අවදිකරවා සල්ලි හොයමු

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අවදිකරවා සල්ලි හොයමු

    උදෑසන අවදිකරවා පඩිගත් රස්සාව!

    අද අපි උදෑසන ඇහැරෙන්නේ එලාම් සද්දෙට නැත්තම් අම්මාගේ සද්දේට! නමුත් මීට සියවසකට පෙර උදෑසන ඇහැරෙන්නට වෙර දරන යුරෝපා ජාතින්ට ඇසුනේ තම කාමරයේ ජනේලය සූරන හඩක්.

    ඒ අමුතු එලාම් එක හොයාගෙන අපි 19 වැනි සියවසේ කාර්මික විප්ලවයට මැදීවූ බ්‍රිතාන්‍ය කම්කරුවා සොයා යමු.

    එවක අද මෙන් එලාම් ඔරලෝසුව සුහුරු හෝ ලාභ භාණ්ඩයක් වුනේ නැ. කාර්මික විප්ලයත් සමග අවිවේකීව වැඩ කරන කම්කරුවා තම රැකියාව බලා පිටත් වීමට උදෑසන අවදි විය යුතුයි. වෙලාවට රාජකාරියට වාර්තා නොකලොත් එදිනට කම්හලේ දොර වැසියන අතර දිගින් දිගටම පමාවුහොත් රැකියාවෙන් ද ඉවත් කරනවා.

    මේ හේතුවෙන් කම්කරුවන් අවදිකරවීම සදහාම knocker-upper නම් වෘත්තියමය පිරිසක් බිහිවුනා. බොහෝවිට වයස්ගත පිරිමි හෝ කාන්තාවන් වූ ඔවුන් සතු වූ කොක්කක් ඇමිණු දිග පොල්ලක් ආධාරයෙන් කම්කරුවන්ගේ නිදන කාමරයේ ජනේලය පහුරු ගා හෝ තට්ටු කරමින් අවදිකරවීම සිදුකරනවා. ඇතැමෙක් ඇට වර්ග ජනේලයට විසිකිරිමද සිදුකර තිබෙනවා. තම සේවාදායකයා ඇහැරෙන තුරු මිනිස් එලාම් එක නම් හෙල්ලෙන්නේ නැ.

    කෑ ගැසීමෙන් / ශබ්ද කිරිමෙන් තොරව මෙසේ නිදන කාමරයේ ජනේලයට තට්ටු කිරිමට හේතුව නම් නිදාසිටින අනෙකුත් අය ඇහැරවීමෙන් වැලකීමටයි. සේවය වෙනුවෙන් වැටුප පැන්ස කිහිපයක් පමණයි.

    19 වැනි සියවසේ සිය ගණනක් knocker-upper වෘත්තියේ නිරත වූ අතර 1970 වන තුරුම මෙම වෘත්තිය බ්‍රිතාන්‍යයේ හා අයර්ලන්තයේ පැවතුනා. එලාම් ඔරලෝසු ලාභාදයි භාණ්ඩයක් විමත් සමග වෘත්තිය පරිහානියට පත් වුවද කාර්මික විප්ලවය සමයේ knocker-upper සේවය මිල කල නොහැකියි.

    - Roshin Fernando

    බ්ලොග් ලිපිය මෙතනින්