අලුතින් දාමුද? හදල දාමුද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේක මම දන්න කෙනෙකුගෙ වෑන් එකකට වුන සිද්දියක්. හැබැයි මේ කතාව වාහන ගැන උනන්දුවක් දක්වන අයට වැදගත් වෙයි කියල හිතුන නිසා මෙතන දානවා.
    වාහනේ lower control arm එකේ රෝදෙ පැත්තට එන ball joint එකක් ගෙවිල තිබුණා.
    මේකට ප්‍රතිකර්මෙ ball joint අලුතින් දාන එක උනත්, පරණ ball joint එකම ලේත් වැඩපලක් මාර්ගයෙන් ගලවල රෙපෙයාර් කරල හයි කලා. ටික දවසක් වාහනේ දුවන කොට, යට පැත්තෙන් කෙටෙන සද්දයක් එන්න ගත්ත. ලෙඩේ හොයාගන්නත් ටික දවසක් ගියා.
    Lower control arm එකේ bush ගිහින් තමයි සද්දෙ ඇවිත් තිබ්ණේ. Bush එක යන්න හේතුව උනේ,
    කලින් හදල දාපු ball joint එකේ තිබණ හිර ගතියක් නිසා ball joint එකෙන් කෙරෙන්න ඕන movement සේරම bush එකෙන් කරන්න ට්‍රයි කරපු එක.
    වාහනේක හැම කොටසකටම දරන්න පුලුවන් ආතති, තෙරපුම් බල තියෙනව. ඇණයක් තද කරත් යොදන්න ඕන torque එකක් තියෙනව. සමහර අවස්ථා වල parts repair කරල දාන එක සාර්ථක උනත් හැම තැනටම ඒක හරියන්නෙ නෑ.
    උදාහරන විදිහට බාස්ල කරන, thermostat valve අයින් කිරීම / egr valve block කිරීම/brake linner ගැසීම/ shock absorber, cv joint, ball joint, water pump, hybrid battery, රෙපෙයාර් කර දැමීම/ spark plug වලට adapter ගැසීම වගේ වැඩ වලින් එන ලෙඩ හොයාගන්න බැරි වෙනව වගේම. වාහනේට වක්‍රව වෙන හානියත් බරපතල් වෙන්න පුලුවන්.
    IMG_20200720_211131.JPG
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    645
    1,061
    93
    ඇත්ත කතාව. ඔය ball-joint එක සාමාන්‍ය වේගයකින් යනකොට කඩල ගියොත් අබ සරණයි. suspension components විශේෂයෙන්, අටවල දාන එක රිස්කි වැඩක්.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනිවා මචං. අපෙත් 1998 විතර අලුතින්ම ගත්ත ටොයෝට ලයිට්ඒස් එකේ තර්මෝස් එක ගැලෙව්වා මකබාසෙක්. ඌ කිව්යෙ ජපානෙට හරිගියාට ලංකාවට හරියන්නෙ නෑ කියලා. හැබැයි ඒකෙන් පස්සෙ වාහනේ ප්‍රෙෆෝමන්ස් බැස්ස අම්බානකට. ඒ දවස්වල අපි ඔය ලබ්බවල් දන්නෑනේ. දැං වගේ කීවොත් නං කණට දෙකක් දීල එන්නෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඇත්ත කතාව. ඔය ball-joint එක සාමාන්‍ය වේගයකින් යනකොට කඩල ගියොත් අබ සරණයි. suspension components විශේෂයෙන්, අටවල දාන එක රිස්කි වැඩක්.
    කොහොමද highway වගේ යනකොට balljoint ගියොත්,
    අනික ලේත් වල ඕව හදනකොට දාන්නෙ නයිලෝන් මිශ්‍ර ප්ලාස්ටික් වර්ගයක්. නිෂ්පාදකයා දානවට වඩා වෙනස්ම මැටීරියල්. හාඩ්නස් එක තිබුන උනත් ඔර්ජිනල් ස්මූත් ගතිය කොහොමත් එන්නෙ නෑ.
