අවන්ත ආටිගල රැක ගනිමු.

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඉතින් ඕකනේ බන් මේ කාටුන් එකෙන් කියන්නේ :confused:

    ආයේ මුල ඉඳන් මගේ comments කියෙව්වොත් උඹට පෙනෙයි මම මේ cartoon එක ගැන මුකුත් කියලා නැති බව. මම මේ cartoon එක විවේචනය කලේ නෑ.

    මගේ විවේචනය තියෙන්නේ පිලිප් සාන්ත, අවන්ත ආටිගලලගේ දේසපාලනය ගැන. ඔක්කොම දන්නා රැඩිකල් බුවාලගේ දේසපාලනය ගැන.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    එහෙමද ? මන් කතා කරේ කාටුන් එක ගැන ..

    පිලිප් ශාන්තගේ හෝ අවන්ත ආටිගල ගේ දේශපාලනය මොකක්ද කියන මට නං අනවශ්‍යයි ..
    මගේ දේශපාලනය එක්ක උන්ගේ ප්‍රකාශය සමපාතයි නං මන් ඒක පිලිගන්නවා .

    මෙතන පිලිප් ශාන්ත කියල තියෙන්නේ අවනත ආටිගලගේ ප්‍රකාශන නිදහසට බාදා කරන කලා නිහීනයන්ව හෙලා දකිනවා කියල සහ අවනත ආටිගල කියල තියෙන්නේ අර කලින් අපි කතා වෙච්ච දේ .. ඔන්න ඔය ප්‍රකාශ දෙකට මන් එකඟයි ..!
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මෙතන ප්‍රශ්නේ සිවුර/ධර්මචක්‍රය කාටුන් එකට ගත්ත එකද ? හොඳ/නරක කොහොමවත් ඒවා කාටුන් එකකට පාවිච්චි කරන්න බෑ ද ?, නැත්තන් මෙතන අදහස් වෙන දේද ප්‍රශ්නේ. :oo:

    ඔය එකක්වත් නෙමෙයි. මහනායක හාමුදුරුවරු ව්‍යවස්ථාව ගේන එක නවත්තන්න ගත්ත උත්සහය උපහාසයට ගත්ත එක. ඡන්දෙදි මිනිස්සු මොන තීරණය ගත්තත්, බහුතර සිංහල බෞද්ධයො බලාපොරොත්තු වෙනවා දේශපාලකයො ජාතියට හෝ ආගමට වරදක් කරනවානම්, මහනායක හමුදුරුවරු මැදිහත්වෙලා ඒක නවත්වයි කියලා. (පාලකයො මහනායක හාමුදුරුවන්ට අහුම්කන්දෙයි කියලා විශ්වාසයක් මිනිස්සුන්ගෙ තියනවා) මෙතන විරුද්දවෙන්න ඕනෙ මොකටද කියලවත් තේරුම් ගන්නබැරි උඹලා මෙතන බඩපිනුම් ගහනවා.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    එහෙමද ? මන් කතා කරේ කාටුන් එක ගැන ..

    පිලිප් ශාන්තගේ හෝ අවන්ත ආටිගල ගේ දේශපාලනය මොකක්ද කියන මට නං අනවශ්‍යයි ..
    මගේ දේශපාලනය එක්ක උන්ගේ ප්‍රකාශය සමපාතයි නං මන් ඒක පිලිගන්නවා .

    මෙතන පිලිප් ශාන්ත කියල තියෙන්නේ අවනත ආටිගලගේ ප්‍රකාශන නිදහසට බාදා කරන කලා නිහීනයන්ව හෙලා දකිනවා කියල සහ අවනත ආටිගල කියල තියෙන්නේ අර කලින් අපි කතා වෙච්ච දේ .. ඔන්න ඔය ප්‍රකාශ දෙකට මන් එකඟයි ..!

    පුදුමයක් නෑ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මට නම් පෙන්නේ මේ කාටූන් එකේ වෙනම අර්ථයක් එහෙම උනාම එකේ වැරද්දක් නැහැ.
    මට තේරෙන විදියට
    "නැවේ සුක්කානම තියෙන දේශපාලකයා නැව(රට) හැප්පෙන්න යනවා කියල පේද්දීත් නහයේ ඇඟිලි ගහගෙන අහක බලන් ඉන්නවා.හාමුදුරුවෝ නැව හරවන්න(රට හරවන්න ගියත්) ගියත් ඒක නැවට සම්බන්ද නැති නිසා(අවශ්‍ය බලය නැතිනිසා) ඒක වෙන්නේ නැහැ.හාමුදුරුවෝ කරකවන්නේ ධර්මචක්‍රය
    සුක්කානම නෙවෙයි.අන්තිමට නැව හැප්පිලා විනාස වෙන්නයි යන්නේ.

