සභාපති හිමිත් වැඩවලින් ඉවත්වෙයි
රෂිනි මෙන්ඩිස්
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අලුත්ගමදී කළ කතාව සම්පූර්ණයෙන්ම වැරැදි සහගත කතාවක් බවත් තමන් වහන්සේ එය නොපිළිගන්නා බවත් එම රැස්වීමද වැරැදිසහගත බවත් බොදු බල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති හිමියෝ 'මව්බිම'ට පැවැසූහ.
තමන්වහන්සේ තවදුරටත් සංවිධානයේ වැඩකටයුතුවලට සහභාගි නොවන බව පැවැසූ උන්වහන්සේ සංවිධානයෙන් ඉවත් නොවන බවද අවධාරණය කළහ.
සංවිධානයේ සභාපති ධුරයෙන් ඉවත් වනවාදැයි උන්වහන්සේගෙන් 'මව්බිම' කළ විමසුමේදී තවදුරටත් එම තනතුරේ කටයුතු කරනවාද නැද්ද යන්න ගැන ඉදිරියේදී තීරණය කරන බව පැවැසූහ.
අලුත්ගම ප්‍රදේශයේ කැලඹීමක් ඇතිවී තිබෙන අවස්ථාවක දේශන පවත්වමින් රැලියක් පැවැත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව විමලජෝති හිමියෝ ප්‍රකාශ කළහ. ජාතීන් සහ ආගම් අතර වෛරයක් ඇතිවී හටගත් ප්‍රචණ්ඩත්වයෙන් ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුවූ බවද ඒ හිමියෝ පැවැසූහ.
එවැනි රැස්වීමක් පැවැත්වෙන බව තමන්වහන්සේ නොදැන සිටි බවත් අලුත්ගම සිදුවීම සම්බන්ධයෙන් පවා තමන්් තොරතුරු දැන ගත්තේ පුවත්පත් මාර්ගයෙන් බවත් විමලජෝති හිමියෝ කීහ.
එම රැස්වීම සංවිධානය කර ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ බෞද්ධ සංවිධාන හා වෙනත් සංවිධාන කීපයක් මඟින් බවත් එම රැස්වීමට බොදුබල සේනා සංවිධානය, සිංහල රාවය සංවිධානය ඇතුළු සංවිධාන රැසක හිමිවරුන්ට ආරාධනා කර ඇති බවත් කීහ.
තමන්වහන්සේ බොදුබල සේනා සංවිධානයෙන් ඉල්ලා අස්වී නැති බව ප්‍රකාශ කළ උන්වහන්සේ සංවිධානයේ වැඩවලට වර්තමානයේදී සම්බන්ධ නොවන බව තවදුරටත් පැවැසූහ.
බීලා ඇඳිරිය කැඩූ හිමි දෙනමක් මාට්ටු
මතුගම - වසන්ත කුමාර, ප්‍රේමලාල් විජේරත්න
අධික ලෙස මත්පැන් පානය කර පොලිස් ඇඳිරිනීතිය කඩකරමින් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි හිමිවරු දෙදෙනකු හා ත්‍රිරෝද රථයේ රියැදුරා ඊයේ (18දා) අලුත්ගම නගරයේදී අලුත්ගම පොලිසිය අත්අඩංගුවට ගෙන කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් තිදෙනා මේ මස 25 දක්වා රිමාන්ඩ් කරන ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළාය.
අලුත්ගම පොලිස් ස්ථානාධිපති ආර්.ටී.ජේ.ඒ. ජයසම්පත් රණසිංහ මහතාගේ උපදෙස් අනුව උප පොලිස් පරීක්ෂක ලක්ෂිත වීරසිංහ, පොලිස් සැරයන්වරුන් වන රාජකරුණා (14514) සහ විමලරත්න (5871) යන නිලධාරීහු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.
http://www.mawbima.lk/86-61293-news-detail.html
බොදුබල සේනා නිර්මාතෘ හිමිනමක් කනස්සල්ලෙන්
( තරංග රුක්ෂාන් ) 2014-06-18 07:03:48
බොදුබල සේනා සංවිධානයේ වත්මන් ඇතැම් ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් තමන් වහන්සේ එකඟ නොවන බව එම සංවිධානය පිහිටුවීමේ ප‍්‍රමුඛයෙකු වු පූජ්‍ය කිරම විමලජෝති හිමියන් පවසනවා. නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ උද්ඝෝෂණ හෝ කලකෝලාහල මගින් ප‍්‍රශ්න විසඳා ගත නොහැකි බවයි.
