අලුත් ට්‍රැෆික් බයික් එකක් කුඩු

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    අලුත් ට්‍රැෆික් බයික් එකක් කුඩු

    New Police bike accident

    අධික වේගය නිසා අලුත් ට්‍රැෆික් බයික් එකක් කුඩු-Photos
    පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් සයිකලයක් පසු පස ගිය 600cc ධාරිතාවෙන් යුතු ට්‍රැෆික් සයිකලය අධික වේගය නිසා අනතුරකට ලක් වී තිබෙනවා.
    අනුරාධපුර, මොරගොඩ ශ්‍රාවස්තිපුර පුර ප්‍රදේශයේ දි මේ අනතුර සිදු වුනේ අණ නොතකා ධාවනය කල මොටර් සයිකලයක් පසු පස එලවද්දි. අනතුරට ලක් වූ ට්‍රැෆික් සයිකලයට
    බරපතල ලෙස හානී සිදු වී තිබෙනවා. CT100, Dimo බට්ටෙක් හා ට්‍රැෆික් බයික් එක ගැටුන බවටයි මේ වන විට දැන ගන්නට තිබෙන්නේ. මෝටර් සයිකලය තුළ හිරවී සිටි පොලිස් නිලධාරියාව වහාම තළාව රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශ වාසීන් කටයුතු කර තිබුනා. ඔහුගේ තත්වය බරපතල නැති බවයි ආරංචි මාර්ග පවසන්නෙ. අනතුරට ලක් වුනේ අනුරාධපුර පොලිස් ස්ථානයේ ට්‍රැෆික් සයිකලයක් බවයි පැවසෙන්නෙ.

    ජුලි පලමු වෙනිදා සිට ධාවනය සදහා පොලිසීයට යමහා 600cc යතුරු පැදි 350ක් ලබා දීමට කටයුතු කෙරුනා. එක යතුරු පැදියක් ලක්ෂ 30ක් වනවා. ධාරිතාවයෙන් වැඩි යතුරු පැදි පොලීසියට දීමට කටයුතු කෙරුණත් එවා පැද වීමට හැකි නිසි පුහුණුවක් ලබා දුන්නේද යන්න මේ සිද්ධියත් සමග මතු වෙන ප්‍රශ්නයක්.

    photos
    New Police bike accident
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,664
    113
    රූකඩ රාජ්ජේ
    පුහුණුව විතරක් මදිනෙ.ඔය බයික් වලට සාමාන්‍ය පාරවල් වල යන්න බැරිනම්.accelerate කරපු ගමන් brake ගහන්න බලාගෙන ඒපැයි යන්න මෙහෙ පාරවල් වල.Highway ඒකෙ විතරයි ඒක speed ඒකක යන්න පුළුවන්.ඒ නිසා ඔය බයික් Highway ඒකට හොදයි .
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුහුණුව විතරක් මදිනෙ.ඔය බයික් වලට සාමාන්‍ය පාරවල් වල යන්න බැරිනම්.accelerate කරපු ගමන් brake ගහන්න බලාගෙන ඒපැයි යන්න මෙහෙ පාරවල් වල.Highway ඒකෙ විතරයි ඒක speed ඒකක යන්න පුළුවන්.ඒ නිසා ඔය බයික් Highway ඒකට හොදයි .
     
    එක යතුරු පැදියක් ලක්ෂ 30ක් වනවා
    ඔව් ඔව් මට එකෙක් කිව්වා බයික් එකේ යතුර විතරක් ලක්ෂයක් වෙනවලු.. බදුල්ලේ ට්‍රැෆික් එකට අලුතින් දුන්නලු ඕවගෙන් බයික්. බයික් එක බෙදාගන්න බැරුව වලියක් ගිහින් එකෙක් යතුර හංගලා. බයික් එක ස්ටාර්ට් කරන්න බැරිලු ඒ යතුර නැතුව. කම්පැනි එකෙන් ආය යතුරක් දෙන්නේ 1 lak වලටලු.දැන් ට්‍රැෆික් කාරයෝ. මාලයක් දාගෙන එකේ යතුර ගෙන බෙල්ලේ එල්ලගේනලු ඉන්නේ. :P:P
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මචන්...මං නම් බදුල්ලේ ඔන්න... :D:D
    බදුල්ල පොලීසියට දීලා තියනවාලු ඔය ජාතියේ බයික් 7ක් ..... (ලක්ෂ 30x7 = ලක්ෂ 210 ).... :oo::baffled::eek: සෙල්ලන්ද කොල්ලෝ කිවුවලු නේ? :yes::yes:
    බදුල්ලේ සුපිරිම නමක් තියන මොටර්සයිකල් සර්විස් කරන පොර තමයි කැප්ටන් කියන්නේ... :yes::yes: (මේ පැත්තේ උන් නම් දන්නවා ඇති... super speed master එකේ කොට ඩයල් එක) :P:P
    බදුල්ලේ ට්‍රැපික් බයිසිකල් ඕන අවුලක් හදන්නේ පොර තමයි...(කොටින්ම කියනවානම් පොර ට්‍රැපික් බයිසිකලේ අවුල ගොඩ දැම්මාම trial එක යන්නේ හෙල්මට් එකවත් නැතුව බොලවු...පට්ටයි නේ? ) :D:D

    මම මේ ලගදි මගේ වන්ඩිය සර්විස් කරගන්න ගියාම ඔය බයික් එකකුත් ඇවිත් තිබුනා...සුදු ඉරි අයියලට :P:P කතා කරලා ඇවිත් කැප්ටන් ලොක්කා මගෙත් එක්ක කයියට සෙට් වෙලා කියනවා....

