙන කිසිම කිසි ක්‍රමයක් නෑ ලංකාවට ගොඩයන්න...
    අන්න ඒ වගේ ආර්ථිකය ගැනවත් දැනීමක් නැති පොන්න හින්ද හිකනල් ජනතාවක් මේක අස්සේ ඉන්නකං ආර්ථිකයත් ඔය වගේම තියෙයි ඉන්න ජනතාවත් හාල් පොල් ටිකට චන්දේ දීගෙන ඉදියි..
    මේ අපි යන ක්‍රමයෙන් රට ගලවන්න වෙන ක්‍රමයක් නෑ...
    අනික මම මේ රනිල්ට පුක දෙන්න නෙමෙයි මේ කතාව කිව්වේ.. උගේ පයියක් මට වැඩක් නෑ.. තේරුම් ගන්න මොලයක් තියෙන එකෙකුට තේරුම් ගන්න කිව්වේ...

    තෝ හරි මිනිහෝ .. ඕක නිසා තමයි අලුත් ජනතාවක් ඕන කිව්වේ ..
    කතාව බැලුවම පෙන්නේ තෝ නව ලිබරල් පොරක් වගේ .. එතකොට දැන් උබ ඒ පර්ස්පෙක්ටිව් එකේ ඉඳල ඔහොම කියනවා ..

    එතකොට අපේ රටේ අනික් මිනිස්සු ? උන්ට ඕන මේකයි
    උන් ධනේශ්වරේට ආවඩන ගමන් වමේ පාරක යන්න ට්‍රයි කරනවා ..
    දෙපැත්තම බදා ගන්න ඕන ..
    සුළු මධ්‍යමපාන්තික වෙන අපිට රජයේ ඉස්පිරිතාලේ OPD පෝලිමේ ඉඳල බෙහෙත් ගන්න කම්මැලි කම නිසා අපි ප්‍රයිවට් හොස්පිටල් වලට සපෝට් .. හැබැයි අපේ පුතාලට ෆ්‍රී ඉගෙනගන්න පුළුවන් ජාතික පාසලක් තමයි හොයන්නේ ..

    ට්‍රේන් එක වෙලාවට එන්නත් ඕන , හැබැයි පුද්ගලීකරණය වෙනවාටත් විරුද්ධයි ..

    දැන් මන් මේ කියන්නේ පුද්ගලීකරණය වෙන්න ඕන කියන එක නෙවෙයි , අපේ හැතිකරේට දියුණු වෙන්න ඕන නං ඉස්සෙල්ල වම හෝ දකුණ දෙකෙන් එකක් තෝරාගන්න ඕන .. තෝරාගෙන ඔකේ අන්තෙටම ගිහිල්ල නහුතෙටම කෙල වුනු දාට අනික් අන්තෙට යන්න ඕන , අන්න එකෙනුත් පුක් උනහම තමා අපි මේ දැන් ඉන්න මානසිකත්වේ සුදුසු ..

    මන් මේ කිව්වේ තෝ ඉන්න මානසිකත්වේ නෙවෙයි අපේ රටේ බහුතරයක් ඉන්න මානසිකත්වේ ගැන .. වෙනස වෙන්න ඕන ජනතාවගෙන් බව නං පැහැදිලී ..!

    සල්ලි අතට ආවම මොළ පිරිසුදු වෙනවා කියන එක නං හැබැයි විහිළුවක් මිනිහෝ , මොකද ඇමෙරිකාවේ ඉන්න මට්ටයෝ ගානටම ඉන්දියාවේ පොඩි පොඩි ගම් වල හැංගිච්ච මීටර් ඉන්නවා .. අපේ උන්ට ආර්ථිකය ගැන දැනීමක් නැත්තේ නෑ , ආර්ථිකය ගැන ඉගෙන ගන්න එකේ වැදගත්කම ගැන දැනීමක් නෑ .. අන්න එතනයි හැදෙන්න ඕන ..