අලුත් වාහන පරණ ඇදුම්

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
අලුත් වාහන පරණ ඇදුම්

රෙදිපිලි සම්බන්ධයෙන් පසුගිය අලුත් අවුරුදු සමයේ නිරීක්ෂණය කරන්නට ලැබුණු කරුණක් වූයේ මේ වන විට ලංකාව නැවතත් විශාල වශයෙන් පිටරටවලින් පරණ ඇඳුම් ආනයනය කරන බවයි. බරට පමණක් බදු ගෙවා ආනයනය කරනු ලබන මේ රෙදි අද වන විට මග දෙපස, පදික වේදිකාවල, කඩවල හා සාප්පුවල ද විශාල වශයෙන් විකිණේ.


ලංකාව දරිද්‍රතාවේ කිමිදුණු 1970 දශකයේදී ද මෙම සංසිද්ධිය දකින්නට ලැබිණි. එම කාලයේදී ඒවාට කීවේ බේල් කියා ය. ඇත්ත වශයෙන්ම බේල් (bale) කියන්නේ සම්පීඩනය කර තදින් බඳිනු ලබන මිටිවලට ය. මේ රෙදි නැව් මගින් ලංකාවට ගෙන එන්නේ ඒ අන්දමින් මිටි බැඳලා ය.


මේ වනාහි දියුණු රටවල කසල ය. පසුගිය අවුරුදු සමයේ ලංකාවේ මධ්‍යම පංතිකයෝ පවා පොදි කමින් ඒවා අඩු මිළට ගත් හ.


මෙම බේල් ඇඳුම් අතරින් හොඳ ඒවා ප්‍රසිද්ධ ඇඳුම් සාප්පුවල ඉහළ මිළට විකුණන බව ද දැන ගන්නට ඇත.


බොහෝ විට, මෙම ඇඳුම් විකුණනු ලබන්නේ ඒවා පිටරටවලින් ආනයනය කරනු ලබන පරණ රෙදි බව නො කියා ය. එසේම, ඒවා විශ්වාසනීය පිරිසිදු කිරීමකට ලක් කර නැති බව ද පැහැදිලි ය.


දුප්පත් මිනිස්සු ද විලි වසා ගන්නට පමණක් නො ව, විලාසිතාවලට ද කැමති ය.


මේ ෆ්‍රෙඩී සිල්වා ගැයූ අපූරු පැරණි ගීතයකි. චිත්‍රපටය ලොකුම හිනාව බව කතන්දර කියයි.


එංගලාන්තෙ පරණ පැෂන් - කොළොම්පුරේ අලුත් පැෂන්
කොළොම්පුරේ අලුත් පැෂන් - මේ පැත්තේ අලුත් පැෂන්


පරණ කෝට් ගීය බලන්න
http://www.youtube.com/watch?v=i_rm4viQulI
 

LEXMA

Banned
Apr 20, 2012
182
17
0
aththa kathawa lankawe moda jahamanaya owaa dan na samaharunta wedakuth na :baffled:

Odel eke karannema oya ahaka dana kunu adum wedi ganan walata wikunana eka :oo:
 

LunaticThuma

Member
Apr 6, 2012
525
31
0
INTER-GALACTIC
ඊය බන් මේ වගේ කාලකන්නි රටක් හරියට ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් වත් නෑ ගන්න ඇදුමක්වත් නෑ.වාහන කියල ගන්න වෙන්නෙත් කව්රුහරි පට්ට ගහපු කසිකබලක්.:baffled:
 

AbaranAtha

Member
Apr 13, 2012
300
21
0
madamulana
ලංකාවේ එවුන්ට විලිලජ්ජාව කියල එකක් නැහැ
මහා ලොකුවට සුද්දට රෙද්ද උස්සගෙන කගහුවට
උස්සන රෙද්දත් සුද්ද හම්පඩ ගහපු රෙදි
 

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
HIGH_QUALITY_USED_CLOTHES_FROM_UNITED_STATES.jpg
Big_Bales_Used_Clothing.jpg

s_b2c630c95554cf1267300156c9015b29.jpg
s_2f845f5b6f25baa0deff4a8750627d6f.jpg
s_6385eb2617a30c2d93484b7b3eeb3b1b.jpg
s_c5e105663aeb60dad468da5b4e4113af.jpg
 

Similar threads