අවසාන තරඟයේ නොසැමරූ වීරයාගේ කතාව
සිදු වූ දෙයෙහි යම් අමුත්කත් ඇති බව සිතූ එක ම පුද්ගලයා පා විනිසුරු ධර්මසේන පමණක් විය හැකි ය. විටෙක ජෝස් බට්ලර් උඩපන්දුව ගැනීම සැමරූ ආකාරයෙහි ඔහු අමුත්කත් දුටුවේ ය. ඊටත් අමතර ව, තමා රැඳි සිටි ස්ථානය ධර්මසේනට පිරිනැමුයේ විනිසුරු ටකර්ට වඩා හොඳ දසුනකි. ධර්මසේනට යමක් ඒත්තු ගන්වලසුළු නොවී ය.
ධර්මසේන විනිසුරු ටකර් අසලට ගියේ ය. උඩපන්දුව නිවැරදි දැයි ඔහුගෙන් අසා සිටියේ ය.ටකර් කීවේ තමාට ඒ ගැන සැකයක් නැති බව ය. ඒ මොහොතේ ධර්මසේන කාරණය අතහැර ඉවත යනු ඇත. තව බොහෝ වෙලා යනු තුරු උඩපන්දුවේ නිවැරදි බව පරීක්ෂා නොකෙරෙනු ඇත.
කෙසේ වෙතත්, බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ වාසනාවට, උඩපංදුව නැවත පරීක්ෂා කළ යුතු බව ධර්මසේන අවධාරණය කරන්නේ ය. පිටි විනිසුරුවරු දෙදෙන සාකච්ඡා කරන විට සිද්ධියට ඇතුල් වන්නේ තුන්වැනි විනිසුරු ඉරාස්මුස් ය. ඔහු ද ටකර්ගෙන් විමසූයේ උඩපංදුව ගැන නිසැක ද යන්න ය. මේ මොහොතේ ටකර් රූපවාහිනි සහාය පැතුවේ ය. පිටියේ හතරේ සීමාවේ රැඳී සිටින ලෙස කියා සිටි සැමුවෙල්ස් දැවැන්ත තිරය මත දිග හැරෙන තම ඉරණම දෙස නෙත් අයා සිටිනු පෙනුණි.
සමූහ නිහඬ බවත් පිටිය පුරා ඇසෙන තරම් විය. බට්ලර්ගේ අත්ලට ලඟා වීමට පෙර පන්දුව බිම වැදී ඉපිලෙන බව රූපරාමු මත පැහැදිළි ව දිස් වුණේ ය. සැමුවෙල්ස් යළිත් නොදැවුණු ක්රීඩකයෙක් විය.
විස්සයි විස්ස අවසාන තරඟයේ නොසැමරූ වීරයාගේ කතාව