අවංක ආදරයක මහත

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අවංක ආදරයක මහත

    එක්‌ සත්‍ය කතාවක්‌
    අවංක ආදරයක මහත

    "සුනෙත් ... මට යම් දවසක ඔයා අහිමි වුණොත්... මම එදාට මේ මුහුදට පැනලා මැරෙනවා" මුහුදු වෙරළේ කොට්‌ටම්බා ගස්‌ සෙවනේ කොන්ක්‍රීට්‌ බංකුව මත වාඩිවී තම පෙම්වතාට තුරුලු වී පෙම්බස්‌ දොඩමින් සිටි ක්‍රිෂාන්ති එහෙම කිව්වා.

    "ඒක එහෙම වෙන්න කවදාවත්ම ඉඩ තියන්නෙ නෑ මම" සුනෙත් තිර අදිටනින් යුතුවයි එහෙම කිව්වේ.

    "මාව ඔයාගෙන් වෙන් කරන්න පුළුවන් මාරයාට විතරමයි. අපේ අම්මයි, තාත්තයි අපේ සම්බන්ධය දැනගෙන විරුද්ධ වුණොත් මාව වෙන කාටහරි බන්දල දෙන්න උත්සාහ කළොත් මම එදාට මැරෙනවා. මැරෙනවාමයි" ක්‍රිෂාන්ති තම පෙම්වතාගෙ හිසේ දෑත තියලා දිවුරලා කිව්වා.

    "ඔයාගෙයි මගෙයි අවාසනාවට පෙර ආත්මයකදි කරපු පවක්‌ පල දීලා හරි එහෙම දෙයක්‌ සිද්ධ වුණොත්a මගේ ආයුෂත් එදාට ඉවර වෙයි. මාත් එනවා ඔයත් එක්‌ක ඒ ගමන යන්න" සුනෙතුත් තම ආදරණීය පෙම්වතියගේ දෑත තරයේම අල්ලාගෙන ශපථ කළා.

    සුනෙත් රත්නපුර පැත්තෙ තරණයෙක්‌. එයා ඉගෙන ගන්න එච්චර දක්‌ෂ නෑ. පාසල් අධ්‍යාපනය හමාර කරලා එයා අකුරැස්‌ස පළාතේ තේ කම්හලක සේවයට බැඳුණා. ඒ පුහුණු වෙන තේ කම්හල් නිලධාරියෙක්‌ හැටියට.

    පොතේ පතේ ඉගෙනුම කොහොම වෙතත් තේ කර්මාන්තය මේ සුනෙත්ගෙ හිතට ඇල්ලුවා. එයා බොහොම කෙටි කාලයක්‌ ඇතුළත මුළු ශාස්‌ත්‍රයම හොඳට ඉගෙන ගත්තා. එයාගෙ පැවැත්මත් ඉතාමත්ම යහපත්. ඔන්න ඔය කරුණු කාරණා නිසාම කම්හල අයිතිකරුගේත් සමස්‌ත කාර්ය මණ්‌ඩලයේත් හිත් දිනා ගන්න සුනෙත් සමත් වුණා.

    ක්‍රිෂාන්තිගෙ තාත්තා වැඩ කළෙත් ඒ තේ කම්හලේමයි. ඒ ලිපිකරුවෙක්‌ හැටියට. ක්‍රිෂාන්තිගෙ අම්මා ගුරුවරියක්‌. ක්‍රිෂාන්තිට නංගි කෙනෙකුත් හිsටියා. ඒ දෙන්නම පාසල් වයසෙ.

    "මිස්‌ට පියතිලක... අපේ මේ සුනෙත් මහත්තයට පොඩි ගැටලුවක්‌ තියෙනවා විසඳලා දෙන්න පුළුවන්ද? දවසක්‌ ක්‍රිෂාන්තිගෙ තාත්තගෙන් එහෙම ඇහුවෙ ප්‍රධාන තේ කම්හල් නිලධාරී සිරිල් මහත්තයා.

    "පුංචි ගැටලුවක්‌ නම් විසඳලා දෙන්න බැරි වෙන එකක්‌ නෑ" ක්‍රිෂාන්තිගෙ තාත්තා හිනාවෙලා කිව්වා.

