අලුත් තාක්ෂණය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,402
    113
    වාහන ඉස්සර වගේ නෙමේ..
    සුව පහසුවට, ඉන්ධන දහනය අවම කරල ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට, පරිසර දූෂණය අවම කරගැනීමට නොයෙකුත් තාක්ෂණික ක්‍රම හා මෙවලම් භාවිතයට ආව..
    උඹල දන්න ඒව කියපල්ල..

    1.කාබියුරේටර් එක වෙනුවට ඉන්ජෙක්ෂන්
    2.ඩිස්ට්‍රිබියුටරය වෙනුවට... :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,402
    113
    සෙකන්ඩ්‍රි එයාර් සිස්ටම්.

    මොකක්ද මේ සෙකන්ඩ්‍රි එයාර් සිස්ටම් කියන්නේ?
    ස්පාර් ඉග්නිෂන් පද්ධති ඇ‌ති වාහනවල එහෙමත් නැත්නම් පෙට්‍රල් එන්ජින් මගින්(විශේෂයෙන් V6,V8,V10 සහ V12 වැනි විශාල එන්ජින් වල)වායු දූෂණය වැඩියෙන්ම ඇ‌ති වන අවස්ථාවකි කෝල්ඩ් ස්ටාර්ට්ං කියන්නේ.මෙන්න මේ කෝල්ඩ් ස්ටාර්ටිං අවස්ථාවේ දී ඇ‌ති වන වායු දූෂණය අවම කිරීමට යොදා ඇ‌ති සාර්ථක පද්ධතියකි මේ සෙකන්ඩ්‍රි එයාර් සිස්ටම් එක.අපි දැන් බලමු මේ සෙකන්ඩ්‍රි එයාර් සිස්ටම් එකට අයත් කොටස් මොනවාද?එය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?සහ ඇ‌ති වන ගැටලු සහ එම ගැටලු හොයාගන්නේ කොහොමද කියලා.

    කෝල්ඩ් ස්ටාර්ටිං වලදී එන්ජිමට සරැ ඉන්දන/වායු මිශ්‍රණයක්(Rich Air/Fuel)අවශ්‍ය වෙනවා.මෙම අවස්ථාවේ දී කාබන් මොනොක්සයිඩ් සහ හයිඩ්‍රෝකාබන් විශාල ප්‍රමාණයක් පිට කරීම සිදුවෙනවා.ඒ නිසා එන්ජින් කෝල්ඩ් ස්ටාර්ටිං වලදී මෙම වායු දූෂණය අවමකිරීමට ඔක්සිජන් අඩංගු බාහිර වාතය සෙකන්ඩ්‍රි එයාර් පද්ධතිය මගින් එක්සෝස්ට් මැනිෆෝල්යට තුලට විදීම සිදුකරනවා.මෙහි ප්‍රතිඵලයක් ලෙස පිටාර වායුව ඔක්සිකරණයට භාජනය වී පිටාර වායුව කාබන්ඩයොක්සයිඩ් සහ ජලය ලෙස පිට කිරීම සිදුකරන අතර එන්ජිම අවශ්‍ය ක්‍රියාකාරී උෂ්ණතවයට පැමිණි විට සහ කැටලික් කන්වටරය ක්‍රියාකාරී උෂ්ණත්වය ලඟා වූ විට ලැම්බ්ඩා පාලන ඒ‌කකය එහි නිසි ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම සිදුකරයි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,402
    113
    ටිප්‍ට්‍රොනින්

