අවම දඩය 2500නම් උපරිම දඩය මෙන්න…
රථ වාහන සම්බන්ධයෙන් අවම දඩය රුපියල් 2500 දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව මුදල් ඇමති රවී කරුණානායක අයවැය කතාවේදී පැවසුවා. මෙය 2017 අයවැය යෝජනා අතුරින් වැඩියෙන්ම කතා බහ කෙරෙන මාතෘකාව වී ඇත. අවම දඩය 2500ක් වනවිට උපරිම දඩය රුපියල් කීයදැයි පොලිසියෙන් විමසූ විට උසස් පොලිස් නිලධාරියකු පැවසූවේ ඒ සම්බන්ධයෙන් පොලිසිය තවමත් දැනුවත් නොමැති බවය.
රථවාහන වැරැද්දක් සඳහා පොලිස් නිලධාරියකු විසින් නිකුත්කරනු ලබන දඩ පත්රිකාවක දැනට සඳහන් අවම දඩය රුපියල් 20කි. මෙම දඩය අයකරනු ලබන්නේ “ඉන්ධන ගැනීමේදී ගතයුතු ආරක්ෂක විධි“ සහ “පසුපසට පැදවීම“ යන වරදවලටය. අයවැය යෝජනා අනුව රුපියල් 2500ක් වන්නේ මෙම අවම දඩයන්ය.
රුපියල් 20 රුපියල් 2500ක් වනවිට එම දඩය වැඩිවන අගය වන්නේ 12500%කි. වත්මන් දඩ කොළයේ ඇති උපරිම දඩ මුදල වන්නේ රුපියල් 5000කි. ඒ “අවුරුදු 18ට අඩු අය රිය පැදවීම“ යන වරදටය. එම දඩ මුදල අවම දඩය වැඩිවන ප්රතිශතයෙන් වැඩිකළහොත් දැනට රුපියල් 5000 දඩය, ඉදිරියේදී රුපියල් 625000ක් වියයුතුය.
වැරදි වැඩිම ගණනකට නියමව ඇති දඩය වන රුපියල් 500 ට ඉදිරියේදී රුපියල් 62500ක් ගෙවන්නට වනු ඇත.
source - nethgossip