    "පහළ බංගලාවෙ දැන් ඉන්නෙ සුනෙත් මහත්තයා විතරයිනෙ. දැන් එහේ කෑම උයන්නෙ නෑ. සුනෙත් මහත්තයා මේ ටිකේම කෑවෙ ටවුමට ගිහිං. දවාලට නම් ඕක කරන්නත් පුළුවන්. ඒත් මේ වැහි දවස්‌වල රෑට ටවුමට යන්න ගියාම හරිම වදේ. අනික සුනෙත් මහත්තයා කඩවල්වල ජරා කෑමට කැමැති නෑ බැරිද පියතිලක මහත්තයෝ මොකක්‌ හරි පිළිවෙළක්‌ කරලා දෙන්න? සිරිල් මහත්තයා එහෙම ඇහුවා.

    "ඕකට එකපාරට උත්තරයක්‌ දෙන්න බෑ. නිසි බලධාරිනියගෙන් අහල බලන්න ඕන" පියතිලක මහත්තයගෙ ප්‍රතිචාරය තමයි ඒ.

    "අනේ මොනව හරි කරන්න කථා කරලා. ලොකු උදව්වක්‌. අල්ලපු වත්තෙ නිසා වැඩේ තවත් පහසුයිනෙ" සිරිල් මහත්තයා කථාව අවසන් කෙරුවෙ එහෙමයි.

    "මේ කෙල්ලො දෙන්නෙකුත් ඉන්න ගෙදරට ඉලංදාරියෙක්‌ යන්න එන්න පටන් ගත්තම ගමේ උන් කයි කතන්දර හදයි. ඊට මීට වඩා හොඳයි බෑ කියන්න" පියතිලක මහතා එදා රැයේ තම බිරියට යෝජනාව ඉදිරිපත් කළාම ඔහු ඇගෙන් ලත් ප්‍රතිචාරයයි ඒ.

    "රටේ උන්ට ඕන කරන විධියට ජීවත්වෙන්න මම සූදානම් නෑ. අපි හරි දේ කරන්න බය වෙන්න ඕන නෑ. අනික ඒ ඉලන්දාරියා බොහොම තැන්පත් තමන්ගෙ පාඩුවෙ වැඩකරගෙන ඉන්න ළමයෙක්‌. මට බෑ කියන්න බැරි ඒකමයි. පියතිලක මහත්තයගෙ ආයාචනය තමයි ඒ.

    "හ්ම්... හ්ම්... ඔහේගෙ කැමැත්තක්‌. හැබැයි ඉතිං අඩුපාඩු නැතුව බඩු මුට්‌ටු ගෙනැත් දෙන්න ඕන. මේ අපි කන විදියට හොදියි බතුයි දෙන්න පුළුවන්ද පිට මනුස්‌සයෙකුට?" ඇය ඔහුට එකඟ වූයේ කොන්දේසියකට යටත්ව තමයි.

    පියතිලක මහත්තයා උදේට වැඩට යනකොට සුනෙත්ගෙ කෑම එක අරගෙන ගිහින් දුන්නා. බිරිය උදේට උයන්නෙ දවාලටත් එක්‌කනේ. එහෙම කෙරුවෙ ඉස්‌කෝල ඇරිල ඇවිත් උයන්න වෙලාවක්‌ නැති නිසාය. දවාලට පියතිලක මහත්තයා කෑමට ගෙදර එනකොට සුනෙතුත් එක්‌කගෙන ආවා. එතකොට අම්මලා දූල පාසලෙන් ගෙදර ඇවිත් නෑ. පියතිලක මහත්තයා මේසෙට කෑම ඇරලා දෙන්නත් එක්‌ක කාලා ආපහු වැඩට ගියා. සුනෙත් රෑ කෑමට ගෙදර ආවා. රෑ කෑම කාල ටිකක්‌ වෙලා රූපවාහිනිය බලබල ඉඳලා ආපහු ගියා. ඔන්න ඔහොම තමයි ඒ කටයුතු හැමදාම කෙරුණෙ.

    සුනෙත්ට ක්‍රිෂාන්තියිs එයාගෙ නංගි ජයනියි දකින්න ලැබුණෙ රෑට. අන්න ඒ රුපවාහිනි බලන ටික වෙලාවෙ විතරයි. ඒත් ඒ වෙලාවෙ අම්මයි තාත්තයි දෙන්නම එතැනනේ. ඒ වගේම සුනෙත් ඒ දෙන්න එක්‌ක කථාවට ගියෙත් නෑ. ඒ දෙන්න සුනෙත් එක්‌ක කථාවට ආවෙත් නෑ.

