සතර දිගින් ශ්‍රී පාදයට .....

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,256
    3,794
    113
    තව සඳහන් වෙන්න ඕනෙ දෙහෙනකන්ද - මුක්කුවත්ත පාර. මේක මට මතක විදිහට රත්නපුර පාරෙ ඇහැලකනුව ගාවට සම්බන්ධ වෙනවා. ඒකත් එක්ක සිරිපාදයට මාර්ග හයක් වෙනවා.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,449
    1,933
    113
    W5pM6rf.jpg



    ශ්‍රී පාද වන්දනාව යනු බෞද්ධ බැතිමතුන්ගේ මූලික වන්දනාවකි. මීටර් 2000කට ආසන්න උසින් යුතු ශ්‍රී පාද පද්මයට එල්ල වන ප්‍රධානතම මාර්ග දෙකකි. ඒවානම් හැටන් පාර සහ රත්නපුර පාරය. මෙයින් බෙදී යන තවත් පාරවල් කිහිපයක්ම තිබේ.


    1. හැටන් පාර​

    dX9yN8w.jpg

    Source – amila chathuranga

    වැඩිම පිරිසක් සිරිපා කරුණා කරන හැටන් පාර වනාහී 1900 ගණන් තරම් මෑතදී හඳුනා ගත් මාර්ගයකි. එහි ගමන වඩාත් පහසුය. අද වනවිට මාර්ගයේ පහල සිට ඉහල පද්මය දක්වාම මාර්ගය හොදින් තනා පඩිපෙල් අත් වැල් ඉදිකර තිබේ. රත්නපුර මාර්ගයට වඩා අඩු කාලයකින් නල්ලතන්නියේ සිට හැටන් හරහා සිරිපා කරුණා කළ හැකිය.

    හැටන් වලට දුම්රියෙන් මෙන්ම බසයෙන්ද ලඟාවිය හැකිය. හැටන් සිට නල්ලතන්නියට සිරිපා සමයේ බස් සේවාවන් ක්‍රියාත්මක වේ. දීර්ඝ නිවාඩු වල වාහන වලින් යන්නේ නම් නල්ලතන්නියේ වාහන නවතා තැබීම මහත් ගැටළුවකි. එවිට බොහෝ මෙහා මාර්ගයේ තැනක වාහන නවතා පයිංම යා යුතු වේ.

    නල්ලතන්නිය ප්‍රමුඛතම මාර්ගය වන හෙයින් එහි දෙපස වෙළදසැල් රැසක් පිහිටා තිබේ. ඒවායෙන් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තේ වතුර බෙලිමල් ආදිය ලබාගෙන ඒවා කමින් බොමින් විවේකයෙන් වන්දනා කිරිමේ හැකියාව බැතිමතුන්ට හැටන් මාර්ගයේදී උදා වේ.




    2. රත්නපුර පාර​

    bep6N85.jpg

    Source – amila chathuranga

    රජ මාවත ලෙසද සැලකෙන මෙය සිරිපාදයට යෑම පිණිස පැරැන්නෝ භාවිතා කළ මාර්ගය වේ. නියම රජ මාවත අද පිහිටි පලාතෙන්ම මීට සියවස් ගණනාවකට පෙර අපේ රජදරුවන් සිරිපා කරුණා කරන්නට ඇත. එකල අද මෙන් නල්ලතන්නියට හැටන් සිට හරව හරවා යන්නට බස් හෝ වාහන තිබුණේ නැත. එබැවින් පයින්ම විත් රත්නපුරයෙන් සිරිපා නැගිමට පටන් ගැනීම එකල පැරන්නන්ට වාසිදායක කරුණක් වන්නට ඇත.

