අවබෝධය තුල ඇති බොරුව

Yasitha Dias

Junior member
  • May 12, 2023
    24
    58
    13
    මේ තියෙන්නෙ මගෙ පරණ සටහනක්..


    ✨️තේරුම් ගැනීම ගැන තේරුම් ගන්න✨

    දෙයක් තේරුම් ගන්නවා, අවබෝධ කරනවා කියලා මොකක්ද කරන්නෙ?

    දෙයක් අවබෝධ කරගන්න දරන උත්සාහයෙදි කරන්නෙ දෙයකට හේතු විදියට කතන්දර හදන එකනෙ..

    අවබෝධ වෙන්නෙ අවබෝධ කරගන්න දරන උත්සාහය නවත්වපුවාම කිව්වොත් ඔයාට මොකද හිතෙන්නෙ..

    ඔයාට හිතෙන්න පුලුවන් කොහොමත් අවබෝධ උනාම උත්සාහය නවතිනවා කියලා..

    ඒත් මම කියන්නෙ අපි ඒ දේ සම්බන්ධයෙන් අපි තෘප්තිමත් හෝ එපා වී හෙම්බත් උනාම අපි උත්සාහය අතාරිනවා..
    ඊට පස්සෙ ඒ තෘප්තිමත් බව අවබෝධය විදියට අල්ලගන්නවා..

    එතකොට ඇත්තටම අවබෝධය කියන්නෙ මොකක්ද කියලා මගෙන් අහන්නත් එපා..
    මම දන්නෙත් නෑ..

    මං ඔයාගෙන් අහන්නෙ,
    නැති දෙයක් කොහොමද අවබෝධ කරගන්නෙ..

    සමහරවිට ඔයා වෙන දෙයක් විදියට හඳුනගන්නෙ ඔයාගෙම හෙවනැල්ල වෙන්නත් පුලුවන්..

    "මේක තේරුම් ගන්න.
    නෑ එපා, තේරුණා කියලා හිතාගන්න"😉
    .
    .
    මම යසිත..
    2023.04.29 ☯️

    -------------------------------------------------------

    පහළ උපුටා ගත් සටහනක්..

    "දැනුම :-
    "ගින්දරට අත පිච්චේ"
    පොතේ තියෙන කතාවක්.
    පාඩම් කරගන්න පුළුවන්

    අවබෝධය :-
    ගින්දර කියන්නෙ මොකක්ද?
    අත කියන්නෙ මොකක්ද?
    පිච්චෙනවා කියන්නෙ මොකක්ද?
    ... කියලා මේ වාක්‍ය තේරුම් ගැනීම.
    ඒකත් දැක්මක් තමයි. දැනුම තවදුරටත් තේරුම් ගැනීම..

    ප්‍රත්‍යක්ෂය :-
    ගින්දර සොයාගෙන
    අත ටිකක් දාලා බලනවා..
    පිච්චෙනවා කියලා තමන්
    දැනගන්නවා..
    ඒක දැන් තමන් ගෙ ප්‍රත්‍යක්ෂ දැනුම.."

    ------------------------------------------------------------

    අවබෝධ කරගන්න දරන උත්සාහයෙදි කරන්නෙ කතන්දර හදන එක..
    අවබෝධය කියලා අහුවෙන්නෙ තමන් තමන්ටම දෙයක් අවබෝධ උනා කියලා කරන ස්වයං යෝජනාව..

    අවබෝධය කියන්නෙත් එක්තරා ආකාරයක දෘෂ්ටියක්..

    අදහස් කියන්න බලන්න...
     

    Attachments

    • Screenshot_20230516-115023~2.png
      Screenshot_20230516-115023~2.png
      222.3 KB · Views: 51
    • Like
    Reactions: Chimpanzee Putha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    අවබෝදය සාපේක්ෂයි. ලංකාවේ නම් අවබෝදය සංස්කෘතිය සහ සමාජයට ගැලපෙන විදියට අවබෝද කරගත්ත කියන එක හරි.