අලූත උපන් බිළිදෙකු
බිළිඳු මරහඬින් කිරි නොඑරුණු අම්මාවරු
ඝාතනය කර දමාගොස් සිටි අලූත උපන් බිළිදෙකුගේ මළ සිරුරක් කුරුණෑගල බස් නැවතුම්පොළේ කසල බඳුනක තිබී කුරුණෑගල මහනගර සභාවේ කම්කරු කාන්තාවන් දෙදෙනෙකුට ඊයේ හමුවී ඇත.
මෙම කම්කරු කාන්තාවන් විසින් කුරුණෑගල බස් නැවතුම්පොළේ නවතා තිබූ ජංගම කසල බඳුනක කුරුණෑගල කසල කළමනාකරණය කිරීමේ මධ්‍යස්ථානය වෙත ගෙනැවිත් එහි තිබූ කසළ ඉවත් කරමින් සිටියදී මෙම බිළිදු මළ සිරුර හමුවී ඇත.
පසුව ඔවුන් විසින් මේ පිළිබදව පොලිසියට කළ දැනුම්දීමකට අනුව එහි පැමිණි කුරුණෑගල පොලිස් නිලධාරීන් අලූත උපන් පිරිමි දරුවෙකුගේ මළ සිරුර සොයාගන්නා ලදී.
සතියක් පමණ වියසැති බිළිෙ`දකුගේ බවට අනුමාන කෙරෙයි. කුරුණෑගල නගරය අවට පිහිටි වෙනත් ස්ථානයකදී මෙම බිළි`දා ප‍්‍රසූත කර, ඝාතනය කිරීමෙන් අනතුරුව ඊයේ රාත‍්‍රියේදී කුරුණෑගල බස් නැවතුම්පොළේ කසල බඳුනට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය විසින් සැකකරයි.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය ස`දහා කුරුණෑගල ප‍්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත යවනු ලැබූ අතර කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Source : Rivira
මට මේ නිව්ස් එක කියවලා ෆොටො එක දැක්කාම මගේ ඇස් දෙකට කදුලු ආවා. අපේ රටේ මිනිස්සු ඇයි මේ තරම් තිරිසන් වෙලා තියෙන්නේ? ඇයි තමන්ගේම ලෙයින් උපන් මේ ලොකෙවත් හරියට නොදැකපු කිරි සප්පයොන්ව මේ විදියට මරලා දාන්නෙ? මේ රටේ කොයි තරම් මිනිස්සු ඉන්නවාද දරුවෙක් නැතිව. ඒ වගේ පවුලකට එහෙම නැත්නම් ලමා නිවාසයකට හරි මෙ දරුවා දුන්නා නම් මුන්ට හෙන ගහනවද? මචන්ලා මොහොතක ආතල් එකක් නිසා මේ නැති කරලා තියෙන්නෙ අපේම අනාගතේ එක පුරුකක් නේද?