අලුත් වාහන පරණ ඇදුම්
රෙදිපිලි සම්බන්ධයෙන් පසුගිය අලුත් අවුරුදු සමයේ නිරීක්ෂණය කරන්නට ලැබුණු කරුණක් වූයේ මේ වන විට ලංකාව නැවතත් විශාල වශයෙන් පිටරටවලින් පරණ ඇඳුම් ආනයනය කරන බවයි. බරට පමණක් බදු ගෙවා ආනයනය කරනු ලබන මේ රෙදි අද වන විට මග දෙපස, පදික වේදිකාවල, කඩවල හා සාප්පුවල ද විශාල වශයෙන් විකිණේ.
ලංකාව දරිද්‍රතාවේ කිමිදුණු 1970 දශකයේදී ද මෙම සංසිද්ධිය දකින්නට ලැබිණි. එම කාලයේදී ඒවාට කීවේ බේල් කියා ය. ඇත්ත වශයෙන්ම බේල් (bale) කියන්නේ සම්පීඩනය කර තදින් බඳිනු ලබන මිටිවලට ය. මේ රෙදි නැව් මගින් ලංකාවට ගෙන එන්නේ ඒ අන්දමින් මිටි බැඳලා ය.
මේ වනාහි දියුණු රටවල කසල ය. පසුගිය අවුරුදු සමයේ ලංකාවේ මධ්‍යම පංතිකයෝ පවා පොදි කමින් ඒවා අඩු මිළට ගත් හ.
මෙම බේල් ඇඳුම් අතරින් හොඳ ඒවා ප්‍රසිද්ධ ඇඳුම් සාප්පුවල ඉහළ මිළට විකුණන බව ද දැන ගන්නට ඇත.
බොහෝ විට, මෙම ඇඳුම් විකුණනු ලබන්නේ ඒවා පිටරටවලින් ආනයනය කරනු ලබන පරණ රෙදි බව නො කියා ය. එසේම, ඒවා විශ්වාසනීය පිරිසිදු කිරීමකට ලක් කර නැති බව ද පැහැදිලි ය.
දුප්පත් මිනිස්සු ද විලි වසා ගන්නට පමණක් නො ව, විලාසිතාවලට ද කැමති ය.
මේ ෆ්‍රෙඩී සිල්වා ගැයූ අපූරු පැරණි ගීතයකි. චිත්‍රපටය ලොකුම හිනාව බව කතන්දර කියයි.
එංගලාන්තෙ පරණ පැෂන් - කොළොම්පුරේ අලුත් පැෂන්
කොළොම්පුරේ අලුත් පැෂන් - මේ පැත්තේ අලුත් පැෂන්
පරණ කෝට් ගීය බලන්න
http://www.youtube.com/watch?v=i_rm4viQulI