උදේට චූන් පාන් මොනවා හරි කාලා දවල්ටයි රෑටයි එක පාර උයාගන්න තමා බැලුවේ. දැන් උදේට ඕට්ස් කන්නත් බෑනේ. එව්වා ගෙන්නන එකටත් කෙලියනේ සෑර්..උදේටයි දවල්ටයි එකපාර උයපන්. රයිස් කුකර් එකේ. දවල්ට කද්දී පොඩ්ඩක් Warm කරලා ගන්න. කරි දෙකක් දවල්ට හදපන්. උදේට හොද පොල් සම්බෝලයක් කොටා ගනින් ගම්මිරිස් ඇට දෙක තුනක් සුදු ලූණු බිකක් දාලා. ඕකටම කරෝල කෑල්ලක්, බිත්තරයක් එකතු කරගනින්. රෑට සුප් 1කක්. තම්බපු එලවළු ටිකක් මස්ටිකක් වගේ දෙයක් කාපන්. උයන එක ෆන් එකක් කරගනින්. පොල් සම්බෝල කියන්නේ පට්ට ගුණ කෑමක්ලු බන්.
ඔච්චර කරවල මොකටද යකෝ.. අනික මෙහෙ වැව් නෑ. ද ලංකාවට ඕට්ස් ගෙන්නන්නෙත් නෑනේ බන්.නුඩ්ල්ස් නම් පට්ටම කැමති කෑමක් මම.වැව් කරවල ටිකක්, නෝමල් කරවල ටිකක්, බිත්තර ටිකක්, බේකන් ටිකක් ගෙනත් තියාගණින්. බොම්බිලි කරවල එහෙම පට්ට හැබැයි උඹ ගෙදර ඉන්නවානම් විතරයි. පළතුරු ටිකක් ගෙනෙන් රෑට කන්න. Freelance කරද්දි පාන්දරට පට්ට බඩගින්නක් එන්නේ ඒ වෙලාවට කන්න. ඕට්ස්, සුපෝෂ වගේ දෙයක් ගෙනත් තියාගනින්. උයන්න කම් මැලී නම් මාරි බිස්කට් ටිකක් කිරි 1කකට දාලා කාපන් නූඩ්ල්ස් වගේ දේවල් ලේසී
Ai uba unge bojan epa qwada?
ඇයි අල්ලපු ගෙදරින් කෑම නැවැත්තුවේ ?![]()
Sudu Bath
Ala thel daala
Pol sambola
Karawala kallak badala
Mmmmmmmmmmmm
Ida hita Paan kaapan.
Mokada allapu gedarin kaama denna ba kiwwada
අල්ලපු ගෙදරින් ආය කෑම දෙන්නෑ කිව්වද?නැත්තං උබ ආය කෑම දෙන්න එපා කිව්වද?@Heshan Daminda අල්ලපු ගෙදරින් කෑම නැවැත්තුවෙ ඇයි මිතුර
mokakda ban une?
uba kama epa kiwwada
දැන් මාස තුනක් කෑම ගත්තා මදැයි බන්. අක්කා යද්දී කියල ගියේ දැන් උයාගනියි බඩුත් ගෙනල්ල තියෙන්නේ කියල. එහෙනුත් කිව්වා දැන් එහෙනම් බඩුත් තියෙනවනේ කියල.
අනික තාත්තගේ තුන්මාසේ දානේ දෙන්න පන්සලට ගිය වෙලේ හාමුදුරුවෝ කුප්ප වැඩක් කළා. කලින් දවසක හාමුදුරුවන්ට දානෙට ආරාධනා කරන්න ගිය වෙලේ මගෙන් ඇහුවා දැන් කවුද ගෙදර ඉන්නේ කියල. මම කිව්වා මම විටහ්රයි කියල. තව ඇහුව එතකොට කන්නේ බොන්නේ කොහොමද කියල. මම කිව්වා එහා ගෙදරින් දෙනවා කියල. එහා ගෙදර මිනිස්සුන්වත් හාමුදුරුවෝ අඳුරනවා.
පස්සේ දානේ දීලා පින් දෙද්දී හාමුදුරුවෝ කියන්න ගත්තනේ දැන් මේ දරුවාව බලාගන්නෙත් මේ මහත්තයා විවාහයක් කරගෙනත් නෑ තාම රස්සාවකුත් නෑ කියල. ඒ මදිවට ඒ අන්කල් ඉස්සරහම. එයාවත් එක්කන් ගියේ දානේ දෙන්න. තව දානයක් අරගෙන ඇවිල්ලා හිටියා තව කට්ටියක්. ඒ මිනිස්සුන්වත් අඳුරනවා ඒ අන්කල්. ස සේරම ඉස්සරහ අරහෙම කතාවක් කියන්න ඕන නෑනේ හාමුදුරුවෝ. වයසත් එක්ක මොලේ කුරුවල් වෙලාද කොහෙද.
කොහොමත් ඉතින් දැන් එහෙන් කෑවා මදැයි. ඉවරයක් තියෙන්නත් එපැයි කවද හරි.


