එහම ස්ටෙප් බයි ස්ටෙප් යන්න එපා බන්...
එක සැරේ හරියට හදල එලියට දාපන්...

ප්‍රඩක්ට් එකක් කියන්නේ එකටයි...ඕකෙන් උඹ බලාපොරොත්තු වෙන දේ කරන්න පුළුවන් එතකොටයි...
අපේ ගොඩක් උන්ට තියෙන්නේ හදිස්සිය..

බාගෙට හදල දානවා..අන්තිමේ ටික දවසකින් වැඩේ ඇත ඇරලා දානවා මොකෙක්වත් ගන්නේ නැහැ කියල..

ගනීද ඉතින් බාගෙට හදපු එකක්?

කවුරුත් ගන්නේ නැති නිසා තව හදන්නෙත් නැහැ...වැඩේ එතනින් චක බ්ලාස්ට්..

එත් හරියට හදල ප්‍රොෆෙෂනල් විදිහට දැම්මනම් වැඩේ ඔහොම වෙන්නේ නැහැ...
උදාහරනෙකට මෙහෙම හිතපන්...දැන් උඹේ සයිට් එක ආරංචි වෙලා ඔන්න එනවා ටියුෂන් කාරයෙක් ඕකට...

ඇවිත් දකිනවා සයිට් එක..දැක්ක ගමන් ඒ තරම් හොඳ ෆීලින් එකක් එන්නේ නැහැ..

චා වගේ කියල හිතෙනවා...

පාවිච්චි කරද්දීත් අමාරුයි, අවුල් වගේ කියල හිතෙනවා...

"අනේ මූ ටික ටික improve කරනවා ඇති" කියල ඌ හිතන්න යන්නේ නැහැ..

ඌට එක වැඩක් නැහැ..

ඌට ඕනේ උගේ වැඩේ කරගන්න...ඌ යන්න යනවා...
උඹ තව මාස 6කින් දැන් ඔන්න සයිට් එක හොදටම හදල, අරූගේ යාලුවෙක් ඔන්න සයිට් එක පාවිච්චි කරලා බලල ඔන්න අරූටත් කියනවා මචන් මෙහෙම සයිට් එකක් හම්බුනානේ කියල...

එතකොට අරූ කියන්නේ? අපෝ ඕකට මම මේ ලගදි ගියා බන්..මට නම් හරිගියේ නැහැ..හෙන අවුල්...

ඒ වගේ කීදෙනෙක් ට වෙයිද උඹ බාගෙට හදල තිබ්බොත්?
ඒ නිසා හදිස්සි නොවී ලස්සනට හදල ඉදපන්...ගුඩ් ලක්