    එදා ඉරිදා දවසක්‌. තේ කම්හලේ වැඩ නෑ. නිකරුණේ ගෙට වෙලා ඉන්න කම්මැලි හිතුන නිසා සුනෙත් මාතර ගියා. ඒ දවස්‌වල පෙන්නපු ජනප්‍රිය චිත්‍රපටයක්‌ බලන්න. ඔක්‌කොම ටිකට්‌ ඉවරයි. බැල්කනි විතරයි තියෙන්නෙ. හිස්‌ අතින් ආපහු යන්න බැහැනෙ. එහෙම හිතපු සුනෙත් ටිකට්‌ එකක්‌ අරගෙන බැල්කනියට ගියා. බැල්කනියත් පිsරිලා හැම තැනම ජෝඩු ජෝඩු. ඉස්‌සරහ පේළියෙ විතරයි ආසන කිහිපයක්‌ හිස්‌වට තිබුණෙ. සුනෙත් වාඩි වුණා. ඉස්‌සරහ පේළියෙ කොණේaම පුටුqවෙ.

    තවත් ටික වෙලාවක්‌ යනකොට ඒ ආසන කිහිපයත් පිරුණා. අන්තිමට ඉතිරි වුණේ සුනෙත්ගෙ දකුණු පැත්තෙ ආසන තුනක්‌ විතරයි. විදුලි පහන් නිවුණා. චිත්‍රපටය පටන් ගත්තා.

    කළුවරේ ශාලාවට ඇතුළුවුණු සේවකයෙක්‌ පුංචි විදුලි පන්දමක්‌ දල්වාගෙන හිස්‌ ආසන ඇත්තේ කොහෙදැයි පරීක්‍ෂා කළා.

    "ආ එන්න සීට්‌ තුනක්‌ එක තැන තියෙනවා" එයා එළියෙ හිටපු තුන්දෙනාට කථා කළා.

    තරුණයෙකුත්, තරුණියන් දෙදෙනකුත් ඇවිත් සුනෙත්ගෙ දකුණු පැත්තෙ ඒ ආසන තුනේ වාඩිවුණා. සුනෙත්ගෙ ළඟින් වාඩිවුණේ තරුණියක්‌. සුනෙත් යාන්තමින් එයාගෙ දිහා බැලුවා. ඒත් හඳුනා ගන්න තරම් ප්‍රමාණවත් ආලෝකයක්‌ බැල්කනියෙ තිබුණෙ නෑනෙ.

    විවේක කාලය එළැඹුණා. ශාලාව ඒකාලෝක වුණා. සුනෙත් තමන්ගෙ දකුණු පැත්තෙ ආසනේ හිටපු තරුණිය දිහා යාන්තමට ඔළුව හරවලා බැලුවා.

    "හ්ම්.... මේ පියතිලක මහත්තයගෙ ලොකු දුව ක්‍රිෂාන්ති නේද? හරියකට මුහුණ පේන්නෙ නෑ. අනික හරියාකාරව එයාගෙ මුහුණ මම ගෙදරදි දැකලත් නෑනෙ. මට පේන විදියට නම් ක්‍රිෂාන්තිම තමයි" සුනෙත් අනුමාන කළා.

    සුනෙත්ට අදහසක්‌ පහළ වුණා. එයා නැගිටලා එළියට ගියා. ආපහු එන ගමන් එයාගෙ මුහුණ හොඳට බලාගන්න හිතාගෙන.

    සුනෙත්ගෙ උත්සාහය සාර්ථක වුණා. ඒ ක්‍රිෂාන්තිම තමයි. එයා සුනෙත් දැකලා හොඳටම බයවුණා.

    "අනේ... සුනෙත් අයියෙ අපේ තාත්තට කියන්න එපා. මම මේ ආවෙ වැරදි ගමනක්‌ නෙමෙයි. මෙයා මගේ යාළුවා. එයාගෙ තනියටයි මම මේ ආවෙ." ක්‍රිෂාන්ති හැඬුම්බර ස්‌වරයෙන් බැගෑපත් වුණා.

    "ඔයා කොහොමද මගෙ නම දන්නෙ?" ඒ සුනෙත්ගෙ පළමු වැනි ප්‍රශ්නය.?

    "අපේ තාත්තා ගෙදර කියනවා මට ඇහිලා තියෙනවා." ක්‍රිෂාන්ති සැනසිලි සුසුමක්‌ හෙළමින් එහෙම කිව්වා.

