අලුත් විදිහේ සෞඛ්‍යසම්පන්න බතක්

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Is_Rice_Fattening_or_Weight_Loss_Friendly-732x549-thumbnail.jpg

    මුලින්ම කියන්න උවමණායි මේ කියන්නනේ ෆ්‍රයිඩ් රයිස් වර්ගයක් ගැන නං නෙවේ. ඒ වගේම කියන්න ඕන මේ බත හැදෙන්නේ සහල් වලිනුත් නෙවේ.

    ඒත් ඇයි මම මේක එලකිරියේ පල කරන්නේ. කා වෙනුවෙන්ද? මොනවද මට මේකෙන් ලැබෙන්නේ?.

    ඇත්තටම මම මේක පල කරන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ගැන මම හොයාගත්තත දෙයක් එළකිරි සහෝල ටික එක්ක බෙදාගන්න. නමුත් මේ දේ ගැන බොහෝ අය දන්නව⁣ වෙන්නත් පුළුවන්. නමුත් මම මේක කරන්නේ දන්න නොදන්න ඕන කෙනෙක්ට මම දන්න පුංචි හරි දැනුමක් දීල මම ලබා ගන්න සතුට නිසා.

    මේ බත හැදෙන්නනෙ සහල් වලින් නෙවේ නම්, වෙන මොනාගෙන්ද?

    ඇත්තම කිව්වොත් මේ බත හැදෙන්නේ මල්ගෝවා (cauliflower) වලින්.

    How-To-Cut-A-Head-Of-Cauliflower-1.jpg

    මේ බත් එක ඕන කෙනෙක්ට හොඳයිද?

    ඔව්. විශේෂයෙන්ම බර අඩු කරගන්න උත්සහ කරන අයට හොඳ විකල්ප බතක්.

    සහල් බතයි අපේ බරයි අතර සම්බන්ධෙ මොකද්ද?

    සහල් කියන්නේ කාබ්ස්(කාබෝහයිඩ්‍රේට්). තව පිටි කෑම කියලත් කියනවා.

    ඒ කියන්නෙ හාල් බත් හොඳ නැද්ද?

    අපෝ එහෙම දෙයක් නෑ. හැබැයි තුන් වේලම හාල් බත් කද්දි බත් ප්‍රමාණය අඩුවෙනුයි කන්න ඕන.

    IMG_20200719_001131.jpg

    ඒ මොකද? ඒ කියන්නෙ බත් කන්න එපාද?

    අපි තෙල් ව්‍යංජන එක්ක ⁣උණත්, කිරි ව්‍යංජන එක්ක උණත් බත් කද්දි ඇගට මේද සහ කාබ්ස් දෙකම එකතු වෙනවා. ගොඩක් අය දන්නවා කොයිම වෙලාවෙවත් තෙලුයි පිටියි එකට කන්න හොඳ නැහැ කියලා. පිටි කියන්නේ කාබ්ස් කිව්වනෙ. බත් වලත් ගොඩක් කාබ්ස් තියෙනවා නේ. අපි නොදැනුවත්වම බත් ⁣ගොඩක් කන්න පුරුදු වෙලා තියෙනවා ව්‍යංජන එක්ක.
    ඒ නිසා තෙලුයි පිටියි එක සැරේම ඇගට යනවා. ඒකෙන් ඇගේ මේද තට්ටුව වැඩිවෙනවා. බත් කන්න එපා කියල නෙවේ මේ කියන්නේ. කද්දි කට සංවර කරගන්න.

    බත් වල තියෙන්නේ කාබ්ස් නං, ඇගේ මේදය වැඩි වෙන්නෙ කොහොමද?

    පිටි කන්න කන්න ශරීරයේ උරා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා. ඒ උරාගැනීම වැඩි අවස්තාවේ තෙලුත් ගියොත් තෙල් සේරම ඇගට උරනවා. ඇගේ මේදය වැඩි වෙනවා.

    ඒක නරකද?

    ඔව්. ඇගේ මේදය හුගක් තැන්පත් වෙන්න හොඳ නැහැ.

    ඒකට මොනවද කරන්න පුළුවන්‍

    හරි සරල දේවල් කිහිපයක් කරන්න තියෙන්නේ.
    1. කෑමට විනාඩි 10කට පෙර වතුර වීදුරුවක් පානය කිරීම. කන අතරතුරේදී උනුසුම් ජලය මද වශයෙන් පානය කිරීම සහ කෑමෙන් පසු වතුර උගුරකින් සෑහීමට පත්වීම
    2. තෙල්/කිරි අඩුවෙන් යෙදූ එළවළු වැඩි කර කන බත් ප්‍රමාණය අඩු කරන්න.
    3. තෙල් සහ පිටි ජාති වලින් සැකසු කෑම වලින් වැලකීම (රෝල්ස් වැනි)
    4. බත් වෙනුවට විකල්පයන් භාවිතා කිරීම

    බත් වෙනුවට විකල්ප බතක්ද මල්ගගෝව බත් කියන්නේ?

