තම පක්‍ෂය විපක්‍ෂයේ සිටියදි කිවුවේ පාස්කු ප‍්‍රහාරය ගැන අලුත් පරීක්‍ෂණයක් කරන බව යයි කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.
අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් කරන ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය.
“ආණ්ඩු බලය ගන්න කලින් අපි කිව්වේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂණයක් පටන් ගන්නවා කියලා. ඒක අපි දැන් පටන් අරන් තියෙනවා. ඒ වගේම අපි අද කියනවා ඒ පරීක්ෂණය අනුව ඒ අදාළ චූදිතයින්ට අපි අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක තමයි අපි එදත් කිව්වේ, අදත් කියන්නෙ.
පොඩි ළමයි සෙල්ලම් බඩු පොළවේ ගහනවා අවධානය දිනාගන්න. ඉතින් ගම්මන්පිල පොඩි එකෙක් වගේ දඟළන එක ගැන මම එච්චර කලබල වෙන්නෙ නෑ. දැන් ඔවුන් දේශපාලනයේ පරාජිත වෙලා ඉන්නේ. ඒවා ගැන එච්චර තැකීමක් කරන්නෙ නෑ.
අපි කලට වෙලාවට නිවැරදි පරීක්ෂණ අනුව ඒ දේවල්වලට අදාළව පියවර ගන්නවා. එක එක්කෙනාගෙ තියෙන පටු දේශපාලන වුවමනාවන් අනුව නෙවෙයි අපි ඒවා කරන්නෙ, වගකීම් සහගත ආණ්ඩුවක් විදියට. පරීක්ෂණ පවත්වලා පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනවා. ඒවා කෙටි කාලයක් තුළ අවසන් කරනවා.”