අවලෝකිතේශ්වර සහ අපි
මේ දවස්වල එක්තරා තැනැත්තෙක් නිසා අවලෝකිතේශ්වර බෝධිසත්වයො ලංකාව ඇතුලෙ ජනප්‍රියයි. මේ තැනැත්තා සමහරක් අයගේ ප්රසාදයටත් සමහරුන්ගේ අප්‍රසාදයටත් ලක් වෙලා තියෙනවා කියන එක ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය පරිශීලනයේ දී පෙනී යනවා. ඉතින් මේ ගැන කෙටියෙන් හෝ වචනයක් කථා කරන්න ඕනා කියලා හිතුනා.
ථෙරවාදය ඇතුලෙ බෝධිසත්ව වන්දනාව නැති බව අපි ඕන කෙනෙක් දන්නවා. ථෙරවාදය ඇතුලෙ තියෙන්නෙ බුදු, පසේබුදු සහ අර්හත් කියන පුද්ගල වන්දනාව. ඒකට හේතුවක් තියෙනවා. ඒක තමයි බෝධිසත්වයාට තමුන් බෝධිසත්වයා කියලා අඳුනගන්න බැරිකම. මෙනිසා ථෙරවාදය ඇතුලෙ බෝධිසත්ව වන්දනාව නැහැ. ඉතින් ථෙරවාදී සම්ප්රදාය පිළිගන්න කෙනෙක් බෝධිසත්ව වන්දනාව කරනවා කියන්නෙම සීලබ්බත පරාමාස සංයෝජනය වැඩි දියුණු කරන එක. ඒ කියන්නෙ මිථ්‍යා දෘෂ්ඨික අයෙක් කියන එක.
ථෙරවාදය ඇතුලෙ මෙහෙම වුනාට මහායානය ඇතුලෙදි බෝධිසත්ව වන්දනාව තියෙනවා. අවලෝකිතේශ්වර, මංජු ශ්‍රී විතරක් නෙමෙයි තව සෑහෙන්න බෝධිසත්වයො මහායානය තුළ ඉන්නවා. ඔවුන් වන්දනාවට පාත්‍ර වෙනවා. අනෙක් අතට මහායානය ඇතුලෙ ඉන්න බෝධිසත්වවරු (බෝධිසත්වවරියකුත් ඉන්නවා) තමුන් බෝධිසත්වයො බව දන්න කෙනෙක්. හැබැයි එතැනදි තියෙන ප්රශ්නය තමයි ඒ බෝධිසත්වයො පන්සිය පනස් ජාතකයෙදි අපිට හමුවන බෝධිසත්වයො වගේ එක් එක් ජාතිව උපදින්නෙ නැති එක.
මෙහෙම බැලුවම දැන් ඔය ලංකාවේ පහලවෙලා ඉන්න අවලෝකිතේශ්වරයැයි කියා ගන්නා තැනැත්තාට පුංචි පැටලැවීමක් වෙලා තියෙනවා තමුන් අවලෝකිතේශ්වරයැයි කියා ගැනීම නිසා. හැබැයි ගැටලුවක් නැහැ. අපේ රටේ ඉන්න මිනිස්සු නමට බෞද්ධ වුනාට මේ බෞද්ධ සම්ප්‍රදායන් ගැන නොදන්න නිසා ඔය පැටලැවීම් ගැන ගැටළුවක් නැහැ. අනෙක් අතට තමුන් මෛත්‍රී බෝධිසත්වයො කියලා නොකියා ඉන්න ඒ තැනැත්තා පරිස්සම් වෙලා තියෙනවා.
ඔබත් ථෙරවාදී සම්ප්රදායේ බෞද්ධයෙක් නම් මෙතනදි සිහි තබා ගත යුතු කරුණක් තමයි බුද්ධ කාලයේදිත් මෙවැන්නො සිටි බව. මීට වඩා ලොකු නැත්නම් ගැඹුරු දර්ශනයන් තිබ්බ ෂඩ් ශාස්තෘවරුන් ඒ කාලෙ හිටියා. හැබැයි ඒ කිසි කෙනෙක් නිසා බුදුරජාණන්වහන්සේ තරහක් ඇති කර ගත්තෙ නැහැ. බුදුරජාණන්වහන්සේගේ ශ්රාවකයොත් තරහ ඇති කරගත්තෙ නැහැ. මේ වගේ අය දිහා උපේක්ෂාවෙන් බලලා අනේ මෙහෙමත් මිනිස්සු කියලා හිතෙන් හිනාවෙලා අතෑරලා දාන එක තමයි සරලවම ථෙරවාදී සම්ප්රදාය අනුගමනය කරන අය කරන්නෙ. මේ වගේ මිනිස්සු දිහා බලන් තමුන්ගේ ද්වේශය, මෝහය වැඩි දියුණු කරගන්න දේවල් ථෙරවාදී සම්ප්රදාය අනුගමනය කරන මිනිස්සු කරන්නෙ නැහැ. අන්න ඒක ථෙරවාදී සම්ප්රදාය අනුගමනය කරන්නන් තුළ තිබෙන දෙයක්.
අනෙක් අතට ඔබ මහායාන සම්ප්රදාය අනුගමනය කරන්නෙක් නම් ඒත් හිතලා බලන්න මහායාන බෝධිසත්වවරු කී සැරයක් අපි අතරෙ උපදිනවා ද කියලා. එතකොට මහායාන සම්ප්රදාය අනුගමනය කරන ඔබටත් මෙවැනි තැනැත්තන් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි.
ඉතින් මේ හැමදේම සැලකිල්ලට අරන් තමුන්ගේ අලෝභ, අද්වේශ සහ අමෝහ සිතුවිලි පවත්වාගෙන යෑමට පමණක් උත්සාහ දැරීම හැමෝටම වැදගත් වේවි.