    ටිප්‍ට්‍රොනින් යනු ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ පද්ධති සහිත මෝටර් රථ මැනුඅල් ආ‌කාරයට ගියර් ලීවරය ටිප්‍ට්‍රොනින් ෂිෆ්ට් ගේට් එක හරහා රියදුරැ හට මාරැකිරීමට හැකි ක්‍රමයයි.මේ සඳහා ගියර් ලීවරය " D " ස්ථානයෙන් වමට හෝ දකුණට සිලෙක්ට් කර එහි ඇ‌ති (+)ඉදිරියටත් (-)පසුපසට ගියර් ලීවරය අතින් " upshift " සහ " downshift කිරීමෙන් මාරැකිරීමට පුලුවන්.ඊට අමතරව අලුත් වාහන වල ස්ටීරියන්වීල් එක යට හරි උඩ හරි වම් පැත්තේ (-) තියෙන සහ දකුණු පැත්තේ(+)තියෙන තියෙන ශිෆ්ට් පැඩල් අතින් ක්‍රියාකරවීමෙන් ද ගියර් මාරැකරන්න පුලුවන්.ඒ‌ වගේම සමහර වාහන වල මේ ක්‍රම දෙකම හෝ ගියර් ලීවරය මගින් පමණක් ශිෆ්ට් කරන්න පුලුවන් ක්‍රමය විතරක් තියෙන්නත් පුලුවන්.මෙම ක්‍රමයේ දී ඇ‌ක්ස්ලේටර් පැඩලයෙන් පාදය ඉවත් නොකර ගියර් upshift කරන්න පුලුවන්.බ්‍රේක් කිරීමේදී ස්වයංක්‍රීයවම ගියර් down shift වෙනවා,නැත්නම් බ්‍රේක කරන ගමන් පැඩල් ශෆ්ට් මගින් හරි ගියර් ලීවරය මගින් downshift කරන්නත් පුලුවන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,402
    113
    මාස් එයාර් ෆ්ලෝ මීටර්/එයාර් ෆ්ලෝ සෙන්සර්

    බොහෝ නූතන මෝටර් රථ පරිගණකය පාලන එන්ජින් පද්ධතියේ වැදගත් කොටසක් වේ.සාමාන්‍යයෙන් එන්ජිම හා එයර් ෆිල්ටරය අතර ප්ලාස්ටික් හවුසිමක් තුල පිහිටා ඇති MAF සංවේදකය එන්ජිමට ඇතුලු වන වායු පරිමාව සහ ඝනත්වය මැනීම සිදුකරයි.

    මෙම MAF සෙන්සරය හඳුනාගනිමු
    මෙම MAF සංවේදකය ඉන්ධන බෙදාහැරීම සහ ස්පාර්ක් කාලය ගණනය කිරීමට උපකාර වන මිණුම් භාවිතා කර එන්ජින් පාලන පරිගණකය වෙත සංඥාවන් යවන ඉලෙක්ට්‍රොනික සංවේදකය වේ.
    බොහෝ MAF සංවේදක ඉන්ලට් මැනිෆෝලඩය තුලට කොපමණ වායු ගැලීමක් ඇතිකරන්නේද යන්න තීරණය කිරීමට විද්‍යුත් ප්‍රේරක කම්බි උපයෝගී කරගී.මෙම කම්බි වායු ගැලීම මත පදනම්ව විදුලි වෝල්ටීයතාවය නිපද වන අතර එය එන්ජින් පාළන ඒ‌කකය වෙත දන්වයි.මෙම දත්තයන් මත ස්පාර්ක් කාලය, ඉන්ධන බෙදාහැරීමේ සහ ස්පාර්ක් ඇ‌ඩ්වාන්ස් වෙනස් කිරීම ආ‌දිය කොපමණද යන්න එන්ජින් පරිගණකය තීරණය කරනු ලබයි.මෙම MAF සංවේදක දුර්වල එහෙමත්නැත්නම් වරදක් ඇ‌තිවිට එන්ජින් අයිඩල් රලු වීම(rough idle),දුර්වල ඉන්ධන පර්භෝජනය(poor fuel economy)හා ඇතැම් විට එන්ජින්ඇණහිටීම(stalling)ඇති විය හැක.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,402
    113
    ලැටරල් ඇ‌ක්සලරේෂන් සෙන්සර්/පාර්ශ්වික ත්වරණ සංවේදකය(Lateral Acceleration Sensor)