    හොදම වැඩේ සල්ලි වැඩිපුර ගියත් අලුතෙන් දාන එක. ජිවිතේ වටින නිසා
    ඇත්ත, අනික පස්සට එන ලෙඩ හදන්න යන මුදල, කාලය එක්ක බැලුවම කොහොමත් ලාබයි.
    අනිවා මචං. අපෙත් 1998 විතර අලුතින්ම ගත්ත ටොයෝට ලයිට්ඒස් එකේ තර්මෝස් එක ගැලෙව්වා මකබාසෙක්. ඌ කිව්යෙ ජපානෙට හරිගියාට ලංකාවට හරියන්නෙ නෑ කියලා. හැබැයි ඒකෙන් පස්සෙ වාහනේ ප්‍රෙෆෝමන්ස් බැස්ස අම්බානකට. ඒ දවස්වල අපි ඔය ලබ්බවල් දන්නෑනේ. දැං වගේ කීවොත් නං කණට දෙකක් දීල එන්නෙ.
    ඔය වැඩේ හෙනට කරනව. Mr.Tom මේ ගැන ත්‍රෙඩ් එකක් දාලත් තිබුණ.
    https://elakiri.com/threads/එන්ජිම-රත්වෙනවද-එහෙනම්-මේ-කෑල්ල-ගලවමුද.1672320/
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,551
    113
    Colombo
    මම නම් වාහනේක(බයික් එකකවත්) මිකැනකිල් පාට්ස්, ඉලෙක්ට්‍රොනික් පාට්ස් එහෙම රෙපෙයාර් කරලා දාන්න නම් යන්නෙ නෑ. ඔය උඩින් කියලා තියනවා වගේම අපිට කිසිම වෙලාවක ෆැක්ටරි මේඩ් පාට් එකක් pricision එක ගන්න බැහැ, ඒ මැටීරියල් අපේ ලඟ නැහැ, සමහර වෙලාවට අපි පාට් එක රීප්ලේස් කරනවා නං රෙපෙයාර් කිට් එකක් දාන්නෙ එතකොට ඒ පාට් එකට අමතරව රීප්ලේස් වෙන්න ඕන සේරම කොටස් ටික හරියට රීප්ලේස් වෙනවා, කෑලි හදලා දැම්මට කවදාවත් ඒක කෙරෙන්නෙ නැහැනේ
    කීය උනත් ඔරිජිනල් පාට්ස්ම දානව හැම එකටම
    අඩුම තරමෙ වයර් කෑල්ලක් වෙනස් කරත් කරන්නෙ මොකද්ද කියලා හරියට දන්නෙ නැත්නං දන්නෙ කෙනෙක්ට කියලා කරගන්න එක තමයි හොඳ, එහෙම නැත්තං රුපියල් දාහක් දෙදාහක ලාබයක් බලං කරපු වැඩේකින් ලක්ශ ගානක් පාඩු වෙන්න පුලුවන්.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම ඔය වාහන සීන් ලොකුවට ඩන්නෙ නැ.
    බයික් එක ගත්ත දවස් වල මම ටයර් කඩෙකින් අහගෙන හුලන් ගැහුවෙ. (30-35)
    අව්ලක් නැ. බයික් එකත් හොන්දට යනව. ගැස්සෙනවත් අඩුයි.
    හැබැයි මලාට හදිස්සියට බ්‍රෙක් පාරක් ගහන්න බැ ලිස්සනව.
    අන්තිමට මටම එපා උන. ඩවසක් නවත්තන් ඉද්දි බයික් එකෙ ටන්කිය උඩ මොනවඩ ලියල තියෙනව දැකල කියෙව්ව.
    මෙකෙ තිබ්බ විඩියට රෙකමන්ඩ් කරන්නෙ 28-32 එකත් ඩබල්. සින්ගල් තව අඩුයි.
    දැන් එක කියල ගස්සනව. ටිකක් පද්දිද්දි මටම තෙරෙනව වෙනස.
    ඉස්සන කෙස් දැන් ඇත්තෙම නැ.