    ඔව්. ඒවගේම ඒක හරි රසයි. පෝෂණීයයි. කාබ්ස් ප්‍රමාණය ඉතාම අඩුයි.

    Cauliflower-Rice-Fifteen-Spatulas-9-640x427.jpg

    මල්ගෝව එළවළුවක් නේද? ඒකෙ කොහින්ද කාබ්ස්?

    ඇත්තටම එලවළුවලත් ඉතා පොඩි ප්‍රමාණයක් කාබ්ස් තියෙනවා. එක සහල් එක්ක බලද්දි මෙහෙමයි.
    පිසූ සහල් 100g ක කාබ්ස් 28g
    මල්ගෝවා 100g ක කාබ්ස් 5g

    හරි, දැන් එතකොට ඔය බත හදන්න ඕන මොනවද?

    මල්ගෝවා
    සන්ෆ්ලවර් ඔයිල් වලින් හදන බටර් එකක්.
    කරපිංචා ඉත්තක්
    කුරුදු පොතු කෑල්ලක්

    හදන්නේ කොහොමද?

    මුලින්ම මල්ගෝවා එක හොඳට කුඩා කැබලි වලට කපලා නැටි කොටස් ඉවත් කරන්න ඕන. මොකද ඒවා නිසා බතේ රසය වෙනස් වෙන නිසා. ඉන්පස්සේ ලුණු මිශ්‍ර වතුරේ පැය භාගයක් පෙගෙන්න තියන්න ඕන. එහෙම කරන්නේ මේ මල් ඇතුලෙ ඉන්න කෘමින් සහ කෘමිනාශක වගේ දේවල් තියේ නම් ඒවා විනාශ කරන්න. මෙහෙම පෙගෙන්න දාලා අපි ග්‍රයින්ඩරේ ලෑස්ති කරගන්න ඕන. පැය බාගෙන් පස්සේ මල්වල වතුර මිරිකලා මල් කැබලි මද පවනේ විනාඩි 10ක් වෙලගෙන ග්‍රයින්ඩ් කරගන්නවා. දැන් ඔන් තාච්චිය රත් කරගෙන සන්ෆ්ලවර් බටර් තේ හැඳි දෙකක් විතර දාල ඒක රත් උණාම කරපිංචා ඉත්ත දාල තවත් ටිකකින් මල්ගෝව ටික දාල කලවම් කරනවා. ඉන පස්සේ ඒකට කුරුඳු පොත්ත දාලා ලුණු ටිකක් දාල කලවම් කරලා අඩු ගින්දරේ ඉදෙන්න දෙනවා. කොයිම වෙලාවේ වත් වතුර දාන්න එපා. මල්ගෝව වල වතුර තියෙනවා. මල්ගෝව ටි⁣ක වියලි වෙනකම්ම ලිපේ තියල බලා ගන්න. ඉන් පස්සේ ඕනම කරි එකක් එක්ක රස බලන්න පුළුවන්.

    ඒත් මොකටද බත් තියෙද්දි මේක කන්නේ?

    බත් ගොඩක් කන කෙනෙක්ට මේ බත හිතයි බඩයි දෙකම පිරෙන්න කෑව හැකි.

    ඇත්තටම මේක හදල කාපු දෙයක්ද?

    ඔව්. සති දෙකක් එක දිගට කාලත් නවත්තගන්නන බැරි පෙරේතකමක් ආවා. මල්ගෝව අඩු නිසා හදාගන්න විදිහක් නෑ. ඇත්තටම රස කෑමක්.

    ⁣බෙදාගන්න ලැබීම සතුටක්
    ජය!
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    මරු බන් මාත් කාල තියෙනවා. මේ ළඟදි අපේ තාත්තා නෙළුම් ඇට හාල් ගෙනල්ලා තිබ්බා. හීනැටි හාලෙ බත්, සිංහල බෙහෙත් කඩේකින්. මේවා කන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.
     
    • Haha
    Reactions: EkLadka

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මරු බන් මාත් කාල තියෙනවා. මේ ළඟදි අපේ තාත්තා නෙළුම් ඇට හාල් ගෙනල්ලා තිබ්බා. හීනැටි හාලෙ බත්, සිංහල බෙහෙත් කඩේකින්. මේවා කන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.

    මාත් අහල තියෙනවා නෙළුම් ඇට බත් රසයි කියලා. කන්න අවස්ථාවක් නම තාම ලැබිල නැහැ. කන්න ආසයි. 🙂

    Good post

    🙂

    ela mch.
    ara Sunflower Butter lankawe thiyeda?