    වාහනයේ ඉලෙක්ට්‍රොනික් ස්ටැබිල්ටි කොන්ට්‍රෝල් යුනිට්(ESC)එකට වාහනයේ පාර්ශ්වික ත්රණය අනුව වාහනයේ සැබෑ තත්ත්වය ගණනය කිරීම සඳහා මේ සෙන්සරය භාවිතා කරන අතර වාහනය ගමන් කරන දීශාවෙන් කොපමණ ප්‍රමාණයක් පැත්තකට ගමන් කරනවාද යන්න මත මේ ක්‍රියාත්මක වෙනවා.වාහනය වංගු ගැනීමකදී ඇ‌තිවෙන කේන්ද්‍රාපසාරී බලය(g-force/gravity force)හේතුවෙන් වාහනය වංගුවෙන් ඈත්වෙන ප්‍රමාණය ගණනය කිරීම සිදුකරනවා.
    මේ ලැටරල් ඇ‌ක්සලරේෂන් සෙන්සර් එක,යෝව් රේට් සෙන්සර්/ඩුවෝ සෙන්සර්(yaw rate sensor/duo sensor)එකම හවුසිම තුල හෝ ඒ‌ අසලම වාහනයේ ඉදිරි පස ආ‌සන දෙක මැද බොඩියට වෙනම සවිකර තියෙනවා.



    15350443_10207977658899092_1986252961230032531_n.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,402
    113
    ස්ටීරියන් ඈන්ගල් සෙන්සර්(SAS)

    මෝටර් රථ වල තියෙන තවත් වැදගත් වගේම අත්‍යාවශ්‍ය සෙන්සරයක් තමයි මේ ස්ටීරියන් ඈන්ගල් සෙන්සරය කියන්නේ.

    මේ ස්ටීරියන් ඈන්ගල් සෙන්සර් එක ස්ටීරියන් වීල් එකට යටින් ස්ටීරියන් කොලම් එකකට සවිකර තියෙන අතර ඉලෙක්ට්‍රොනික් ස්ටැබිල්ටි කොන්ට්‍රෝල් යුනිට් එකට ස්ටීරියන් වීල් පොසිෂන් එක තහවුරැ කිරීමට අවශ්‍ය කරන සිග්නල් ලබාදීම මේ සෙන්සරය මගින් සිදුකරනවා.ස්ටීරියන් ඈන්ගල් සෙන්සරය මගින් සිග්නල් දෙකක් යවන අතර ඒ සිග්නල් දෙක එකිනෙකට වෙනස් අදියර දෙකකින් යැවීම සිදුකරනවා.ස්ටීරියන් ඈන්ගල් සෙන්සරය මගින් ස්ටීරියන් වීල් එක කැරකෙන දිශාව,එහි කෝණික ප්‍රවේගය සහ දිශාව මැනිම සිදු කරන අතර රියදුරැ විසින් මෝටර් රථය ගෙන යන දිශාව පිළිබඳ තොරතුරු අවශ්‍ය කොන්ට්‍රෝල් මොඩියුලයන් වෙත සපයනවා.එනම් ඉලෙක්ට්‍රොනික් ස්ටැබිලිටි කොන්ට්‍රෝල් (ESC),ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන් හෝ ඇ‌ඩිවාන්ස් ෆාර්මිං සිස්ටම්(EPS or AFS),පාර්ක් ඇ‌සිස්ටන් සිස්ටම් සහ ඔටෝ පාරකිං සිස්ටම්(PAS or APS),කෝණරිං ලයිට්,ලේන් කීප් ඇ‌සිස්ටන්ට්(LKAS)සහ ඔටෝ පයිලට් පද්ධති සඳහා අවශ්‍ය කරන තොරතුරැ ද මේ සෙන්සරය මගින් සපයනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,402
    113
    ලේන් ඩිපාර්චර් වර්නින් සහ ලේන් කීප් ඇ‌සිස්ටන් සිස්ටම්

    මං තීරෑ සලකුණු කර ඇ‌ති මාහා මාර්ග වල ධාවනය වන විට මාර්ගයේ ඇ‌ති මං තීරෑ මාරැ කිරීමේ දී සහ මං තීරෑ වෙන් පිට ධාවනය වීම නිසා ඇ‌ති විය හැකි අනතුරැවලින් ආ‌රක්ෂා වීම සඳහා නවීන වාහන වල භවිතා කරන ඩ්‍රයිව් ඇ‌සිස්ට් පද්ධති දෙකක් දෙකක් තමයි ලේන් ඩිපාර්චර් වර්නින්(Lane Departure Warning-LDW)සහ ලේන් කීප් ඇ‌සිස්ටන් සිස්ටම්(Lane Keep Assistance Systems-LKAS)කියන්නේ.