" අපි මුලදී මේ සංවිධානය ඇතිකර ගත්තේ බෞද්ධයන් අතර විශාල කලකිරීමකට පත්වෙලා තිබුණා.... මේ බුදුවරු පහල වෙලා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනැයි කියලා.... යම් යම් සංඝයා වාහන්සේලා බණපොත් විකෘර්ති කරලා පලකිරීමේදී කිවුරුවත් නායකත්වය ගත්තේ නැති නිසා තමයි මම ඉදිරිපත් වුණේ ඒවගේ කටයුතු වලට නායකත්වය දෙන්න....
එකතාරා මට්ටමකට යටපත්කරන්න අපිට ලැබුණා... සමහර කි‍්‍රයාවන් මොන සංවිධානය කළත් මම අනුමත කරන්නේ නැහැ ... බොහෝ කි‍්‍රයාවන් සිදුවෙන දේවල් ඕය දේ නෙවෙයි ඔතන විය යුත්තේ...... සාකච්ඡා මාර්ගයෙන් තමයි විසඳන්න ඕනි.... උද්ඝෝෂන පවත්වලා කෑ කෝ ගහලා විසදුම් තියන රටක් මම දන්නේ නැහැ... "
අලූත්ගම සහ බේරුවල ඉකුත් දා ඇතිවු නොසන්සුන්තාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළවුණා.
" බේරුවල අපට දැනගන්න ලැබුණා පොසොන් පෝය දවසේ ධර්ම දේශනාවකට යන හාමුදුරුනමකට යම් කිසි අන්‍යාගමික තරුණයන් පිරිසක් පහරදීමක් කරලා තියනවා... ඊට දින 3 ට පස්සේ එක්තාරා පිරිසක් කවුද කියලා දන්නේ නැහැ... ඒ පැත්තේ වෙන්න ඇති... සංවිධානය කරලා එතනදිම ඒ හාමුදුරුවෝ පිළිගන්න කියලා රැස්වීමක් තිබීම කිසිසේත්ම මම අනුමත කරන්නේ නැහැ.... අනිවාර්යම ඒ සංවිධානය කරපු අය එහෙම නැත්නම් පොලිසියේ අය දැනගන්න ඕනි මෙතන එයාලගෙම අය කලබලයක් කරලා ජාතිවාදී ගැටුමකට යන්න පුළුවන් කියලා.... "
බොදුබල සේනා සංවිධානයේ ක‍්‍රියාකාරම්වලින් තමන් වහන්සේ දැන් මාස 06ක් පමණ තිස්සේ ඉවත් වී ඇතැයි ද පූජ්‍ය කිරම විමලජෝති හිමියන් මෙහිදී කියා සිටියා.
http://nethfm.com/article/20701
බොදු බල සේනා දැන් මටත් පාලනය කරන්න බැහැ
කිරම විමලජෝති හිමියන්ගෙන් ඉදිරියේදී තීරණාත්මක තීන්දුවක්
2014-06-18 20:02:12
ඊයේ දිනයේදී (17) නෙත් එෆ්.එම් කල විමසීමකදී "බොදු බල සේනාවෙන් ඉවත් වූ පුවත සත්‍යයක් නැහැ" පැවසුවද ඉදිරියේදී ඒ පිළිබඳව තීරණාත්මක තීන්දුවක් ගැනීමට සූදානම් බව බොදුබල සේනා සංවිධානයේ සභාපති පුජ්‍ය කිරම විමලජෝති හිමියන් හිමියන් විසින් රූපවාහිනී නාලිකාවක් වෙත පවසා ඇත.
තමන් වහන්සේ විසින් ආරම්භ කළ මෙම සංවිධානයේ කටයුතු තමන් වහන්සේටවත් දැන් පාලනය කළ නොහැකි මට්ටමකට පත්ව ඇති බව උන් වහන්සේ පැවසුවේ, සමහර දේවල් දැන් "Beyond control" ලෙසිනි.
පසුගියදා අලුත්ගම දී පැවති බොදු බල සේනා සංවිධානයේ රැස්වීමක දී රාජ්‍ය නායකයා ඇතුළු ඇතැම් දේශපාලනඥයන් සම්බන්ධයෙන් කරන ලද විවේචන හා ඊට යොදා ගත් වචන පිළිගත නොහැකි බව උන්වහන්සේ විසින් ප්‍රකාශ කොට තිබුණි.
http://nethfm.com/article/20805