    Sunflower butter නම් නැහැ වගේ. ඒත් මේද අඩු බටර් එකක් මේකට රීප්ලේස් කරගන්න පුළුවන්. මොකද අපි බටර් දාන්නෙ ඉතාම අඩුවෙන් නිසා🙂

    🙂

    🙂
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබ ගේ වැඩේ නන් මරු.හැබැයි පොඩි නිවැරදි කිරීමක් කරන්නම්.
    කිරි තෙල් වගේ දේවල් වලින් ඇගේ බර වැඩි වෙන්නේ නෑ.විශේෂයෙන්ම පොල් කිරි වලින්. පිෂ්ටය සහිත ආහාර වලින් පමණයි ඇගේ බර වැඩි වෙන්නේ.මොක මේදය ඇගේ තැම්පත් වෙන්නේ මේදය විදිහට. හැබැයි පිෂ්ටය මේදය වෙන්න ජල අණුවක් එකතු වෙන්න ඕනේ.ඊට පස්සේ තමා මේදය වෙන්නේ. අන්න ඒ සීන් එක නිසයි පිටි කපුවම ඇගේ බර වැඩි වෙන්නේ.
    මං දැන් ඩයට් එකක් කරනවා.බර 11kg අඩු කරන් ඉන්නේ.මට මස 2 ක් වගේ ගියේ.
    බර අඩු කරගන්න හිතන් ඉන්න උන්.ඔයාලගේ කෑම කාන දේවල් වෙනස් කරන්න දෙයක් නෑ.කරන්න තියන්නේ ප්‍රමාණය අඩු කිරීම පමණයි. අනික විශේෂම දේ.අනිවරයේම කරන්න.හවස 6.7 වෙද්දී කන්න. කාල අනිවා රෑ 10 වෙද්දී වත් නිදා ගන්න.නින්දේ දී කැලරි 800ක් වගේ පිච්චෙනවා.හැමටම ජය
     
    අදහසට ස්තූතියි සහෝ
     
    • Like
    Reactions: animation

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දවසට එක පාරක් බත් හරි පිටි ජාති කාපං. උදේට තම්බපු බිත්තරයක් කෑවම ඇති. දවල්ට මුකුත් ඕනි නෑ, අමාරුම නම් යෝගට් එකක්, කෙසෙල් ගෙඩියට්, නැත්තම් බ්‍රෑන් ක්‍රැකර් දෙකක් කන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    බෙදාගත්තට ස්තූතියි. කන්න ආසයි බන් ඒත් ඕවා කන්න සල්ලි කොහෙන්ද. ග්‍රෑම් 250ක් රුපියල් 150කට කිට්ටුයි. දඬු කෑලි ටික අයින් කරලා ගත්තම ගෑම් 100ක් වත් නෑ. එක්කෙනෙක්ට කන්න ගෑම් 200ක් හදාගන්න කඩෙන් ග්‍රෑම් 500ක් වත් ගන්න වෙනවා ඒකට රුපියල් 300ක් විතර යාවි. දුප්පත් අපිට මොන සෞඛ්‍යසම්පන්න දේවල්ද බන්.
     
    • Haha
    Reactions: MihiCherub

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    pattane broooooooo TFS
    🙂
    oya health foods me lankawata set na. elawalu wala ehema patta wisak thiyenne. gowa ehema kannama epa.
    ඔව්. අද කාලේ වස විස නැති එළවළු හොයාගන්න අමාරුයි. ඒකයි උයනකොට හොඳට වෙලා අරං උයන්න කියන්නේ.
    දවසට එක පාරක් බත් හරි පිටි ජාති කාපං. උදේට තම්බපු බිත්තරයක් කෑවම ඇති. දවල්ට මුකුත් ඕනි නෑ, අමාරුම නම් යෝගට් එකක්, කෙසෙල් ගෙඩියට්, නැත්තම් බ්‍රෑන් ක්‍රැකර් දෙකක් කන්න.
    ඔව් පිටි කෑම අඩු වෙන තරමට ඇගට හොඳයි.
    බෙදාගත්තට ස්තූතියි. කන්න ආසයි බන් ඒත් ඕවා කන්න සල්ලි කොහෙන්ද. ග්‍රෑම් 250ක් රුපියල් 150කට කිට්ටුයි. දඬු කෑලි ටික අයින් කරලා ගත්තම ගෑම් 100ක් වත් නෑ. එක්කෙනෙක්ට කන්න ගෑම් 200ක් හදාගන්න කඩෙන් ග්‍රෑම් 500ක් වත් ගන්න වෙනවා ඒකට රුපියල් 300ක් විතර යාවි. දුප්පත් අපිට මොන සෞඛ්‍යසම්පන්න දේවල්ද බන්.
    ඒක නං ඇත්ත. ෆුඩ්සිටියේ හුගක් ගණං. පොලට එනව අඩුවට. ඊළඟ වතාවේ දාන්නං ගණං අඩුවෙන් කන්න පුළුවන් මේවගේම කෑමක්.
    👍
    🙂
     
    • Like
    Reactions: animation