    මේ ලේන් ඩිපාර්චර් වර්නින් මගින් වාහනය පැයට කිලෝමීටර් 10 වඩා වැඩි වේගයෙන් ධාවනය වන විට වාහනයේ වම් පස හෝ දකුණු පස තමන්ගේ වාහනය ආ‌සන්නයේ ඇ‌ති අනෙක් වාහන ගැන රියදුරැ හට අනතුරැ ඇ‌ඟවීම සඳහා සයිඩ් කණ්නාඩි වීදුරැව මත හෝ හවුසිම මත ඇ‌ති ඔරේන්ජ් පාට වර්නින් ලයිට් එකක් මගින් හෝ කණට ඇ‌හෙන බීප් වැනි ශබ්දයක් මගින් රියදුරාට ඒ‌ බව දන්වනවා.මේ සඳහා අවශ්‍ය දත්ත ලබාගැනීමට මෝටර් රථයේ පසුපස බම්පරය තුල සවිකර ඇ‌ති රේඩාර් වර්ගයේ සෙන්සර් දෙකක් යොදාගන්නවා.

    ලේන් කීප් ඇ‌සිස්ටන් සිස්ටම් එක මගින් කරන්නේ මං තීරෑ සලකුණු කර ඇ‌ති හයිවේ සහ ප්‍රධාන පාරවල් වල පැයට කිලෝමීටර් 60 වඩා වැඩි වේගයෙන් ධාවනය වන විට දී වාහනය මං තීරැවෙන් පිටතට යනවා නම් ස්වයංක්‍රීයවම ස්ටීරියන් වීල් එක මං තීරැවෙන් ඇතුලට හැරීට වාහනය මං තීරැව ඇ‌තුලත ධාවනය වීමට සලස්වනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,402
    113
    සිලෙක්ටිව් කැටලික් රිඩියුෂන් තාක්ෂණය(SCR)

    සිලෙක්ටිව් කැටලික් රිඩියුෂන්(Selective Catalytic Reductin)එහෙමත් නැත්නම් SCR කියන්නේ මොකක්ද?
    වායු විමෝචනය අවම කිරීමට ඩීසල් එන්ජින් සඳහා විශේෂ කැටලික් කන්වටරයක් තුලට ඩීසල් එක්සෝස්ඩ් ෆ්ලුයිඩ්(Diesel Exhaust Fluid-DEF)විදීම භාවිතා කරන උසස් තත්වයේ ක්‍රියාකාරී විමෝචන පාලන තාක්ෂණ පද්ධතිය SCR කියලා හඳුන්වනවා.

    සාමාන්‍යයෙන් මේ DEF මගින් පිටාර වායුවේ අඩංගු වෙන නයිට්රජන් ඔක්සයිඩ්(Nox)රසායනික ප්‍රතික්‍රියාකරලා නයිට්‍රජන්,ජලය හා තුනී කාබන් ඩයොක්සයිඩ් (CO2) බවට පත්කරලා වායුගෝලයට නිදහස් කිරීම සිදුකරනවා.

    විශේෂයෙන්ම මේ SCR තාක්ෂණය මගින් නයිට්‍රරජන් ඔක්සයිඩ්(NOx)වායුගෝලයේ දී අඩු ඔක්සිකරණයක් භාජනය වීමට සැලසුම් කරලා තියෙනවා.SCR කැටලික්කන්වටර ක්‍රමය තුළ ඔක්සිකාරකයක් ලෙස NOx තුල ඇමෝනියා භාවිතා මට්ටම් අඩු නිසා "selective" කියලා සහ NOx සමග DEF රසායනික ප්‍රතික්‍රියාකරලා නයිට්‍රජන්,ජලය හා අඩු කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් බවට දූෂක පරිවර්තනය කිරීම නිසා "reduction" ලෙස හඳුන්වනවා.මේ DEF මගින් ඔක්සිකාරක ඇමෝනියා නිෂ්පාදනය ඇ‌තිවීම වලක්වනවලා මේ SCR තාක්ෂණය මගින් NOx නිපදවීම 90% ක් දක්වා අඩු කිරීම හැකියාව තියෙනවා.


