අවසන්_රයිනෝ_මියයයි
ලොව අවසන් උතුරුදිග සුදු රයිනෝ ''සුඩෑන් '' මියයයි
ඉතා අසාධ්‍ය ලෙස රෝගාතුරුව සිටි ලොව අවසන් උතුරුදිග සුදු රයිනෝ අද අවසන් ගමන් ගියේය. ඒ අනාගත ලෝකයට නැවතත් සජීවී සුදු රයිනෝ වෙක් දැක ගන්නට ඇති වාසනාව බොහෝ විට අහිමි කරමිනි. ඉතිරිව ඇත්තේ තවත් ගැහැණු සතුන් දෙදෙනෙක් පමණි ඒ සුඩෑන්ගේ දියණිය නීර්ජා සහ මිණිපිරිය ෆටූ ය.
45 හැවිරිදි සුඩාන් මිය යන මොහෝත වන තුරුම කෙන්යාවේ ජීවත් වූ අතර මිය යන තුරුම ඔහුව දැඩි හමුදා ආරක්ෂාවක් ලබා දී තිබුණී. ඒ රයිනෝ දඩයම් කරුවන්ගෙන් ඔහුව ගලවා ගැනීම සඳහාය. වර්ගයා බිහිකිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මට්ටමක් නොවූ සුඩෑන් පසුගිය වසරේ ලෝක ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුට ''ලොව පියෙකු වීමට සුදුසුම තනිකඩයා'' (Most Eligible Bachelor) යන විරුදාවලිය ඔහුට හිමිවීමත් සමගිනි.
යෝධ ශරීරයක් තිබුණද සුඩාන් ඉතා මෘදු සහ ආදරණීය ගති ගුණවලින් අනූනයෙක් විය. දකින්නන් බිය ගන්වන ශරීරයක් තිබුණද ඔහු සැබවින්ම මෘදු යොධයෙක් බව සත්ත්ව විද්‍යාඥයින් පවසයි. ඔහුගේ අවසන් කාලයේ දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ සිටි සුඩෑන් ඉතා අධිකව වේදනා විඳී නිසා ඔහුට අනායාස මරණයක් (ඉයුතන්සියා) ලබා දෙන්නට වෛද්‍යවරු තීරණය කර තිබුණී.
සුඩෑන්ගේ මරණයෙන් පසුව එම උප විශේෂයෙන් මේ ලෝකයටම ඉතිරි වී සිටින්නේ ගැහැනු සතුන් දෙදෙනක් පමණි. ඒ දෙදෙනා යනු වෙනත් කිසිවෙක් නොව සුඩෑන්ගේ ම දියණිය සහ මිනිබිරියයි. නාජින් සහ ෆාටු යනු ඒ දෙදෙනාගේ නම් ය.
නමුත් පිරිමි සතෙක් නොමැතිව සුඩෑන්ගේ පරම්පරාව ඉදිරියට ගෙන යන්නේ කෙසේද? මේ වන විට ත් මිය ගිය සුඩෑන්ගේ ජාන සාම්පල විද්‍යාඥයන් විසින් එක්රැස්කරගෙන තිබේ. ඉදිරියේදී තාක්ෂණික ක්‍රම යොදාගෙන කෘතිම සිංචනය මගින් සුඩෑන්ගේ දරුවන් බිහි කරගැනීමේ එකම බලාපොරොත්තුව පමණක් විද්‍යාඥයන්ට දැන් ඉතිරිව ඇත.
රයිනෝවන් දඩයම් කිරීම සීග්‍රයෙන් ඉහළ යෑමට සාපේක්ෂව උතුරු දිග සුදු රයිනෝ වන් සීග්‍රයෙන් ලෝකයෙන් තුරන් වෙමින් පැවතිණි.
උතුරු දිග කළු රයිනෝවන් මීට වසර හතකට පෙර ලෝකයෙන් තුරන්ව ගියහ. ඊට වගකිව යුත්තෝද අන් කවරකුත් නොව දඩයම්කරුවන්ය. රයිනෝ අං ලබා ගැනීමට දඩයම්කරුවන් විසින් ඔවුන්ව මරා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ ඉතිරිව ඇති අනෙක් රයිනෝ විශේෂ 5 ද නොබෝ කලකින් ලෝකයෙන් තුරන්ව යනු ඇති බව විශේෂඥයින්ගේ මතයයි.
සුඩෑන්ගේ මරණය ලෝකයට පාඩමක් උගන්වා ඇත. ඒ රයිනෝ දඩයමට එරෙහිව හැකි සෑම පියවරක්ම නොපමාව ගැනීමට ලෝකය උත්සුක විය යුතු බවයි.
සලකන අයට සහ Bump , Comment කරන අයට 20+ ගානේ දෙනවා....