මුලින් ආකියෙක් අල්ලගෙන කරන්න ඕන වෙනසට ප්ලෑන් එකක් හදා ගන්න
කන්ට්රැක් කරනවා නම් වැඩේ ඉක්මනට වෙනවා හැබැයි පාඩුයි. හැබැයි ස්ට්රක්චර් එක කන්ට්රැක් දෙන එක ලේසියි, ටයි බීම්, කොලම්, ස්ලැබ් එහෙම කන්ට්රැක් දීලා බිත්ති බැඳලා කපරාරු කරලා ෆිනිශ් කරන වැඩ දවස් කුලියට කරා නම් හරි. ස්ට්රක්චර් වැඩ දවස් කුලියට කරන්න ගියාම හරි අමාරුයි මොකද දෙතුන්දෙනෙක් වැඩ කරන්න ඕන එතකොට උන් දවසට වැඩ ටිකක් කරලා යනවා, හැබැයි කන්ට්රැක් දුන්නම පට ගාල වැඩේ වෙනවා එහෙම බලද්දි සල්ලි වලින් ගත්තම මහා ලොකු පාඩුවක් නැහැ ඒව කන්ට්රැක් කරා කියලා
පොටි වැඩ, ටයිල් වැඩත් අඩි ගානට තමයි දෙන්න වෙන්නෙ දවස් කුලියට කරාම අතගගා ඉන්නවා, එහෙම කරත් උන් කන්ට්රැක් දෙන ගානම ගන්න විදියට දවස් ගාන ඇදන් යනවා.
බිත්ති බැඳලා, කපරාරු කරලා, බිම කොන්ක්රීට් කරන වගේ වැඩ දවස් කුලියට කරන එක ලාබයි.
පොටි වැඩ එහෙම රේට් එක කියන්නෙ දෙපාරක් ඇදලා කපලා පිලර් ගාල දෙන්න, උඹට පිලර් ටික ගා ගන්න පුලුවන් නම් ඒක කතා කරලා රේට් එක තව පොඩ්ඩක් අඩු කරගන්න පුලුවන් පොටි ඇදලා කපලා දෙන්න උඹ පිලර් ගා ගන්නම් කියලා.