    15941071_10208226582642030_7679237781787881187_n.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,402
    113
    මැග්නටික් රයිඩ් කොනට්‍රෝල් සස්පෙන්ෂන් සිස්ටම්

    මොකක්ද මේ මැග්නටික් රයිඩ් කොන්ට්‍රෝල් සස්පෙන්ෂන් කියන්නේ?
    සාමාන්‍ය ෂොක්ඇ‌බ්ෂෝබර් වල හයිඩ්‍රොල්ක් ඔයිල් සහ පිස්ටන් එකක් භාවිතා කරලා වාහනයේ ඩෑම්පිං එහෙම නැත්නම් කම්පණ අවම කරනවා කියලා අපි හැමෝම වගේ දන්නවා.ඒ‌ත් මේ මැග්නටික් රයිඩ් කොන්ට්‍රෝල් සිස්ටම් එකට භාවිතා කරන විශේෂ වර්ගයේ ෂොක්ඇ‌බ්ෂෝබර් ඊට තරමක් වෙනස්.ඒ කියන්නේ මේ සඳහා භාවිතා කරන වි ශේෂ වර්ගයේ ෂොක්ඇ‌බ්ෂෝබර් තුල හඩ්‍රොලික් ඔයිල් එකට චුම්භක අංශූ එකතු කරලා තමයි නිපදවලා තියෙන්නේ.මේ චුම්භක අංශු වලට චුම්බක ක්ෂේත්‍ර ඇ‌ති කිරීම හා නැති කිරීම සස්පෙන්ෂන් ඩෑම්පිං කොන්ට්‍රෝල් යුනිට් එක හරහා ධාවන ක්‍රියාකාරී තත්වයන්ට අනුව වාහනයේ සස්පෙන්ෂන් ඩෑම්පර් එජස්ට් කිරීමේ හැකියාව තියෙන නිසා මේ සස්පෙන්ෂන් සිස්ටම් එකට මැග්නටික් රයිඩ් කොන්ට්‍රෝල් සස්පෙන්ෂන් සිස්ටම් කියලා කියනවා.

    මේ මැග්නටික් රයිඩ් කොනට්‍රෝල් සස්පෙන්ෂන් සිස්ටම් එක මගින් රියදුරන්ට ඔවුන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් වලට ගැලපෙන ආ‌කාරට කොම්ෆෝර්ට් සහ ස්පෝර්ට් යන ඩ්‍රයිවිං මූඩ් වලින් එකක් තෝරගන්න පුලුවන් ඒ වගේම මේ ඩ්‍රයිවිං මූඩ් දෙකේදීම වාහනය පවතින ධාවන තත්වයන්ට අනුව එජස්ට් වීම සිදුවෙනවා.ස්පෝර්ට් මූඩ් එකේ දී මාර්ගයේ සෘජු ප්‍රතිචාර අනුව පද්ධතිය ක්‍රියාකිරීම සිදුවෙන අතර
    නෝර්මල් මූඩ් එක දීර්ඝ ගමන් වල දී ඇ‌තිවෙන තෙහෙට්ටුව නැති කිරීමට සඳහා සුවපහසුව ලෙස ක්‍රියාකරනවා.මේ නෝර්මල් මූඩ් එක බොහෝ දුරට කොම්ෆෝර්ට් මූඩ් එකට සමාන ලෙස ක්‍රියාත්මක වෙනවා.

    මැග්නටික් රයිඩ් පද්ධතියේ ඩෑම්පර් පිරවීම සඳහා ෂොකබ්ෂෝබර් ඇ‌තුලේ තියෙන හයිඩ්‍රොලික් ඔයිල් වලට එකතුකරලා තියෙන කුඩා චුම්බක අංශු වලට චුම්භක ක්ෂේත්‍රය ලබාදෙන විට මේ ඩෑම්පර් ගමන් කරන දිශාව එරෙහිව චුම්බක අංශු එකට බැඳීම සිදුවෙනවා.ඒ‌ හේතුවෙන් ඩෑම්පර් වල ඩෑම්පිං බලය චුම්බක ක්ෂේත්‍රයේ ශක්තිය මත අඩු හෝ වැඩි වීම සිදුවෙනවා.