    "තාත්තා වෙන මොනවද කියල තියෙන්නෙ?"

    "ඔයා හරි හොඳ ළමයෙක්‌ කියලා තාත්තා කීප දවසක්‌ම අම්මා එක්‌ක කියනවා මට ඇහුණා."

    සුනෙත් නැගිටලා එළියට ගියා. එයා ආපහු ආවෙ අයිස්‌ චොක්‌ස්‌ හතරකුත් අරගෙන. එයා ඉන් තුනක්‌ ක්‍රිෂාන්තිට දුන්නා.

    "දෙන්න ඔයාගෙ යාළුවටයි. යාළුවගෙ යාළුවටයි. "සුනෙත් එහෙම කිව්වෙ හිනාවෙලා.

    දැන් හතර දෙනා යාළුවො. සුහදව සතුටු සාමීචියක.

    "මේ ඒක නෙමෙයි නංගි... කෝ ඉතින් ඔයාගෙ එක්‌කෙනා ආවෙ නැද්ද අද?" සුනෙක්‌ හිනාවෙමින් ඇහුවා.

    "මට එහෙම කෙනෙක්‌ නෑ සුනෙත් අයියෙ" ක්‍රිෂාන්ති බිම බලාගෙන ලැඡ්ජාවෙන් කිව්වා.

    "සුනෙත් අයියෙ ඔයා අපේ තාත්තට කියන්නෙ නෑ නේද?" ක්‍රිෂාන්ති තවමත් බයෙන්.

    "මට ඉතිං ඕක නොකියා ඉන්න පුළුවනි. ඒත් නංගි ඔයා මේ හරි වැඩක්‌ ද කරන්නෙ? අද පංති යනවා කියලා නේද? ගෙදරින් ආවෙ. අනික කවුරු හරි කෙනෙක්‌ මේක දැක්‌කොත් ඔළුවෙන් හිටගෙන කිව්වත් ඔයා µsල්ම් එක බලන්න ආවෙ මාත් එක්‌ක නොවෙයි කියලා පිළිගනීද? මම කිසිම වරදක්‌ නොකර වැරැදි කාරයා වෙනවා. "සුනෙත් එහෙම කියද්දි ක්‍රිෂාන්ති බිම බලාගෙන නිහඬව සිටියා.

    "සුනෙත් මම හෙට කොළඹ යනවා. උදේ කෑම එක ඔයාට ලැබෙයි. ඔයා දවල් දෙකහමාරට විතර යන්න අපේ ගෙදර. දූලා ඇවිත් ඉඳීවි. නෝනා නම් එනකොට හතර විතර වෙනවා. දවසක්‌ හැන්දෑවෙ වැඩ ඇරිලා යනකොට පියතිලක මහත්තයා එහෙම කියාගෙන ගියා.

    එදා සුනෙත් දහවල් කෑමට ක්‍රිෂාන්තිලගෙ ගෙදරට ගියා. ඒ යනෙකොට ක්‍රිෂාන්තියි නංගියි ගෙදර ඇවිත් හිටියා. සුනෙත් අයියෙ. එන්න කෑම ලෑස්‌තියි" ඒ ක්‍රිෂාන්තියි.

    සුනෙත් කෑම කනතුරු ක්‍රිෂාන්ති කිට්‌ටුවට වෙලා හිටියා.

    "සුනෙත් අයියෙ... එදා අරක අපේ තාත්තට කිව්වෙ නෑනෙ" ක්‍රිෂාන්ති බිම බලාගෙන ඇහුවා.

    "එදාට පහුවදාම කිව්වා" සුනෙත් එහෙම කිව්වා. "බොරු කියන්න එපා. එහෙම නම් නෝනා තාත්ත මගෙන් අහවිනේ" ක්‍රිෂාන්ති හිනාවෙලා කිව්වා.

    "හරි නම් කියන්නයි තිබුණෙ. ඒත් පව්නෙ." සුනෙත් එහෙම කියනකොට ක්‍රිෂාන්ති එයාට කෘතඥපූර්වක බැල්මක්‌ හෙළා සිනාසුණා. ඒ බැල්මෙහි හිනාවෙයි තවත් බොහෝ දේවල් ගැබ්වෙලා තිබුණා.

