අවසන් ගමනේදි

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කන පෑලෙන්නට ගසා සිටි මිතුරන් දෙදෙනා අවසන් ගෞරව දක්වනුවස් මගේ මළමිණියට එබෙත්ම එකෙකුගේ උඩ සාක්කුවේ රඳවා සිටි nokia 3310 දුරකථනය හෙමින් රූට්ටා මිණී පෙට්ටියට වෑටුනේය. ඒ ගෑන වගක් නෑති ඔවුහු "අපරාදෙ සෙට් වෙන්ඩ හිටපු රත්තරං කකුලක් නෑතිඋනා " යෑයි පවසමින් වෑනි වෑනී මිදුලේ බූරු පලේ වාඩි විය.
    කාලය පෑමිනියේය, අවසන් ස්තූති කතාව කිසිදිනක මා දෑක හෝ දෑන නොසිටි මංත්‍රීවරයා විසින් පවත්වනුවස් , ඔහු කියනුයේ මාගේ වියෝව ගමට දරාගත නොහෑකි පාඩුවක් සේම මා ගමට මෙතෙක් කල අමරණීය සේවය කිසිදිනක අමතක කල නොහෑකි බවකි. ඌ එසේ කීවද ,මා අහල පහල එකෙකුගේ පොල්ගෙඩියකුද කිසිදිනක අහුලාදීමට ගොස් නෑති අතර වෙන එකෙකුට වතුර උගුරක් දුන් බවක්ද මගේ මතකයේ නෑත.
    "ඈයි මගෙ සුදු අයියේ
    අපිව දාල යන්නේ "
    කියමින් මිණිය පසුපසින් එන සමහරෙක් ඉඳ හිට Selfie ගෑනීමටද එක ක්ෂනයකින් upload Fecebook ගත කිරීමටද වගබලාගත් අතර ජීවත්ව සිටින කාලයේ මා පෙන්වන්නට බෑරිව උන වයසක පහේ නෑදෑ කාන්තාවන් කෑ ගසා හඬන්නටද හඬමින් හොටු සූරන්නටද නෑවත එවා ඔසවාගෙන යන පෙට්ටියේ කාටත් නොදෑනෙනසේ පිහදමන්නටද විය.
    අවමඟුල් පෙරහෑටට ඉදිරියෙන් අඩි දහයෙන් දහයට නාද කරන්නට අන කරමින් කොළුවෙකුට දී තිබූ සීනුව ඌ සාක්කුවේ ඔබාගෙන සිටි අතර දුරකථනයක් අතට ගෙන ගේම් රික්වෙස්ට් යවන අතරවාරයේ ඉඩක් ලද වහාම සීනූව හෑඬවීමටත් මිණිය පරක්කුවෙන අතරවාරයේ කඩපිලක හිඳ ගේම් එකක් play කිරීමටත් උත්සුක වූහ. අති විශාල ජනගංගාවක් අවමඟුල් පෙරහෑරේ ගමන් කරන අතර වෑඩි දෙනෙක් කතා වූයේ මෛත්‍රීගේ ජර්මන් ගමනෙන් ලෑබෙන ප්‍රථිලාභ සහ අභයාරාමයේ දේශපාලන කටයුතු තහනම් කිරීමට ඈති හෑකියාව සම්භන්ධයෙන් වීම කෑපී පෙනුනෙකි.
    මිණියට කර ගෑසූ වම්පෑත්තේ හතරදෙනා , මූ මොන ජරාවක් කාල මෙච්චර බර වෙලාද මන්ද? යි සෙමින් පවසනුවස් දකුණුපස හතරදෙනාගේ අදහස වූයේ මහළු මඩම් හෝ ලමා නිවාසවලට දානය නොදී අවමඟුලට සහභාගී වූ සියලුම දෙනාට හත්දොහේ සහ තුන් මහේ දානය දීමෙන් මගේ ආත්මයට නිවන් යාහෑකි බවකි.
    ඉන් අනතුරුව වලට දෑමූ පෙට්ටිය දෑමූ වේගයට ගසා තිබූ කම්බි ඈන මගේ සිරුර පසා කරගෙන බහින්නට වූ අතර වික්ෂෝප වූ සියලු දෙනා වල වහන්නටද පෙර කනත්තෙන් නික්මී යනු දෑක වල වසාදමන්නට පෑමිනි කම්කරුවන් දෙදෙනා , දෑන් ඉතිං වෑඩේ ඉවරයි සල්ලි ගන්ඩ පස්සපාරෙ යන්ඩයි වෙන්නෙ' යයි හීන් හඬින් මුමුනන්නට විය.
    රාත්‍රිය උදා විය කළුවර කෙමෙන් ලඟා විය. හදිසියේම මගේ පිටට යටවී තිබූ දුරකථනය නාදවන්නට විය. මිතුරාගේ ringtones හොඳින් හඳුනන මම මේ ඈමතුම ඔහුගේ බිරිඳගෙන්ම බව පසක්වී පස්වනක් ප්‍රීතියෙන් පිනාගියද ඒ වනවිටත් මිණී කපන්නා මගේ අත් දෙක එක්කර කම්බියකින් බෑඳ අත්මේස් දෙකක් හිරකර මෑරී ගියපසු හෝ කාන්තාවක් සමඟ හොර රහසේ Chat කිරීමට තිබූ අවසන් අවස්ථාවද මගෙන් උදුරාගෙන තිබුනි.............


    ~CHATHULA PRIYANTHA~
     
    • Like
    Reactions: Ashman and richlife

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Nokia-3310.jpg