    15965488_10208239960256462_7086394780562786323_n.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,402
    113
    එන්ජින් ඩ්‍රැග් ටෝර්ක් කොන්ට්‍රෝල්(EDTC/MSR)

    මොකක්ද මේ එන්ජින් ඩ්‍රැග් ටෝර්ක් කොන්ට්‍රෝල් එහෙම නැත්නම් MSR කියන්නේ?ඩච් භාෂාවෙන් MSR කියන්නේ Motor Schleppmoment Regelung කියන එක.එකේ ඉංග්‍රිසි තේරැම තමයි Engine Drag Torque Control කියලා කියන්නේ.

    ඉලෙක්ට්‍රොනික් ස්ටැබිලිටි කොන්ට්‍රෝල් කොන්ට්‍රෝල්(ESP)සිස්ටම් එකටම අයිතිවෙන කොටසක් තමයි මේ එන්ජින් ඩ්‍රැග් ටෝර්ක් කොන්ට්‍රෝල් එහෙම නැත්නම් MSR කියන්නේ.ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල්(TC)සිස්ටම් එහෙම නැතනම් ඇ‌න්ට් ස්කිඩ් කොන්ට්‍රෝල්(ASR)සිස්ටම් එකේ දී වෙන්නේ ඇ‌ක්ස්ලේටර් කිරීමක දී රෝද එක තැන ලිස්සනවා නම් රෝද වලට යන එන්ජින් ව්‍යාවර්ථය කපාහැරීමයි.ඒ‌ත් මේ MSR එකේ දී වෙන්නේ මේ ASR/TC සිස්ටම් එකේ දී සිද්ධවෙන ක්‍රියාවට ප්‍රතිවිරැද්ධ ක්‍රියාවක්.ඒ‌ කියන්නේ රෝද ලිස්සා යාමකදී ඇ‌ක්ස්ලේටර් පැඩල් එක අතහැරීමක දී හරි එහෙම නැත්නම් ඉතා ඉක්මනින් අඩු ගියර් වලට මාරැ කිරීමක් කරනවා නම් එන්ජිම බ්‍රේකිං වෙලා එහෙම නැත්නම් එන්ජින් ව්‍යාවර්ථය අඩු වෙලා වාහනයේ ධාවනය වෙමින් තියෙන රෝද ලිස්සලායනවා.එතකොට තාවකාලිකව වාහනයේ ස්ථාවරත්වය නැතිවෙනවා.මෙන් මේ වගේ අවස්ථාවලදී මේ කියන MSR සිස්ටම් එක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා වාහනයේ දිශා ස්ථාවරත්වය පවත්වාගැනීමට උදව් වෙලා ආරක්ෂාව ලබා දෙනවා.

    කොහොමද මේ MSR සිස්ටම් එක වාහනය ලිස්සලා යන එක වලක්වලා වාහනයේ ස්ථාවරත්වය පාලයන කරන්න උදව් කරන්නේ?

    මේ MSR කොන්ට්‍රෝල් යුනිට් එකට ඩාටා බස් සිග්නල්(CAN data BUS)හරහා වීල් ස්පීඩ් සෙන්සර්,එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක හෝ ට්‍රාන්ස්මිෂන් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් අවශ්‍ය කරන දත්ත ලබාගන්නවා.එහිදී වාහනයේ ධාවනය වෙන රෝද ලිස්සා යනවා කියලා MSR කොන්ට්‍රෝල් යුනිට් එකෙන් හඳුනගන්ත්තොත් MSR කොන්ට්‍රෝල් යුනිට් එකෙන් සිග්නල් එකක් යවනවා රෝද ලිස්සලා යනවා ඒ‌ නිසා එන්ජින් වේගය ටිකක් වැඩි කරන්න කියලා.එතකොට එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක ඩාටා බස් හරහා යවන සිග්නල් එක මගින් ත්‍රොටල් කොන්ට්‍රෝල් මෝටරය ක්‍රියාත්මක වෙලා ත්‍රොටල් වෑල් එක අවශ්‍ය ප්‍රමාණයට තවදුරටත් ඇ‌රීම සිදුවෙලා ලිස්සලා යන රෝද නැවත වතාවක් මාර්ගය වේගය තරම් වේගයෙන් කරකැවෙන තෙක් එන්ජින් වේගය තරමක් වැඩි කරනනවා.මේ නිසා වාහනයේ දිශා ස්ථාවරත්වය සහ හැසිරවීම පවත්වාගෙන යාමට උදව්වෙලා වාහනයේ ආ‌රක්ෂාව සහතික කරනවා.මේ MSR සිස්ටම් එකේ මෙහෙයුම් වලට වාහනයේ සම්පූර්ණ වේගය පරාසය තුලම ක්‍රියාත්මකවීමේ හැකියාව තියෙනවා.