    හැබැයි පුතේ කාටුන් එකේ නං තියෙන්නේ සුක්කානමක් හාමුදුරුවො අතේ. නැතිව ධර්ම චක්‍රයක් නෙවෙයි. ධර්ම චක්‍රයේ ගරාධි එළියට නෙරලා නෑ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ඔය කොමන්ට් එක දැම්මේ බන් අර උඹ ඉස්සෙල්ල කිව්වා හැමෝම අන්ත්වදියෝ කියන එකට
    :yes::yes:

    ඇත්තටම උබ ඔය එක සිද්දියක් ගැන කතා කරන්නේ මචන් .
    එත් මේක ඊට වඩා එහාට ගිය අපේ රටේ මිනිස්සු අතර සෑහෙන කාලයක් තිස්සේ හැදිච්ච මානසික සාධයක් කියලයි මන් කියන්නේ ..
    අර උබම කියල තියෙනවා ඒකට සංස්කෘතිය කියල ..
    ඉතින් ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ .. උබ ඔය කියපු දේ රජකාලේ ඉඳල එහෙම්මම පැවතගෙන ආවට , ලෝකය ඊට සාපේක්ෂව වෙනස් වෙලා .. එදා එක රජ කෙනෙක්ට හාමුදුරුවෝ සේරම උපදෙස් දුන්නට අද ඒ ක්‍රමේ වෙනස් ..
    ඒ ඇරත් අර කිව්වා වගේ හාමුදුරුවෝ පිරිහිලා ..
    ඉස්සරහ හාමුදුරු කෙනෙක් කියන්නේ පුළුල් දැනුමක් තියෙන කෙනෙක් .. අද දුප්පත් කමටත් මිනිස්සු මහන කරවනවා .. ඕක තමයි අපේ සංස්කෘතියත් ගෝලීයකරණයත් අතර ගැටුම නිසා අපිට උරුම වෙච්චි දේ ..
    මිනිස්සු අපේ කම රකින්න හදනව ඇමෙරිකාව වගේ වෙන්න හීන දැක දැක ..

    ඉතින් ඔය සංස්කෘතිය වෙනස් වෙච්ච දාක රට ගොඩ යයි !
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පුදුමයක් නෑ

    මට නං කවදාවත් හම්බෙලා නෑ හාමුදුරුවෝ දැන් අපිව මේ දේසපාලන වලෙන් ගොඩ දායි කියලා හිතන් ඉන්න මිනිස්සු කොට්ටාසයක් .
    ඒකට ඊ ගාව චන්දෙ තියනකල් මිනිස්සු බලන් ඉන්නවා

    ඔබේ පෙර කරපු මෙන්න මේ ප්‍රකාශයට මගේ පිළිතුර තහවුරු කරන රිප්ලයි එකක් පහතින් .. :rofl:

    ඔය එකක්වත් නෙමෙයි. මහනායක හාමුදුරුවරු ව්‍යවස්ථාව ගේන එක නවත්තන්න ගත්ත උත්සහය උපහාසයට ගත්ත එක. ඡන්දෙදි මිනිස්සු මොන තීරණය ගත්තත්, බහුතර සිංහල බෞද්ධයො බලාපොරොත්තු වෙනවා දේශපාලකයො ජාතියට හෝ ආගමට වරදක් කරනවානම්, මහනායක හමුදුරුවරු මැදිහත්වෙලා ඒක නවත්වයි කියලා. (පාලකයො මහනායක හාමුදුරුවන්ට අහුම්කන්දෙයි කියලා විශ්වාසයක් මිනිස්සුන්ගෙ තියනවා) මෙතන විරුද්දවෙන්න ඕනෙ මොකටද කියලවත් තේරුම් ගන්නබැරි උඹලා මෙතන බඩපිනුම් ගහනවා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අපේ රටේ අවසානය ? සමාජ දේශපාලනික ආර්ථික කඩාවැටීම ? :oo:

    අපේ රටේ අවසානේ වෙන්නේ අර්තිකේ කඩ වැටෙන්නේ හාමුදුරුවො රට කරන්න උපදෙස් දෙන නිසා කියලද කියන්නේ පුතී :confused:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඇත්තටම උබ ඔය එක සිද්දියක් ගැන කතා කරන්නේ මචන් .
    එත් මේක ඊට වඩා එහාට ගිය අපේ රටේ මිනිස්සු අතර සෑහෙන කාලයක් තිස්සේ හැදිච්ච මානසික සාධයක් කියලයි මන් කියන්නේ ..
    අර උබම කියල තියෙනවා ඒකට සංස්කෘතිය කියල ..
    ඉතින් ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ .. උබ ඔය කියපු දේ රජකාලේ ඉඳල එහෙම්මම පැවතගෙන ආවට , ලෝකය ඊට සාපේක්ෂව වෙනස් වෙලා .. එදා එක රජ කෙනෙක්ට හාමුදුරුවෝ සේරම උපදෙස් දුන්නට අද ඒ ක්‍රමේ වෙනස් ..
    ඒ ඇරත් අර කිව්වා වගේ හාමුදුරුවෝ පිරිහිලා ..
    ඉස්සරහ හාමුදුරු කෙනෙක් කියන්නේ පුළුල් දැනුමක් තියෙන කෙනෙක් .. අද දුප්පත් කමටත් මිනිස්සු මහන කරවනවා .. ඕක තමයි අපේ සංස්කෘතියත් ගෝලීයකරණයත් අතර ගැටුම නිසා අපිට උරුම වෙච්චි දේ ..
    මිනිස්සු අපේ කම රකින්න හදනව ඇමෙරිකාව වගේ වෙන්න හීන දැක දැක ..

    ඉතින් ඔය සංස්කෘතිය වෙනස් වෙච්ච දාක රට ගොඩ යයි !

    :rofl::rofl:
    උඹ කොමද බන් කියන්නේ දැන් ඉන්න හාමුදුරුවෝ ඔක්කොම පිරිහිලා කියල?
    දුප්පත් කමට මහන කරපු "මිනිස්සු" න්ට මොලේ නෑ කියල උඹ assume කලේ කොහොමද ?

    උඹට තියෙන්නේ තාමත් හාමුදුරුවෝ දේසපාලන උපදෙස් දීමත් ඒවා උඹේ "ඔක්කොම දන්න" දේසපාලන මතවාදයත් එක්ක තියෙන ගැටුමක්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපේ රටේ අවසානේ වෙන්නේ අර්තිකේ කඩ වැටෙන්නේ හාමුදුරුවො රට කරන්න උපදෙස් දෙන නිසා කියලද කියන්නේ පුතී :confused:

    නෑ පුතී .. දැන් දෙතුන් පොලකම කිව්වා මම ..
    ආර්ථිකේ කඩන වැටෙන්නේ , පාලකයෝ මොක කරත් හාමුදුරුවන්ගේ උපදෙස් අහල උන් රට ගොඩ දායි කියල හිතන් ඉන්න මිනිස්සු නිසා .. !
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය එකක්වත් නෙමෙයි. මහනායක හාමුදුරුවරු ව්‍යවස්ථාව ගේන එක නවත්තන්න ගත්ත උත්සහය උපහාසයට ගත්ත එක. ඡන්දෙදි මිනිස්සු මොන තීරණය ගත්තත්, බහුතර සිංහල බෞද්ධයො බලාපොරොත්තු වෙනවා දේශපාලකයො ජාතියට හෝ ආගමට වරදක් කරනවානම්, මහනායක හමුදුරුවරු මැදිහත්වෙලා ඒක නවත්වයි කියලා. (පාලකයො මහනායක හාමුදුරුවන්ට අහුම්කන්දෙයි කියලා විශ්වාසයක් මිනිස්සුන්ගෙ තියනවා) මෙතන විරුද්දවෙන්න ඕනෙ මොකටද කියලවත් තේරුම් ගන්නබැරි උඹලා මෙතන බඩපිනුම් ගහනවා.
    මෙතන උපහාසයට අරන් තියෙන්නෙ හාමුදුරුවෝද දේශපාලකයෝද :oo: දේශපාලකයා නං නහයේ ඇඟිල්ල ගහගෙන විහිළුසහගත විදිහකට ඉන්නෙ. හාමුදුරුවෝ එහෙම උපහාසාත්මකව ඇඳලා නෑ ඉතින් කොහොමද මේකෙන් මහනායක හාමුදුරුවෝ උපහාසයට ගත්තයි කියන්නේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :rofl::rofl:
    උඹ කොමද බන් කියන්නේ දැන් ඉන්න හාමුදුරුවෝ ඔක්කොම පිරිහිලා කියල?
    දුප්පත් කමට මහන කරපු "මිනිස්සු" න්ට මොලේ නෑ කියල උඹ assume කලේ කොහොමද ?

