අලුත් මිනිස් අවයවයක් සොයාගෙන

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    නෙදර්ලන්ත පර්‌යේෂණ ආයතනයක විද්‍යාඥයන් පිරිසක් විසින් අලුත් මිනිස් අවයවයක් සොයාගනු ලැබ තිබෙනවා. එනම් උගුර ආශ්‍රිතව පිහිටා ඇති අලුත් ඛේට ග්‍රන්ථියක්.

    මෙතරම් කාලයකට පසු මේ ආකාරයෙන් අලුත් අවයවයක් සොයා ගැනීම බොහෝ දෙනෙකු තුළ විමතියක් ඇති කර තිබෙන ආකාරයක්ද දැකිය හැකි වනවා.

    නෙදර්ලන්තයේ පිළිකා සම්බන්ධ ආයතනයක විද්‍යාඥයන් පිරිසක් තමුන්ගේ මෙම සොයා ගැනීම සම්බන්ධ විස්තර පසුගිය දා Radiotherapy and Oncology නමැති විද්‍යා සඟරාවක පළ කර තිබෙනවා.

    ඔවුන් මෙම අලුත් ග්‍රන්ථිය සොයාගෙන ඇත්තේ අහම්බෙන් බවද එහි සඳහන් අතර මෙම අලුත් ග්‍රන්ථිය නම් කර ඇත්තේ ටියුබරියල් ඛේට ග්‍රන්ථිය නමින්.

    මෙය සාමාන්‍ය ස්කෑන් යන්ත්‍රවලට ද හසු නොවූ අවයවයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    කෙසේ නමුත් එය නිරීක්‍ෂණය කිරීමට හැකි වී ඇත්තේ PSMA PET (Prostate-Specific Membrane Antigen -Positron Emission Tomography) නමින් හැඳින්වෙන නව ස්කෑන් තාක්‍ෂණයක් හරහායි.


     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔන්න ලංකාවේ කවුරුහරි කිව්වනන් සුරංගනා කතා නෙවෙයි කියලා පිලිගන්න තිබුනා. ඩොඩෝ පක්ෂියා සංරක්ෂණය කරගන්න බැරි උන ලන්දේසි කාරයො කියන දේ පිලිගන්න තරං මෝඩවෙන්න හොඳ නෑ
     
    • Haha
    • Like
    Reactions: dagayaa and Erzo

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මෙය සාමාන්‍ය ස්කෑන් යන්ත්‍රවලට ද හසු නොවූ අවයවයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    ඕක ඇතුලේ දාලා කුඩු ගෙන්න පුලුවන්නම් අපේ උන්දැල ඒකත් කරලා :lol: :rofl:
     
    Last edited:
    • Haha
    Reactions: Erzo