    ESP - ABS - ASR/TC - MSR

    මේ දේවල් 4 ගැන ඔබ දන්නවාද.. :D
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    අද මාතෘකාව වාහන තාක්ෂණයේ නව්‍යතා... :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,402
    113
    ඩීසල් එක්සෝස්ට් ෆ්ලුයිඩ්(DEF)

    ඩීසල් එක්සෝස්ට් ෆ්ලුයිඩ් එහෙමත් නැත්නම් ඇ‌ඩ් බ්ලූ කියන්නේ මොනවද?
    ඩීසල් එන්ජින් වල පිටාර වායුවේ අඩංගු නියිට්‍රජන් ඔක්සයිඩ්(NOx)ප්‍රමාණය අවම කිරීම සඳහා පිටාර වායුට විදීම සඳහා භාවිතා කරනු ලබන යූරියා අඩංගු ඇ‌මෝනියා සාන්ද්‍රණයට කියනවා ඩීසල් එක්සෝස්ට් ෆ්ලුයිඩ්(Deisel Exhust Fluid-DEF)එහෙමත් නැතැනම් ඇ‌ඩ් බ්ලූ(AdBlue)කියලා.
    නවීන ඩීසල් වාහන වල පිටාර වායු පද්ධතියටම අදාල කොටසක් ලෙස සවිකරලා තියෙන වෙනම කුටීරයකට මේ DEF විදීම සිදුකරන අතර සයිලන්සරයට සවිකරලා තියන ඉලෙක්ට්‍රොනික් පාලන නයිට්‍රජන් ඔක්සයිඩ්(NOx)ප්‍රමාණය මැනීමේ සෙන්සරයක් මගින් පිටාර වායුවේ නයිට්‍රජන් ඔක්සයිඩ් ප්‍රමාණය නීරීක්ෂණය කරලා ඒ‌ බව එන්ජින් පාලනය ඒ‌කකය වෙත දන්වන අතර ඒ‌ අනුව අවශ්‍ය ප්‍රමාණයට DEF පිටාර වායුවට විදීම සිදුකරනවා.

    පිටාර වායු මතට විදිනු ලබන DEF සාන්ද්‍රණය පිටාර වායුවේ අන්තර්ගත නයිට්‍රජන් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියාකරලා නයිට්‍රන් හා ජලය බවට පත්කරලා අවසානයේ දී සයිලන්සරයෙන් පිටකරනවා.
    මේ DEF වල යූරියා(32.5%)සහ ජලය අඩංගු මිශ්‍රණයක් ලෙස නිපදවලා තියෙනවා.DEF සඳහා භාවිතා කරන වඩාත් පොදු වෙළෙඳ නාමය තමයි ඇ‌ඩ් බ්ලූ(AdBlue)කියන්නේ.ඊට අමතරව CatBlue, NoNOx සහ Air1 යන නම් වලින්ද හඳුන්වනවා.
    DEF ටැංකියේ ඇ‌ති DEF ප්‍රමාණය අනුව ගමන් කරන්න පුලුවන් දුර ප්‍රමාණය සහ කාලය වාහන වර්ගය,ප්‍රමාණය සහ භාවිතා කර ඇති ආ‌කාරය මත පදනම්ව වෙනස් වෙනවා.මේ DEF යූරියා මිශ්‍ර ද්‍රාවණය විඛාදන ද්‍රව්‍යක් වගේම හිරැ එළියට නිරාවරණය වීමෙන් ක්‍රිස්ටලයිස් කැට බවට පත්වෙන නිසා DEF ගබඩා ටැංකි,බෙදාහැරීමේ ක්‍රම සහ භාවිතයේ දී ඒ‌ගැනවිශේෂයෙන් සැලකිලිමත් විය යුතු වෙනවා.ඒ‌ නිසා මේ සඳහා යූරියා වලට මල නොබැඳෙන විශේෂ සුදු යකඩ වානේ හෝ ප්ලාස්ටික් පොම්ප සහ ටැංකි භාවිතා කරනවා.