    ඊට පස්‌සෙ ඒ දෙන්නට කීප දවසක්‌ම ඒ විධියට කථා බහ කරන්න අවස්‌ථාව ලැබුණා. දවසක්‌ මාතරදි සුනෙත්ට ක්‍රිෂාන්ති හමුවුණේ අහම්බෙන්. එයා පංති ගිහින් යාළුවෙකුත් එක්‌ක. සුනෙත් ඒ දෙන්න එක්‌ක රෙස්‌ටෝරන්ට්‌ එකකට ගියා සිසිල් පැන් භුක්‌ති විඳ විඳ සෑහෙන වේලාවක්‌ සතුටු සාමීචියෙ යෙදුණා.

    ඔන්න ඔය විදියට තමයි සුනෙතුයි ක්‍රිෂාන්තියි අතර ප්‍රේම සම්බන්ධයක්‌ ගොඩනැඟුණෙ.

    ඒ සුනෙත් වැඩ කරපු තේ කම්හලේ සේවක පිරිසගෙ වාර්ෂික චාරිකාව. සේවක පවුල්වල දූ දරුවනුත් ඒකට සහභාගි වුණා. එවර ගියේ මහනුවර. දළදා මාලිsගාව වඳින්න. ආපහු එන ගමන් පේරාදෙණිය මල් වත්තටත්, පින්නවල අලි අනාථාගාරයටත් ගියා.

    ඒ ගමන ක්‍රිෂාන්තියි නංගියි එයාගෙ අම්මයි සහභාගි වුණේ බොහොම ප්‍රීතියෙන්.

    අවාසනාවන්තම සිදුවීම එදා තමයි. පින්නවල ඉඳලා ආපහු එනකොට එයාලා ගිය බස්‌ එක පාරෙන් පහළට පෙරළුනා. තුන් දෙනෙක්‌ මිය ගියා. සෑහෙන පිරිසකට බරපතළ හා සුළු තුවාල.

    සුනෙත්ටත් බරපතළ තුවාල සිද්ධ වෙලා. එයාගෙ දකුණු කකුල දණහිසට උඩින් කපන්න වෛද්‍යවරුන්ට සිද්ධ වුණෙ බැරිම තැන. මාස ගණනක්‌ රෝහල්ගතව හිටපු සුනෙත් සුවවෙලා ගමේ ගියා. එයා ඊටත් මාස ගණනාවකට පස්‌සෙ වැඩට ආවා. ඒ කෘත්‍රිම පාදයක පිහිටෙන්. කොහෙ වුණත් එයාගෙ රැකියාව සුරැකුනා.

    "කකුළක්‌ නැති මිනිහෙක්‌ එක්‌ක දීග යන්න මට පිස්‌සු නෑ" ක්‍රිෂාන්ති එයාගෙ යාළුවෙක්‌ එක්‌ක කියලා තිබුණා. සුනෙත්ට ඒක ආරංචි වුණා. එයාට හරිම දුකයි. ඒත් දරාගන්නවා මිසක්‌ මොනවා කරන්නද?

    පසුගියදා ක්‍රිෂාන්ති සරසවි වරම් ලබා පේරාදෙණි ගියා. අනතුරින් පස්‌සෙ එයා නෙවෙයි සුනෙත් එක්‌ක එකම වචනයක්‌වත් කථා කළේ.

    ඊට මාස කිහිපයකට පස්‌සෙ සුනෙත් එයාගෙ ගම් පැත්තෙ තේ කම්හලක රැකියාවක්‌ ලබාගෙන ගමට ගියා.

    දවසක්‌ රත්නපුරේ ගියපු වෙලාවක මට අහම්බෙන් සුනෙත් මුණගැසුණා. එයා හිටියෙ එයාගෙ බිරිඳත් එක්‌ක. එයාට බබෙක්‌ ලැබෙන්න හිටියා.

    මේ දුව මට දැකලා පුරුදුයි. ඒත් මට නිච්චියක්‌ නෑ" මම කල්පනාකාරී වෙමින් කිව්වා.

    "මේ ක්‍රිෂාන්තිගෙ නංගි. ජයනි" සුනෙත් හිනාවෙලා කිව්වා.

    "දුවේ... මට ඔයා ගැන හරිම සතුටුයි. ඔයා ගැහැනියක්‌ නෙවෙයි. දෙවඟනක්‌." මම කීවෙ නෑ. ඉබේ කියෑවුණා.

    (පෞද්ගලික නාමයන් මනඃකල්පිතය.)

    කේ.ඩබ්ලිව්. ගුණවර්ධන