    සිරිපා බිමේ හමුවන මතක සටහන් වන ලිහිණි හෙල, ඇහැල කණුව, හැරමිටිපාන, ඉඳිකටුපාන, සීත ගඟුල ආදී ස්ථාන වල නියම ඔරිජිනල් ඒවා ඇත්තේ රත්නපුර පාරේය. රත්නපුර පාර හැටන් පාරට වඩා කොළ පැහැයෙන් යුක්තය. එය හැටන් මාර්ගයට වඩා දෙගුණයකටත් වඩා දුර වන අතර නැගීමට අඩුම වශයෙන් පැය 10ක් වත් සාමාන්‍ය අයෙකුට ගත වේ. හැටන් පාරට සාපේක්ෂව සොබා සෞන්දර්යයෙන් ගහන රත්නපුර පාර එතරම්ම ජනයා නොයන මාර්ගයක් වන හෙයින් හැටන් පාරේ තරම් ගාලගෝට්ටියක් නොමැත. රත්නපුරයට ගොස් එතැනින් සිරි පලාබද්දලට ගොස් රත්නපුරා පාරෙන් සිරිපා කරුණාව ආරම්භ කළ යුතු වේ.





    3. මරේ වත්ත පාර​

    VAXTrV4.jpg

    Source – blogger.com



    වර්තමානයේ උත්සව ආදිය පැවැත්වෙන විට සිරිපාදේ ලොකු ස්වාමින් වහන්සේ ඉහලට නගින පහසු මග මරේ වත්ත හරහා වැටී තිබේ. එය හැටන් පාරේ ඉහළ තැනකට සම්බන්ධ වේ. හැටන් නල්ලතන්නි පාරේ සමනලවැව ජලාශය ද පසුකල විට හමුවන මරේ වත්ත තුලින් කිලෝමීටර 10ක් පමණ ගොස් එතැනින් ෆිෂින් හට් නැමැති කදිම නවාතැන් පොල හමුවන ස්ථානය ආසන්නයෙන් ඉහලට මරේ වත්ත හරහා සිරිපා මග පිහිටා තිබේ. ඇතැම් අය කලින්ම ෆිෂින් හට් බුක් කරගෙන ඉන් පසුව නිවිහැනහිල්ලේ සිරිපා කරුණාවද සිදුකරනු ලැබේ. එහෙත් සිරිපා සමයට ෆිෂින් හට් බුක් කරගැනිම අපහසු කාර්යයකි.

    මෙය පහසුම මගක් වන අතර පෑ දෙකකටත් අඩු කාලයකින් සාමාන්‍ය අයෙකුට උඩ මළුවට ලගාවීමට හැකිය.




    4. දැරණියගල උඩමාලිබොඩ මාර්ගය​

    Mt6hPAx.jpg

    Source – amila chathuranga


    දැරණියගල උඩමාලිබොඩ මාර්ගයෙන් සිරිපා කරුණා කරන්නේ නම් පලමුව දැරණියගලට යා යුතුය. එතැනින් බස් රියේ නම් උඩමාලිබොඩ බසයක් අල්වාගත හැකිය. බස්රියෙන් ගොස් අවසානයේ තවත් ත්‍රීවිලර් රථයකින්ද උඩමාලිබොඩ සිරිපා මග තෙක් යායුතුය. බස්රිය නවත්වන්නේ උඩමාලිබොඩ තේ ෆැක්ටරිය ආසන්නයේය. එතැනින් ත්‍රීවිලර රථයක කිලෝමීටර 3-4ක් ගෙවා සිරිපා මග තිබෙන තැනට පිවිසිය හැකිය.

    උඩමාලිබොඩ සිරිපා ගමනේදී ගමනෙන් හතරෙන් තුනක්ම හමු වන්නේ මහා වනයයි. සිරිපා ඉමේ වනය මැදින් ඇදෙන ගමන තරමක් බයංකර වන්නේ මනුෂ්‍ය පුළුටක් පේන්න නොමැති මහා වනය මැදින් ගමන් කිරීමට සිදුවීම නිසාය. දොලපාරවල් කිහිපයක්ම හරහා යා යුතු එම ගමන වැසිකලකදී නම් ගමන අපහසුය. වැසි නොමැති වුවද දොලපාරවල් අසල කූඩැල්ලන්ගේ ප්‍රහාර වලින් ගැලවීමක් නොමැති බැවින් කූඩැල්ලන් එලවීමට යම් බෙහෙතක් රැගෙන යෑම මනාය.