    උඹට තියෙන්නේ තාමත් හාමුදුරුවෝ දේසපාලන උපදෙස් දීමත් ඒවා උඹේ "ඔක්කොම දන්න" දේසපාලන මතවාදයත් එක්ක තියෙන ගැටුමක්

    කොහෙද බන් කියල තියෙන්නේ ඔක්කොම කියල ?
    කොහෙද බන් කියල තියෙන්නේ දුප්පත් කමට මහන කරපු මිනිස්සුන්ට මොලේ නෑ කියල ?
    හැබැයි හාමුදුරුවෝ දේශපාලන උපදෙස් දීම ගැන මට ගැටළුවක් තියෙනව තමා :rofl:

    කොහොමහරි උබටත් තියෙන්නේ "මූ වැරදි" දේශපාලන මතවාදය නිසා හරියට පොස්ට් කියවෙන්නේ නැති අන්ධ බවක් කියල නං තේරෙනවා :rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කොහෙද බන් කියල තියෙන්නේ ඔක්කොම කියල ?
    කොහෙද බන් කියල තියෙන්නේ දුප්පත් කමට මහන කරපු මිනිස්සුන්ට මොලේ නෑ කියල ?
    හැබැයි හාමුදුරුවෝ දේශපාලන උපදෙස් දීම ගැන මට ගැටළුවක් තියෙනව තමා :rofl:

    කොහොමහරි උබටත් තියෙන්නේ "මූ වැරදි" දේශපාලන මතවාදය නිසා හරියට පොස්ට් කියවෙන්නේ නැති අන්ධ බවක් කියල නං තේරෙනවා :rofl:

    ඉස්සරහ හාමුදුරු කෙනෙක් කියන්නේ පුළුල් දැනුමක් තියෙන කෙනෙක් .. අද දුප්පත් කමටත් මිනිස්සු මහන කරවනවා ..

    ඕකෙන් කියන්නේ දුප්පත් කමට මහන කරපු "මිනිස්සුන්ට" පුළුල් දැනුමක් නෑ කියල නෙමේද?
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113

    හැබැයි පුතේ කාටුන් එකේ නං තියෙන්නේ සුක්කානමක් හාමුදුරුවො අතේ. නැතිව ධර්ම චක්‍රයක් නෙවෙයි. ධර්ම චක්‍රයේ ගරාධි එළියට නෙරලා නෑ

    එතකොට රාජ්‍ය ලංචනයේ තියෙන්නේ නිවැරදි ධර්මචක්‍රය නෙවෙයිද?
    722px-Emblem_of_Sri_Lanka.svg.png
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලංකාවේ ඉන්නේ ඔක්කොම අන්තවාදී යක්කුනේ බන් , සවුදි මොඩල් එකේ බෞද්ධ එක .. එහෙමයි කියල දෙමලගෙයි මුස්ලිම් එකාගෙයි තත්වේ වෙනසකුත් නැ ඉතින් විග්නේශ්වරනුයි රිෂාඩ් බදුරුදිනුයි නේ ,ඒකට එක තකට තක ...
    රටේ සමහරක් මිනිස්සුන්ට මුලික මිනිස් අවශ්‍යතා හෝ නැති කොට ,රටේ ප්‍රමුකතාවය දෙන්න ඕනි ප්‍රශ්ණ කොහේදෝ තියෙද්දී ,රටේ එකාලට තියෙන්නේ මාර ප්‍රශ්න ආගම් ජාති රේස් ,
    කාලකන්නි දේශපාලනේ මිනිස්සු බෙදන්න පුළුවන් හැම විදිහටම බෙදල තියාගෙන ඉන්නේ . ආගම් , ජාති , පක්ෂ , පළාත් , කුල.. දියුණු ජාතින් සේකියුලර් නිවහල් අදහස් චින්තන ගැන හිතද්දී මෙහෙ එකාලට ඕනි අතීත වීර කතා වල වගේ වැඩවසම් යුගයේ ජිවත් වෙන්න මිත්‍යා ආගමික වාර්ගික අන්තවාද වල ජීවත්වෙන්න

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕකෙන් කියන්නේ දුප්පත් කමට මහන කරපු "මිනිස්සුන්ට" පුළුල් දැනුමක් නෑ කියල නෙමේද?

    නැහැ ඒක නෙවෙයි .. ඕකෙන් කියන්නේ මේ අපේ ආර්ථික ක්‍රමේන් මිනිස්සුන්ට ඇති කරන පීඩනේ හින්ද අද හාමුදුරු කෙනෙක්ටත් මහන වුනාට පස්සේ දැනුම සොයන්න ගවේෂණය කරන්න වෙලාවක් නැහැ කියල .. පොත් ටිකෙන් උගන්නන බුද්ධාගම ටික කට පාඩම් කරගෙන තමන්ගේ අම්මට තාත්තට සලකගෙන ඒ අස්සේ ඇපල් ෆෝන් එකක් ප්‍රාඩෝ එකක් මොන්ටෙරෝ එකක් පාවිච්චි කරන්න හීන දැක දැක පරිභෝජන ජීවන රටාව ගත කරන්න සිද්ධ වෙලා තියනවයි කියන එක .. මොලේ නෑ නෙවෙයි .. වෙලාව නෑ .. තෙරුනෙයි ..

    ඒ වගේ හාමුදුරුවරු තමා අද වැඩි හරියක් ඉන්නේ .. ඔන්න ඕකයි කිව්වේ !