    DEF ඉවර වුණොත් මොකද කරන්නේ?
    වාහනයේ DEF මට්ටම නැවත පිරවිය යුතු අවස්ථාවට පැමිණි පසු අවශ්‍ය අවම DEF මට්ටමට නැවත පුරවන තුරැ එන්ජින් පරිගණකය මගින් එන්ජිමේ යාන්ත්‍රික කාර්‍ය්‍යය සාධනය යම් ප්‍රමාණයකට අඩු කරනවා.මේ වගේ අවස්ථාවක ඉක්මනින් DEF ටැංකිය නැවත පුරවාගැනීම සඳහා අතේ ගෙනයාහැකි කුඩා ප්‍රමාණයේ DEF බෝතල් ද තියෙන අතර වාහන සේවා අලෙවි නියෝජිතයන්ගෙන් සහ ඉන්ධන පිරවුම් හල් වලින් ද මේ DEF ලබාගැනීමේ හැකියාව තියෙනවා.වාහනයක DPF අවසන් වීමට කලින් පලමු අනතුරැ ඇ‌ඟවීම ලෙස DPF මට්ටම අඩු බවට මීටර් බෝඩ් එකේ DPF වර්නින් ලයිට් එක පත්තු කරලා ඒ‌ බව රියදුරැට දන්වන අතර ඒ‌ ගේම තවත් සමහර වාහන වල කෙටි පණිවිඩයක් මගින් ද ඒ‌බව දැනුම් දෙනවා.විශේෂයෙන් ට්‍රක් රථ වල DPF ටැංකියේ ඇ‌ති ප්‍රමාණය දක්වන DEF ගේජ් එකක් ද ඩෑෂ් බෝඩ් එකේ තියෙනවා.දෙවන DEF අනතුරැ ඇ‌ඟවීම දී ටැංකියේ DEF සම්පූර්ණයෙන්ම අවසන් වූ පසු දක්වන අතර මේ දෙවන DEF වර්නින් ලයිට් එක දැල්වී තිබෙන අවස්ථාවේ දී වාහන නොකඩවා ධාවනය කල පුලුවන්.ඒ‌ මොනම හේතුවකින් හරි වාහනයේ එන්ජිම නැවත්තුවහොත් හෝ නැවතුනොත් වාහනය නැවත පණගැන්වීමට නොහැකි වන අතර මේ අවස්ථාවේ දී DEF ටැංකියේ තිබිය යුතු අවම මට්ටමට දක්වා DEF නැවත පිරවීමට සිදුවෙනවා.මේ DEF වර්නින් ලයිට් එක මීටර් බෝර්ඩ් එකෙන් ඉවත්වීමට පිරවිය යුතු අවම DEF ප්‍රමාණය එක් වාහන වර්ගය සහ ප්‍රමාණය අනුව වෙනස්වෙනවා.වාහනයේ මේ DEF ගබඩා කර තබාගැනීම සඳහා ඩීසල් ටැංකියට අමතරව ඩීසල් ටැංකිය අසලම තවත් කුඩා ප්‍රමාණයේ ටැංකියක් තියෙනවා.ඒ‌ නිසා වැරදීමකින් හරි මේ DEF ඩීසල් ටැංකිය නොදැමීමට වගබලාගත යුතු වෙනවා.

    DEF භාවිතාකරන ඩීසල් වාහන,මේ DEF අවසන්වීමෙන් පසුව තවදුරටත් ධාවනය කිරීම නීතියෙන් තහනම් වන අතර එය වාහනයේ SCR(Selective Catalytic Reduction)එකේ ආ‌යු කාලය ඉතා ඉක්මනින්ම අවසන් වීමට ද හේතුවක් වෙනවා.
     
    • Like
    Reactions: Caps Lock