අවසන් මොහොතෙදි

thilinasb

Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ඉස්කෝලේ අන්තිම දවස හිතෙදිත් මාරම දුකයි. කොල්ලෝ ටික කෙල්ලෝ ටික අයෙ හම්බෙන්නේ නැ නේද කියල මතක් වෙද්දී.. ඔය හැඟීම ගොඩක් දන්නෙන්නේ mix ඉස්කෝලෙකට ගියපු එඋන්ට තමා ඉතින්...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕව මතක් කරල ගත්තොත් පිටු දෙක තුනක් කියන්න තරම් දේවල් මතකේ තියේ බං.... :)

    මං ඉස්කෝලෙන් අවුට් වෙලත් අවුරුද්දු දෙකක් විතර යනකම් එක එක බොරු ජාති කිය කිය ඉස්කෝලෙට ආව ගියා, අර සහතිකේ ගන්නයි, ප්‍රොජෙක්ට් එක ඉල්ලන්නයි, පරණ ෆයිල් හොයන්නයි කිය කියා:lol::lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම්... කොච්චර උනත් පාසල් කාලේ නම් කවදාවත් අමතක වෙන්නේ නෑ... කරපු සමහර දේවල් මට මෙතන ලියන්නත් බෑ.. ලොල්...

    සක්යා එකේ කැන්ටින් එකේ ප්‍රේස්ට්‍රී එක තමා මම ජීවිතේට කාපු රසම ප්‍රේස්ට්‍රී එක... මම කියන්නේ 2003 කාලේ...

    සාමාන්‍යය පෙළ කාළේ මහරගම දයියගේ විද්‍යාව පංතියේ අන්තිම දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ... මගේ පළවෙනි ආදරේ කියා ගන්න බැරුව එදාම ඉවරුණා... ගොඩක් දුක හිතුන දවසක්....

    අවුරුදු 3ක් නුගේගොඩ හංදියේ ගෙවුන ජීවිතේ.. හ්ම්ම්ම්..... තාමත් සව්සිරිය ලඟින් යද්දි ඔතන හිටපු විදිය මතක් වෙනවා කොල්ලෝ ගැන්ග් එකත් එක්ක...