    අර බයික් එක ආවේ , ඒ බයික් එකේ fan වලින් දුවන cooling system එකක් තියනවාලු...ඒවා වැඩ කරන්නේ සාමාන්‍යෙන් 200km විතර ගියාමලු... බදුල්ලේ පදින බයික් සෙරගෙම ඒ fan set එක හැම වෙලේම වැඩ කරනවලූ...ඒක බලාගන්න ඇවිත් තියෙන්නේ...
    අපේ බාප්පලා හැමවෙලේම 1st / 2nd ගියර්වලමනේ යන්නේ..
    ඇයි බන්...ඕකේ මෝල 600cc නේ... top එකට දාගන්න බදුල්ලේ කොහෙද බන් පාරවල්.... :P:P ඒක නිසා එන්ජින් over හීට් වෙනවලු... :sorry::sorry:
    මාරම සීන් එක ඒක නෙවෙයි බන්... :confused::confused: මේ බයික් පදින බදුල්ලේ එක ට්‍රැපික් පොරක්වත් දන්නේ නැල්ලු බන් මේකේ ගියර් 6ක් තියනවා කියලා... :P:P:P ඕන්න බලාපල්ලා අපේ බාප්පලාගේ තරම....

    ඒ බ්යික් එකේ පැට්‍රල් ලීටරේට කිලොමිටර් 10 ලු යකෝ..... අපි මේ GN එකට පෙට්‍රල් ගහගන්න බැරුව දගලනවා...දෙයියෝ...මගේ බඩ දගලනවා මෙයා මේවා අහනකොට.... :rofl::rofl::rofl:

    මන් ඇස් 2න් දැක්ක චොරම සීන් එක තමයි...බයික් එකේ පිටිපස්සෙන් ඉදගෙන යන පොර බැහැගන්න විදින දුක අප්පා...ඉස්සරහ එකාගේ කරේ නැගලා බැහැගන්නේ බන්... :D:D (ඉස්සරහින් යන එකාගේ wife ට මාර වදේ ඇති බන් මේ දවස්වල ‍රැට ‍රැට.... උරිස් දෙකේ තෙල් ගාපාන් කියලා) :P:P:P

    බලුම seen එක තමයි මේක... බයික් බෙදනකොට මොකක් නමුත් හිත් රිදවීමක් වෙලාලු බාප්පලා අතරේ..එක පොරි කැලිස් කාරයෙක් :yes::yes: එක බයික් එකක යතුර උස්සලාලු බන්....යතුරේ සෙන්සර් සීන් එකක් තියනවාලු...ඒක නැතුව බයික් එක start කරන්න බැරිලු...ඒ ජාතියෙම වෙන බයික් එකක සෙන්සර් යතුරක් ගැලපෙන්නෙත් නැලු...යතුර ගෙන්නන්න ලක්ෂයක් යනවලු යකෝ....එතනට ආපු ට්‍රැපිකා රෑට නිදියන්නේ යතුර මාලෙට දාගෙන ,මාලේ බෙල්ලේ දාගෙනලු බන්...පට්ටයි නේ

    අවසානෙට මම එක දෙයක් හිතාගත්තා...(උබත් බදුල්ල අවට කොල්ලෙක් නම් අහගනිල්ලා.)
    ඔනිම බලු,කුප්ප,ජරා, මගඩි වැඩක් කරලා පැනලා යනකොට (වාහනේකින් වගේ දෙයකින්) ,,,හැරිලා බලපන් පිටිපස්ස... :confused::confused: හයිවේ කොන්ට්‍රොල් කියලා ලොකුවටම ගහගත්තු 600cc ට්‍රැපික් බයික් 100ක් උබ පස්සේ ආවත්... :eek::eek: උබ ඉන්නේ තැපැල් 90 උනත්... :P:P බයවෙන්න එපා.... :yes::yes: මමනම්,මගේ GN එකේ 100ට අරින එක මහ කජ්ජක් නෙවෙයි... :D:D 100කට නැතත් 60,70වකට පලයන්... :yes: උබේ තැපැල් 90 ජිවිතේට 600cc ට්‍රැපික් බයික් එකකට අල්ලාගන්න බෑ... ;);)
    ලොක්කලා කොහේ හරි ඇනගෙන මකබෑ වෙනවා ඒකාන්තයි....!
    :P:P:P:P

    අසා සිටි ඔබ සැමට ස්තූතියි