    මෙම හරහා සිරිපා ගමන අඩුම වශයෙන් පෑ 12ක් වත් වැය වෙන දීර්ඝතර ගමනකි. මේ මග සම්බන්ධ වන්නේ කුරුවිට එරත්න මාර්ගයේ මැද හරියකට වේ. එතැනින් ඉහලට නැගගොස් රත්නපුර මාර්ගයට සම්බන්ධ වේ. මේ දැරණියගල උඩමාලිබොඩ මාර්ගයෙන් යෑමේදී පාන්දරම උඩමාලිබොඩින් පටන් ගැනීම සිදු නොකළහොත් ගමන අපහසුය. කළුවර වැටෙන්නට මත්තෙන් මහා වනයෙන් එලියට යන්නට නොහැකි වුවොත් අනෙක් මාර්ග වල මෙන් නිවැරදි ව සලකුණු කරන ලද සටහන් මෙම පාරේ නැත. එබැවින් වනයට ඇතුළුවීමට උදෑසන කාලය තෝරාගැනීමත් මාර්ගය දන්නා අයෙකු සම්බන්ධ කරගැනීමත් කළ හැකිනම් මනාය.




    Source
    Lifie blog
    Thanks bro. ❤️❤️❤️
     
    • Love
    Reactions: NRTG

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,449
    1,933
    113
    සුපිරි...👍👍

    එක පාරයි තාම ගිහින් තියෙන්නෙ... ඒකත් හැටන් පාරෙන්..
    යන්න ඕනෙ රත්නපුර පැත්තෙන් දවසක..
    Math emamai
     
    • Love
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    7,238
    1
    23,166
    113
    මට නම් කුරුවිට පාර තමයි ලස්සනම. ඒ පාරෙ ඉහලට කරුණා කරන්න ටිකක් දුෂ්කර නිසා හොඳම දේ තමයි හැටන් පාරෙන් ඉහලට කරුණා කරලා කුරුවිට එරත්න පාරෙන් පහළට කරුණා කරන එක. කුරුවිට පාර තියෙන්නෙ සිරිපාද කැලේ මැදින්, කඳුහෙල් අතරින් නිසා මාර ලස්සන තැන් බලාගන්න පුලුවන්. මතක ඇතුව camera එකක් ගෙනියන්න
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,844
    193,234
    113
    Colombo, Sri Lanka
    මට නම් කුරුවිට පාර තමයි ලස්සනම. ඒ පාරෙ ඉහලට කරුණා කරන්න ටිකක් දුෂ්කර නිසා හොඳම දේ තමයි හැටන් පාරෙන් ඉහලට කරුණා කරලා කුරුවිට එරත්න පාරෙන් පහළට කරුණා කරන එක. කුරුවිට පාර තියෙන්නෙ සිරිපාද කැලේ මැදින්, කඳුහෙල් අතරින් නිසා මාර ලස්සන තැන් බලාගන්න පුලුවන්. මතක ඇතුව camera එකක් ගෙනියන්න
    ඔව් මේක නම් ඇත්ත. උදේම්ම ගියාම ලස්සන පරිසරයක් බලාගන්න පුළුවන්.... :love2: 👌
     
    • Love
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,949
    86,763
    113
    සුපිරි...👍👍

    එක පාරයි තාම ගිහින් තියෙන්නෙ... ඒකත් හැටන් පාරෙන්..
    යන්න ඕනෙ රත්නපුර පැත්තෙන් දවසක..
    යන්න පට්ට. කුරුවිට පැත්තත් හොදයි. නිදහසේ යන්න පුලුවන්.

    කලින් පොලීසියෙන් අවසරයක් අරන් යන්න පුළුවන් නේද
    ඊගාව මාසෙ යන්න ඉන්නෙ ගිහින් ඇවිත් කියන්නන්
    ------ Post added on Jul 23, 2023 at 10:41 AM

    dan awareta yanna denne na neda? Giya awrudde wechcha seen wagayak nisa dan thahanam man hithanne...
    ඊගාව මාසෙ යන්න ඉන්නෙ ගිහින් ඇවිත් කියන්නන්

    ------ Post added on Jul 23, 2023 at 10:42 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,587
    79,480
    113
    ආශ්චර්යමත් රටක
    රත්නපුර පාරෙන්, හැටන් පාරෙන් දෙකෙන් විතරක් ගිහින් තියෙනවා. මාසයක් ඇතුළත දෙකම ගියේ.

    අනිත පාරවල් වලිනුත් යන්න ආසයි. ඒ උනාට යන්න වෙන එකක් නෑ.
     
    • Love
    Reactions: NRTG